නත්තල් වයින් 🧡 03

author
0 minutes, 21 seconds Read

එළඹෙන නත්තල වෙනුවෙන් සකසන ලද තවත් සුවිශේෂ පාන වර්ගයක් තමයි නත්තල් වයින් කියන්නේ. අද අප සූදානම් වෙන්නේ නත්තල් වයින් ඉතාමත් පහසුවෙන් නිවසේදීම සාදාගන්නා ආකාරය කෙසේද යන්න ඔබට අවබෝධ කර දීමටයි.

ලොවි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය :-
* ලොවි ගෙඩි කිලෝ 1
* සීනි ග්‍රෑම් 800
* වතුර ලීටර් 2
* කුරුඳු කැබැල්ලක්
* කරදමුංගු 7
* බ්‍රැන්ඩි කෝප්ප 1/2

සාදන ආකාරය :-

ලොවි ගෙඩි ටික හොඳින් සෝදා භාජනයකට දමා අතින් පොඩි කරගන්න. එයට සීනී සහ වතුර දමා හොඳින් කලවම් කර වයින් සෑදීමට ගන්නා ලොකු වීදුරු හෝ ප්ලාස්ටික් බෝතලයකට දමා ගන්න.එයට කරදමුංගු, කුරුඳු සහ බ්‍රැන්ඩි දමා හොඳින් කලවම් කර අඳුරු ස්ථානයක තබන්න..පසු දින බෝතලයේ මූඩිය හැර හොඳින් කලවම් කර නැවත වසාගන්න. මේ ආකාරයට දවස් 5 ක් කලවම් කරගන්න.නැවත දවස් 5 ක් තබා පිරිසිදු රෙදි කැබැල්ලක් දමාගත් පුනීලයක් ගෙන ජීවාණුහරනය කරගත් බෝතල් වලට පෙරාගන්න.එදින සිට තවත් සති 4 ක් අඳුරු ස්ථානයක තබන්න.සති 4 ට පසු වයින් මිශ්‍රණය පැහැදිලි පෙනුමක් දැක ගැනීමට හැකි අතර මාස 2-3 කට පසු භාවිතයට ගන්න.

තැඹිලි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය :-
* තැඹිලි වතුර ලීටර් 2,1/2
* සීනි ග්‍රෑම් 900
* යීස්ට් තේ හැඳි 3
* දෙහි ගෙඩි 3 ක යුශ
* කුරුඳු කැබැල්ලක්
* කරදමුංගු 7
* කරාබු නැටි 8

සාදන ආකාරය :-

තැඹිලි වතුර භාජනයකට දමා එයට සීනී සහ දෙහි යුශ එකතු කර වයින් සෑදීමට ගන්නා ලොකු වීදුරු බෝතලයකට පෙරා ගන්න.එයට කරදමුංගු, කරාබු නැටි, කුරුඳු සහ යීස්ට් දමා හොඳින් කලවම් කර අඳුරු ස්ථානයක තබන්න..පසු දින බෝතලයේ මූඩිය හැර හොඳින් කලවම් කර නැවත වසාගන්න. මේ ආකාරයට දවස් 5 ක් කලවම් කරගන්න.එදින සිට තවත් සති 4 ක් නොසෙල්වෙන සේ අඳුරු ස්ථානයක තබන්න.සති 4 ට පසු වයින් මිශ්‍රණය පැහැදිලි පෙනුමක් දැක ගැනීමට හැකි අතර වයින් භාජනය පරිස්සමෙන් උසකින් තබා( එහි අඩියේ ඇති මංඩි නොසෙල්වෙනසේ) සේලයින් බටයක් හෝ ලෙවල් බටයක් ගෙන එහි එක් කෙලවරක් වයින් බෝතලයේ අඩියෙ නොගෑවෙන සේ දමා අනිත් කෙලවර ජීවානුහරණය කල බෝතලයක් තුලට දමා පෙරාගන්න.මාස 2-3 කට පසු භාවිතයට ගන්න.

