Tiktok යනු සමාජ මාධ්‍ය යෙදවුමකි. අන්තර්ජාලය හරහා භාවිතා වන යෙදවුමකි. Tiktok යෙදවුම හරහා කෙටි වීඩියෝ නිර්මාණය කළ හැකිය. Tiktok යෙදවුමෙන් මූලිකවම කරන්නේ කෙටි වීඩියෝ පටිගත කර එවෙලෙහිම ප්‍රචලිත කිරීමට අවස්තා සැපයීමයි. Tiktok යෙදවුම තරුණ පරම්පරාවට බලපෑම් කළ හැකි ප්‍රසිද්දියක් සහ තරුණ පරම්පරා ආකර්ෂණයක් (high levels of youth engagement) ලබා ඇත.

Tiktok යෙදවුමට අන්තර්ජාල ඇබ්බැහිවීමේ (addictive quality) ලක්ෂණ ඇත. තරුණ පරම්පරා මේවාට ඇබ්බැහි වී ඇත්තේ Tiktok වල ඇති මෙම ගුණාංග නිසාය.
Tik tok නිර්මාණ කරුවන්ට කෙටි වීඩියෝ වලට පෙරහන් (Filters) දෘශ්‍ය බලපෑම (effects), පසුතල සංගීත (background music) සහ stickers ද යොදා තමන්ගේ නිර්මාණය ආකර්ෂණීයව පටිගත කිරීමට හැකියාව ලබා දී ඇත.
Tikටොක් ලෝකයේ සියලුම වෙළඳ පොළවල් ආකර්ෂණය කර ඇත.
Tiktok යෙදවුම 2016 වර්ෂයේ චීන තොරතුරු තාක්ෂණ සමාගමක් වන Byte Dance නම් වූ අන්තර්ජාතික නමින් සහ Douyin නම් වූ චීන නමින් වූ සමාගම හරහා පිහිටුවා ඇත.
Tiktok යනු ගෝලීය වෙළඳ සන්නාමයකි (Global brand) .මෙම සමාගමේ ශාඛා Shanghai, Singapore, Tokyo, Los Angeles, Beijing, Moscow, Mumbai, Seoul, Berlin, Jakarta සහ London යන නගර වල පවත්වාගෙන යති.
එම වීඩීයෝ දර්ශන Tiktok භාවිතා කරන්නන් විසින්ම බුක්ති ( consume) විදිති.
එක් පුද්ගලයකු සාමාන්‍යයෙන් දිනකට මිනිත්තු 45ක් පමණ Tik tok වීඩියෝ නරඹන් බව සැලකේ. Tiktok භාවිතා කරන පුද්ගලයින් හතර දෙනෙකු ගෙන් එක් අයකු අවුරුදු විස්සට අඩුය. Tiktokers ලාගෙන් බහුතරයක් Instagram භාවිතා කරන අයවේ.
Tiktok භාවිතා කරන්නන්ගෙන් 40% ක්ම වයස අවුරුදු 14 – 24 දක්වා වයස් ඛාන්ඩ වල අය වේ.
Tiktok භාවිතා කරන අය අතර 53.4% ක් කාන්තවන් වේ.
TikTok භාවිතා කරන ජනගහනය වැඩියෙන්ම සිටින්නේ ඇමරිකා එක්සත් ජනරජයේය.
Tiktok මගින් බොහෝ සේවා සපයා ගත හැකි බව සොයා ගෙන ඇත. Tiktok අන්තර් ජාලයෙන් භාවිතා වන සේවාවකි. සමාජ මාධ්‍ය තුළ නැතිවම බැරි ආම්පන්නයකි. Tiktok තුළින් digital උප සංසංස්කෘතියක් නිර්මාණය වී ඇත. Tiktok උප සංසංස්කෘතිය තුළ සමාන අදහස් ඇති අයව එක් රැස් කරති. ඔවුන් කරන්නාවූ නිර්මාණ නිසා විවිධ වූ අදහස් ඇත්තන් Tiktok යෙදවුම හරහා ඒකරාශි වේ. මේ අය ජීවත්වන්නේ අන්තර්ජාල සමාජයක (Cyber space community) පිහිටුවාගත් උප සංසංස්කෘතිකය. Tiktok උප සංසංස්කෘතිය තුළ hash tags, jokes, සහ trends ද නිර්මාණය වේ. ශ්‍රී ලංකාව ඇතුලුව ලෝකයේ විවිද ආයතන Tiktok නැටුම් තරග පවත්වති.වර්තමාන තරුණ පරම්පරව වන Generation Z පරම්පරාවට ඈදුණු යෙදවුම Tiktok වේ. එක් එක් තරුණ කණ්ඩායම්වලට පොදුවේ ඇති තම තමාගේ ආශාවන්,සංස්කෘතිය, සවුන්දර්‍යව නිර්මාණ කර සමාජ මාධ්‍ය හරහා පෙන්වීමට මේ තරුණ පරම්පරා රුචිකත්වයක් දක්වති.
