සම (Skin)
සුන්දර රුවක් හිමි කරගන්න කාන්තාවන් දක්වන්නේ දැඩි උනන්දුවක්. එවන් සුන්දර රුවක හිමිකරුවකු වීමට නම් රුව පිළිබඳ ඉතාමත් සැලකිලිමත් විය යුතු අතර වඩාත් වැදගත් වන්නේ රුවෙහි ආරක්ෂකයා ලෙසින් ක්‍රියා කරන සම හොඳින් රැකබලා ගැනීමයි.
සම යනු,
ශරීරයේ ඇති විශාලතම ඉන්ද්රිය වන සම ශරීරයේ ප්‍රධානතම ආරක්ෂකයායි. ශරීර උෂ්ණත්වය පාලනය කිරීමටත් සිරුරේ හැඩය පවත්වා ගැනීමට මෙන්ම ශරීරයේ පෝෂණයටත් සම විශාල දායකත්වයක් සපයයි.
මෙලෙස සම පිළිබඳ කතා බහ කිරීමේ දී , ප්‍රධාන වශයෙන් සම කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

ඒවා නම්,
1. අපිචර්මය
2. චර්මය
අපිචර්ම
අපිචර්මය යනු සමෙහි බාහිරින් ඇති කොටසයි.අපිචර්මයේ සෛල ස්ථර කිහිපයකින් යුක්ත වේ. එහිදී සමෙහි පිටතින් ඇති සෛල ස්ථරය අජීවී වන අතර ඇතුලතින් පිහිටි සෛල ස්ථරය සජීවී වේ .
මෙම අජීවී සෛල නිරන්තරයෙන් ඉවත් වී යන අතර ඒ වෙනුවට නව සෛල හටගන්නා බැවින් සමේ අපිචර්මය නිරන්තරයෙන් අලුත් වෙමින් පවතින බව සදහන් කළ යුතු ය
වැදගත් කරුණක් වන්නේ අපිචර්මයේ පහළ ස්ථරයේ සෛල වලින් මෙලනින් නැමැති වර්ණකය නිපදවීමයි. එමගින් අහිතකර පාරජම්බුල කිරණ වලින් සම ආරක්ෂා කිරීම සිදු කරයි.
චර්මය
සමෙහි අපිචර්මයට පහළින් ඇති කොටස චර්මය ලෙස හදුන්වයි.
අපිචර්මයට වඩා ඝනකමින් වැඩි මෙම චර්මය ස්වේද ග්රන්ථ, ස්නේහශ්‍රාවී ග්‍රන්ථි පේශි ,ස්නායු අන්ත හා රුධිර කේෂනාලිකා එක් වී සැදී තිබේ. සමෙහි ඇති රෝම කූප ගිලී පවතින්නේ මෙම චර්මය තුළයි.
චර්මයට ඇතුලතින් පිහිටි පටකය අධශ්චර්මය ලෙස හඳුන්වයි.
සමෙහි කාර්යභාරය පිළිබඳව සදහන් කිරීමේදී,
- ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කිරීම
- අපිචර්මයේ වූ බාහිර සෛල ස්ථර මගින් දේහයෙන් ඉවතට ජලය පිටවී යාම වලකින අතර එමගින් සම වියළීම සිදු නොවේ.
- සමෙහි සෛල තුළ පිහිටි මෙලනින් වර්ණකය මඟින් අහිතකර පාරජම්බුල කිරණ වලින් ශරීරය ආරක්ෂා කෙරේ.
- තවද ස්නේහස්රාවී ග්රන්ථ වලින් නිපදවන ශ්‍රාවය මගින් ශුද්‍ර ජීවීන්ගෙන් සම ආරක්ෂා කරයි.
- එමෙන්ම බාහිර උපද්‍රවයන්ගෙන් ශරීරයට වන බලපෑම සම මගින් වළක්වාලයි.
ශරීර උෂ්ණත්වය පාලනය
බාහිර පරිසර උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට වඩා වැඩි වූ විට දී ස්වේද ග්‍රන්ථි මගින් දහඩිය නිපදවයි.ඉන් ශරීර උෂ්ණත්වය ආරක්ෂා වේ. එමෙන්ම ශරීරය අධික ලෙස රත් වූ විට දහඩිය ග්‍රන්ථි තෙතමනය (දහඩිය දැමීම) ලබා දෙන අතර එමඟින් වාෂ්ප වීමෙන් ශරීරය සිසිල් කරයි.
විටමින් D නිෂ්පාදනය
හිරු එලියෙහි අඩංගු ශක්තිය භාවිතයෙන් සමේ සෛල තුළ විටමින් D නිෂ්පාදනය කෙරේ.
සංවේදී ඉන්ද්‍රියක් ලෙස ක්‍රියා කරයි
පීඩනය, වේදනාව හා තාපය වැනි සංවේදී අවස්ථා හඳුනා ගැනීමෙන් ඇති විය හැකි අනතුරු පිළිබඳව ශරීරය දැනුවත් කිරීම සඳහා සම ස්නායු පද්ධතිය සමඟ ක්‍රියා කරයි.