මිදි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය :-
* මිදි ග්‍රෑම් 500
* සීනි ග්‍රෑම් 600
* යීස්ට් තේ හැඳි 1, 1/2
* කරදමුංගු 3
* කුරුඳු පොතු කැබැල්ලක්
* වතුර ලීටර් 1

සාදන ආකාරය :-

මිදි වල නැටි ඉවත් කර හොඳින් සෝදා පිරිසිදු කර ඇට ඉවත් කරගන්න. දැන් මිදි ටික වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කරගන්න.පිරිසිදු බෝතලයක් ගෙන එයට සීනි, බ්ලෙන්ඩර් කරගත් මිදි, කරදමුංගු, කුරුඳු, යීස්ට් දමා හොඳින් කලවම් කර අඳුරු ස්ථානයක තබන්න.දවස් 8 ක් යනතුරු සෑම දිනකම බෝතලයේ මූඩිය ඇර හොඳින් කලවම් කර වසා තබන්න . මුල් දින සිට දවස් 14 කට පසු පිරිසිදු රෙදි කැබැල්ලක් දමාගත් බුනීලයක් ආධාරයෙන් පිරිසිදු බෝතල් වලට පෙරාගන්න.මාස 2-3 කට පසු භාවිතයට ගන්න.

අන්නාසි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය :-
* ලොකු අන්නාසි ගෙඩි 1
* සීනි ග්‍රෑම් 800
* යීස්ට් තේ හැඳි 1, 1/2
* කුරුඳු පොතු කැබැල්ලක්
* කරදමුංගු 5
* වතුර ලීටර් 2

සාදන ආකාරය :-

අන්නාසි ගෙඩියේ පොතු හැර කුඩා කැබලි වලට කපා භාජනයකට දමාගන්න.එයටම සීනී සහ වතුර ටිකක් දමා හොඳින් පොඩි කරගන්න.මෙම මිශ්‍රණය වයින් සෑදීමට ගන්නා භාජනයකට හෝ බෝතලයකට දමා එයටම යීස්ට්, කුරුඳු, කරදමුංගු සහ ඉතිරි වතුර ටික දමා හොඳින් කලවම් කර වසා අඳුරු ස්ථානයක තබන්න .එක දිගට දවස් 5 ක් යනකන් සෑම දිනකට හොඳින් කලවම් කර ගැනීම වැදගත්. දවස 10 කට පසු අන්නාසි කැබලි ටික පෙරා නැවත් ෆිල්ටර් පේපර් එකක් ආධාරයෙන් ජීවාණුහරනය කරගත් බෝතල් වලට පෙරාගන්න. මාස 2-3කට පසු භාවිතයට ගන්න.

ලෙමන් වයින්

අවශ්‍ය ද්‍රව්‍ය :-
* ලෙමන් ගෙඩි 10
* සීනි කෝප්ප 5
* වතුර ලීටර් 2
* යීස්ට් තේ හැඳි 2
* රේසිං කෝප්ප 1/4

සාදන ආකාරය :-

ලෙමන් වල පොතු සහ යුශ වෙන් කරගන්න.පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන එයට ලෙමන් පොතු සහ රේසිං දමා පොට්ටනියක් සාදාගන්න. වතුර සහ සීනී ලිපේ තැබිය හැකි භාජනයකට දමාගන්න.එයටම ලෙමන් පොතු පොට්ටනිය දමා උතුරවා ගන්න. ලිපෙන් බා නිවාගන්න. මෙම මිශ්‍රණය කට ලොකු පිරිසිදු වීදුරු බෝතලයකට හෝ ප්ලාස්ටික් බෝතලයකට දමා එයටම ලෙමන් යුශ සහ යීස්ට් දමා කලවම් කර දවස් 5ක් අඳුරු ස්ථානයක තබන්න.සෑම දිනකම කලවම් කරන්න .නැවත දවස් 10 ක් පමන තබා පෙරා පිරිසිදු බෝතල් වලට දමා මාසයක් පමන තබන්න.අවශ්‍ය නම් නැවත ෆිල්ටර් පේපර් ආධාරයෙන් පෙරා මාස 3කට පමන පසු භාවිතයට ගන්න.

උපදෙස් –

ප්‍රවීණ සූපවේදීනී ඉයන්තිකා සිල්වා

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa