“Twelve Days of Christmas” යන යෙදුමට Twelve tide ලෙසටද ආමන්ත්‍රණය වේ. Twelve Days of Christmas යනු බටහිර සංස්කෘතියේ ව්‍යවහාර වන පද යෙදුමකි. බටහිර සංස්කෘතිය තුළ නත්තලේ දින දොළහ යනු අර්තවත්ව ගත කළ යුතු දිනවේ. “Twelve Days of Christmas” යනු අවුරුද්දේ අවසාන දින හය සහ උදාවන නව වසරේ ආරම්භක දින හය ඇතුලත් වන කාළ වකවානුව වේ.මෙම කාළ වකවානුව තුළ ලෝකයේ ආශාවන් පරදවා ආගමානුකූලව ගත කිරීමට බලාපොරොත්තු වේ.මෙම දින දොළහක කාළය තුළ ක්‍රිස්තියානි බැතිමතුන් ක්‍රිස්තුස් වහන්සේට ඉතාමත් ම ලගින්ම ගත ගතකළ යුතු කාලය වේ.
දෙසැම්බර් විසිපස් වන දින ජේසු තුමාගේ උත්පත්තිය සිදු වූ පසු දෙසැම්බර් විසිහය වන දින සිට රජවරුන් තුන්දෙනාගේ ( Magi) පැමිණීම දක්වා කාළ වකවානුව නත්තලේ දින දොළහ ලෙස සැළකේ.දෙසැම්බර් විසිපස් වන දින ජේසු තුමාගේ උත්පත්තියෙන් පසුව එළබෙන පසුදින නැතහොත් දෙසැම්බර් විසිහය වන දිනෙන් “Twelve Days of Christmas” පටන් ගැනේ. (සමහර රටවල එය දෙසැම්බර් විසිපස් වන දිනට යෙදේ)

දෙසැම්බර් 26,27,28,29,30 සහ 31 වන දින හය වසරේ අවසාන කාළ වකවානුව වේ.එයට දින හයක් ඇතුලත් වේ.
“Twelve Days of Christmas” වල දෙවැනි කොටස ඇරඹෙන්නේ ජනවාරි පළමුවැනි දින සිට පස්වැනි දිනය දක්වා වේ. එනම් ජනවාරි 1,2,3,4 සහ 5 වැනි දක්වා වේ.
ඉන්ග්‍රීසි සංස්කෘතියට අනූව මෙම දින දොළහ මධ්‍යතන යුගයේ පටන් පවත්වාගෙන ආ එන්ගලන්තයේ ටියුඩර් කාළ වකවානුවේ ආරම්භ වූ චාරිත්රයකි. රජවරුන් තිදෙනා අලුතෙන් උපන් රජ කුමරා ව බැහැ දැකීමට යෑමේ කාලපරිච්ඡේදය (Epiphany) තුළ අපද වර්තමානයේ අපගේ නෑදෑයන් යහළුවන් බැහැ දැකීමට යාම, නත්තලේ ප්‍රීතිය සැමරීම වැනි චාරිත්‍ර පවත්වති.
Epiphany යනු රෝමානු සහ ග්‍රීක ආභාසක් ඇති වචනකි. රජවරුන් තුන්දෙනාගේ පැමිණිම තහවුරු වන අවස්තාව මෙයින් ප්‍රකාශ වේ. මෙය Three kings Day ලෙසටද හදුන්වනු ලැබේ.Epiphany ලෙස නත්තලේ අවසාන දිනය වන දොලොස් වන දිනය හෙවත් Twelfth Night ලෙස සැලකේ. William Shakespeare විසින් රචිත Twelfth Night වේදිකා නාට්‍ය නත්තලේ අවසාන දිනය උදෙසා නැරඹීමට වේදිකා ගත වී ඇත.
The Magi