තවත් සමහර Tiktok සාමාජික සාමාජිකාවන් උපහාස රචනා (comedy skits), සහ humourous ( හාස්‍ය උපදවන වීඩියෝ) නිපදවති. මේවා හදුන්වනු ලබන්නේ වාචික නොවන සංනිවේදන ක්‍රමවේදයක් (Non – verbal communication) ලෙසටය. Non- verbal Communication යනු සමාජයක භාවිතා වන බලවත් සංසංනිවේදන මාධ්‍ය කි.
Tiktok භාවිතා කරන තරුණ පරම්පරාව සහ වැඩිහිටි පරම්පරා අතර ගැටුම් සහ පරතරයක් ඇත.Tiktok යෙදවුම හරහා හොඳ සහ නරක දේ තෝරා බේරා ගත යුතු බව යෝජනා කළ හැකිය.
එක්සත් ජනපදය තුළ Tiktok Influencers ලා තරු බවට පත්වී ඇත. වර්තමායේ ඔවුන් විශාල ලෙස මුදල් උපයා ඇත. ඒ අතරින් විවිධ ආයතනය වල අලෙවි,ප්‍රචාරණ සහ සමාජ මාධ්‍ය වැඩසටහන් පවත්වා මුදල් උපයාගෙන ඇත.

Tiktok යෙදවුම, වීඩියෝ නිපදවන්නන්ට හොද තෝතැන්නකි. සිනමාකරුවන්ට චිත්‍රපට නිශ්පාදනවලට මූලාරම්භය ලබාගත හැකි පිටිවහලකි.
Tiktok හරහා දැනට සිදුවන ක්‍රියාකාරකම් ලෙස රූපලාවණ්‍යකරණ මගපෙන්වීම (Make up tutorials), කෑම සෑදීමේ ( cookery demonstration ) ශරීර පාලනය (Workout and Fitness) අත්වැඩ (DIYcraft), අලෙවි සහ විකුණුම් අවශ්‍යතා, සන්නාම එළි දැක්වීම (Brand openings) වැනි අවස්තා සදහා ද යොදා ගැනේ.
Tiktok සදහා අවාසිසහගත ව ඇති කරුණු ලෙස ප්‍රධාන කොට පරිඝණකයේ සහ ජන්ගම උපාන්ග සවි කර ඇති වීඩියෝ කාමරා(Web cam) පාවිච්චිය නිසා දේශපාලනික සහ සමාජීය ලෙස ප්‍රශ්න සහගත තත්වයකට මුහුණ දී ඇත.Tiktok යෙදවුම හරහා දත්ත නිශ්පාදනය වේ. Tiktok එකතු කර ගන්නා දත්ත සමාජ තුළ අවබාවිත වීමට ඇති තත්ත්වය මත ප්‍රසිද්ධ ආයතන සහ රටවල් Tiktok තහනම් කර හෝ අර්ධ තහනම් කර ඇත.බොහෝ යුරෝපීය රටවල් Tiktok භාවිතය තම රටවල අඩපණ කර ඇත. රජයේ වියදමින් ක්‍රියාත්මක වන ආයතන සේවකයිනගේ දුරකථන වලට Tiktok භාගත කිරීමට සහ පවත්වාගෙන යාමට තහනම් කර ඇත. ඕස්ට්‍රේලියව,බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, යුරෝපීය හවුලේ රටවල්, ප්‍රන්ශය, නෙදර්ලන්තය, නෝර්වේ, ඉන්දියාව, පාකිස්තානය, තායිවානය,ඇෆ්ගනිස්තානය,බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සම්පූර්ණයෙන් හෝ අර්ධ ලෙස Tiktok තහනම් කර ඇත. එම තහනම් වලට හේතු ලෙස තරුණ පරම්පරාවේ සිදුවන අන්තර්ජාල ඇබ්බැහිය, නොමග යවනා සුළු බව (Misleading), අතිශය පුද්ගලික ( Privacy) කරුණු එක් රැස් කිරීම සහ බෙදා හැරීම, cyber ආරක්ෂාව, (cyber security), privacy පුපුද්ගලික ආරක්ෂා, unacceptable risk in sufficient data security, තොපිළිගත නොහකිඅවදානම තොරතුරු සහ දත්ත ආරක්ෂාව, ආරක්ෂක අන්ශ වල ආරක්ෂාව සහ ජාතික ආරක්ශාවට ඇති තර්ජනය (National security) යන කරුණු මේවා අතර වේ.
කරුණු කෙසේ නමුත් Tiktok සදහා විශාල ආකර්ෂණයක් සහ ප්‍රසිධි ලැබී ඇත.
සටහන –
Surani Fernando