මෙකී කරුණුවලින් පැහැදිලි වන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා සම ඉතාමත් විශාල කාර්යභාරයක් ඉටුකරන බවයි.
skin types හදුනා ගනිමු.
එසේනම් දැන් අප සූදානම් වන්නේ ඔබේ සමේ ස්වභාවය කුමක්දැයි හදුනා ගැනීමටයි.
සම ප්‍රධාන වර්ග පහකට වෙන් කල හැකිය.
- සාමාන්‍ය සම ( Normal skin )
- තෙල් සහිත සම ( oily Skin )
- වියළි සම ( Dry skin )
- මිශ්‍ර ලක්ෂණ සහිත සම (Combination skin)
- සංවේදී සම (Sensitive skin)
සාමාන්‍ය සම ( Normal skin )
Tissue කඩදාසියෙන් පිස දැමූ විට, එම කඩදාසිය මත කිසිවක් තැවරී නොමැති නම්, ඔබට ඇත්තේ normal skin එකකි. බොහෝවිට සාමාන්‍ය සම ප්‍රාණවත් බවකින් යුතුව දිස්වේ. සම මත මෘදු බව සහ ඇදෙන සුළු බව විශේෂ ලක්ෂණයක් වේ.
තෙල් සහිත සම (Oily Skin)
මුහුණ පිස දැමීමෙන් පසු ඔබේ tissue කඩදාසියේ තෙල් සහිත බවක් දැකීමට ඇත් නම් (විශේෂයෙන් නාසය, නළල හා කම්මුල අවට), ඔබට ඇත්තේ oily skin එකක්. ඇත්තෙන්ම මෙය තරමක් ගැටළු සහිත සමකි. මෙවන් සමක ලක්ෂණ නම් තෙල් සහිත බව, shiny බව සහ විශාල සිදුරු තිබීමයි.
නමුත් සම ප්‍රාණවත් බවක් පෙන්නුම් කරන්නේ නැහැ. විශාල ප්‍රමාණයේ රෝම කූප පැවතීම, බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉතාමත් ඉක්මනින් ඇතිවීම, සම මත කුණු දූවිලි රැඳීම අධික වීම වැනි විශේෂ හඳුනා ගැනීම් මෙහි ලක්ෂණ වෙනවා. මෙවැනි සමකට හිමිකම් කියන අයෙකු සමයේ තෙල් සහිත බව පාලනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව මතක තබා ගැනීම ඉතාම වැදගත් වේ.
වියළි සම (Dry Skin)
ඔබේ tissue කඩදාසියේ කිසිවක් නොමැති සේම මුහුණෙ සමද තද ස්වභාවයක් හෝ මැරුණු සමේ flakes දැකිය හැකි අතර මුහුණ පිස දැමු පසුත් සම ඉතා තද ස්වභාවයක් හැගේ නම්, ඔබට ඇත්තේ dry skin එකකි. වියළි සමෙහි විශේෂිත ලක්ෂණ වන්නේ වියළි බව නිසා ඇතිවන මලානික බව සහ තද ගතියයි. මේ සම සහිත බොහෝ දෙනාගේ සමෙහි ඇදෙන සුලු භාවය ඉතාමත් අඩුයි.
මිශ්‍ර ලක්ෂණ සහිත සම (Combination Skin)
මෙම වර්ගයේ සමෙහි, ඉහත සදහන් කල සැම ලක්ෂණයක්ම දැකිය හැකිය. නළල නාසය සහ නිකට ප්‍රදේශය තෙල් සහිත වීමත් අනිකුත් ප්‍රදේශ වියළි වීම හෝ සාමාන්‍ය වීම මෙහි දී දකින්න පුළුවන්.
මෙවන් සමක් ඔබට ඇත්නම්, ඔබේ සමේ එම විවිධ ප්‍රදේශ වලට විවිධ Treatment කල යුතුයි. වියලි ස්වභාවයක් ඇති ප්‍රදේශයේ Rich Creams & Moisturizers අවශ්‍ය වන අතර තෙල් සහිත Skin Area එක නිරතුරුම ඉතා හොදින් පිරිසිදු කල යුතුයි.
සංවේදී සම (Sensitive Skin)
ඔබේ සම වියලි ස්වභාවයකින් යුතු නම්, තද ස්වභාවයකින් යුතු නම්, හා ඉතා ඉක්මනින් දැවිල්ල හට ගැනෙන හෝ කැසීම ඇති වෙන ස්වාභාවයක් නම්, ඔබට ඇත්තේ Sensitive skin එකකි.
Normally, reddish සහ කොරපොතු සහිත තැන් ඇති අතර කැලැල් ඇති කරන ස්වභාවයක් ඇති සමකි. මේ අය නිෂ්පාදන භාවිත කිරීමේදී කිරීමේදී ඉතාමත් ප්‍රවේශම් විය යුතු අතර ඇතැම් අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් පවා ලබා ගැනීම යෝග්‍ය වෙනවා. සංවේදී සමක් ඇති අය එය හඳුනා ගැනීමත් ඒ තුළින් බාහිර සත්කාරවලදී ප්රවේශම්කාරීව සත්කාර කිරීමත් ඉතාමත් වැදගත් ය.