“ජුදෙව්වරුන්ට රජුව උපන් උතුමාණෝ කොතැන්හිද? අපි එතුමන්ගේ තාරකාව පෙරදිගදී දැක එතුමාණන්ට නමස්කාර කරන පිනිස ආවෙමු ‘යි කීහ.
මතෙව් 2:2
තවද, චාරිත්‍රයක් ලෙසට නත්තල් Yule logs මෙම දින දොළහ තුළ අනිවාර්යයෙන්ම දල්වා තැබේ. එසේම බටහිර සංස්කෘතියේ චාරිත්‍රයක් ලෙස සියලුම නත්තල් සැරසිලි සහ නත්තල් ගස් Twelfth Day of Christmas හී අවසානයේ ගලවා දමති.
බටහිර සංස්කෘතියේ අනන්‍යතාවයක් වන (Advent) දින දර්ශනයද මීට ඇතුලත් වේ. විවිධ වූ චාරිත්‍ර පවත්වති. Advent යනු විශේෂවූ බලාපොරොත්තු වකි. Advent කාළය තුළ ක්‍රිස්තියානි ඇදහිල්ල වර්ධනය වන චාරිත්‍රයක් ලෙස නිරාහාරව සිටිමින් නත්තලේ දී දුප්පත් සහ විවිධ අවශ්‍යතා ඇති අයට තෑගි සහ නිරාහාර පූජා ලබා දීමට මුදල් එකතු කෙරේ. බටහිර රටවල ප්‍රසිද්ධ Boxing Day දින වන දෙසැම්බර් විසිහය වන දින දුප්පතුන් සහ සේවකයින්ට රදළ සහ වන්ශවතුන් (aristocrats) තෑගි පෙට්ටි, (Box) තෑගි කොට ඇත.Advent කාලයේ දේවස්ථාන තුළ බයිබල් පද කියවන ආගමික පූජාවන්ද පවත්වති. Advent දින දර්ශනය නත්තලේ දින ගණනය වන count down එකකි.
නමුත් Twelve Days of Christmas එක විවිධ නිකායන් වලට ආවේනික වෙනස්කම් ද ඇත.
බටහිර සංස්කෘතියේ ආභාසය ලත් කුඩා දරුවන් අතර ප්‍රසිද්ධ “Twelve Days of Christmas” යනුවෙන් නත්තල් කැරොල් ගීතයක්ද ඇත. බටහිර සංස්කෘතියට අනූව මෙම කැරොල් ගීතයට බාහිර සහ අරුත්බර අර්ථකතන ඇත. Twelve Days of Christmas යන ගීතය යුරෝපයේ කතෝලික ආගම මුල් කරගෙන ආරම්භ වී ඇත්තේ දරුවන්ට ක්‍රිස්තියානි දේව ඇදහිල්ල ගැන විවිධ වූ කරුණු සංකේතාත්මකව කියා දීමට හොඳම තෝතැන්නක් ලෙසටය.
ක්‍රිස්තියානි දේව ඇදහිල්ල ගැන විවිධ වූ බයිබලීය කරුණු සංකේතාත්මකව (Symbolic) කියා දෙන දරු නැළවිල්ලක් සහ කටවචනයෙන් පවත්වාගෙන ආවාවූ ඉන්ග්‍රීසි ජන ගායනාවක් සහ ජනකතාවක් (Folk lore) ලෙසට යුරෝපයේ ප්‍රසිද්ධව තිබී ඇත. දරුවන්ට සුළු තෑගි ලබා දෙමින් දින දොළහේ අර්ථය පහදා දේ.මෙම ගීතයේ ඉලක්කම් වලින් අර්ථකතන ප්‍රකශ වේ.
Twelve Days of Christmas Carol

නමුත් මේ සියලුම සංස්කෘතික චාරිත්‍ර වානිජකරණය වී නත්තලේ නියම අරුත සැගවී ඇත. පසුකාලීනව ඇතිවූ සමාජ ක්‍රම වල වෙනස්කම් නිසාද යුරෝපීය පුනරුදය සහ නව චින්තනය නිසාද නත්තලේ අර්ථය බොහෝ දුරට වානිජකරණය වී ඇත.
අප මේ පවත්වාගෙන යන්නේ සැබෑ නත්තක්ද? බොහෝ ක්‍රිස්තියානි බැතිමතුන් වාර්ෂිකව පවත්වාගෙන යන්නේ සංකේත නත්තලකි.නත්තල අලුත් ඇදුම්, උත්සව,සාද සහ සැරසිලි වැනි දේ තුලින් සංකේතාත්මකව බාහිර ආටෝපයෙන් එළි දැක්වේ.
නමුත්, දෙවියන් වහන්සේට සහ බයිබලයට අනූව සැබෑ නත්තල මෙය නොවේ. සැබෑ නත්තල ඔබේ සිත් වල පහනක් සේ එළිවිය යුතුය.
(Christmas isn’t just a day, It is a frame of mind)
ඔබේ සිතේ සාමයක් නැත්ද? ඔබ ප්‍රශ්න සහ කරදර වලින් පීඩා විදිනවාද? ඔබට විවිධ රෝග ඇතිද? ඔබගේ ජීවිතයේ ප්‍රශ්න සහ ගැටළු ඔබව ඉහවහා ගොසින්ද?
එසේ නම් ඔබ සමරන්නේ කුමන නත්තලක්ද?
නත්තලේ පළමු පණිවිඩය සංකේතාත්මකව මුලින්ම අත් දැක්කේ දුප්පත් බැටළු එඩේරුන් සහ ගොපලුන්ය. එයින් පිළිබිඹු වන්නේ නත්තල දුක් විදින ජනතාවටත් සැමරිය හැකි බවය. ජේසුස් වහන්සේ පීඩිත ජනතාව නියෝජනය වන දිළිඳු ගවලෙනක උපත ලැබීය.
තවද, දේව දූතයන් ඔවුන් කෙරෙන් සගලොවට ගිය කළ එඩේරු, “අපි වහාම බෙත්ලෙහෙමට ගොස් සමිදාණන් වහන්සේ අපට දෙවා වදාළ මේ සිදුවීම බලමු”යි ඔවුනොවුන් අතර කතා කර ගත් හ”
ලූක් 2: 15
නත්තලේ අර්ථය සාමයයි.
“අපට ළදරුවෙක් උපන්නේය.අපට පුත්‍රයෙක් දෙන ළද්දේය. එතුමාණෝ අපේ රජුවන සේක.සදාතන පියාණෝය. සාමයේ කුමාරයා යයි කියනු ලබන සේක”
යෙසායා 9:6.
සාමය ඔබේ සිතේ ඇතිවිය යුතුය. අපේ සිත්වල සාමය පිරී ඇත්නම් නත්තල එහි උදා වේ.
“අති උසස් තැන්හී දෙවිදුන්ට මහිමයද මිහිපිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමයද වේවා’යි ගැයූහ”
ලූක් 2:14.
යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණියේ සාමය සැම අතර පැතිරීමටයි. නත්තල ජීවමාන කිරීමට ඔබේ සිතේ සාමයක් ඇතිවිය යුතුය. ( We need to love the giver, more than gifts) සැබෑ ලෙසින්, ඇතුලාන්තයෙන්, අද්යාත්මික ලෙසින් අපගේ සිත් තුළ සහ ජීවිත තුළ යහපත් පරිවර්තනයක් ( transformation)සිදු වන්නේ නැත්නම් එය සැබෑ නත්තලක් නොවේ. Twelve Days of Christmas යනු මෙම පරිවර්තනය සිදුවිය යුතු (Religious Passage of rite) කාල පරිච්ඡේදකි. මෙවැනි පරිවර්තනයක්,ප්‍රීතියක් සහ සාමයක් අත්දැකීමටත් Twelve Days of Christmas සැබෑ ලෙස අත්දැකීමට ඔබ කැමතිද?
” දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම ක්ළ සේක්ද කීවොත්,ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක.එසේ කළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. උන්වහන්සේ කරණ කොට ගෙන ලෝකයා ගලවනු ලබන පිණිසය”
ජොහාන් 3:16.

සැබෑ නත්තලකට සුභ පැතුම්!
සටහන

Surani Fernando
