(මානසික ජීවිතය උදෙසාමයි)
ඔබටත් දැනිලා තියෙනවද ???
ජීවත් වෙලා ඉද්දිත් ජීවිතයක් නෑ වගේ හැගීමක්……
මොකක්ද මේ ජීවිතය?..කියන ප්‍රශ්ණාර්ථයක්…..
කාලකන්නී හැගීමක් (කාලය කා දමන බව)…..
මට මාවත් එපා වෙලා කියන හැගීමක්….
එහෙම හිතෙනවා නම්…ඔයාට එක තැනක් මගහැරිලා තියෙනව…
ඒ තමයි තමන්ව…
තමන් වෙනුවෙන් තමන්ට තියෙන රාජකාරිය ඔබ මගහැරගෙන ඉන්නේ….
උදේ නැගිටින විට දවස ප්‍රබෝධමත් කරන අරමුණක් ඔබට නැති නම්…
දවස ගෙවන්න තරම් හරවත් රාජකාරියක් ඔබට නැතිනම්….
රාත්‍රි නින්දට යද්දි ගෙවූ දවස ගැන ඇතිවෙන්නේ කලකිරීමක් නම්….
ඔබ ඔබව මගහැරගෙන නේද?…..
ඒක හරි වේදනාවක්…..
ජීවිතය ජීවත් කරවීමට අරමුණක් හා ඒ වටා බැදුණු බලාපොරොත්තු අවශ්‍යයි.
ජීවිතයක් ජීවත් කරවීමට බලාපොරොත්තුවක් කෙතරම් වැදගත් ද යැයි යමෙකුට හැගීමට නම්…. බලාපොරොත්තු විරහිත ජීවිත වල ඛේදනීය හිස් බව විදගත යුතුමයි…
එතෙක් අරමුණකින් තොර වූ සිත් වල කලබගෑනිය වටහා ගැනීමට උත්සහ කිරිම අමාරු කාර්යයක් නොව කළ නොහැකි කාර්යයකි….
මේ සිතුවිල්ලෙන් කාලයක් ඔබ පෙලෙන විට ඔබ ඔබට නොදැනිම විවිධ මානසික අක්‍රමතා වලට ගොදුරු විය හැක.
ඒවා නම්,
- ක්ලමථය (Stress)
මේ අවස්ථාවේ දී ඔබ නිතර නිතර ශාරීරික හා මානසික මෙන්ම චිත්තවේගාත්මක වශයෙන් ද පීඩාවට හෝ ආතතියට පත් වන බව හැගේ.
- කාංසාව(Anxiety)
මෙහිදී අහේතුකව දිගින් දිගටම පවතින වැළැක්විය නොහැකි හා පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට හානිදායක තත්වය මෙන්ම එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන අභියෝගාත්මක අවස්ථා වලදී කාංසාවට ලක් වේ.
- විශාදය (Depression)
මෙහිදී ඔබට බලාපොරොත්තු විරහිත හැගීමක් සමග ඇති වන ජීවිත කලකිරීමක් ඇති වේ.
තමන් වෙනුවෙන් තමාව ගොඩ නගා ගමු!
මේ වෙනුවෙන් ඔයාට හොද මගපෙන්වීමක් අවශ්‍යයි නේද?
එසේ නම්,
- තමන් තමා සමග කතා කරන්න – මන්ද යත් තමාව වඩාත් හොදින් දන්නේ තමන්ය. තමාට නැවත පටන් ගන්න පුළුවන් කොතනින්දැයි තමන් කතිකා කරගන්න. ස්වයං සංවාද වල යෙදෙන්න.සිතට එකගව වඩාත් සුදුසුම නැතහොත් නිවැරදිම තීරණය සමග අළුතින් පටන් ගන්න.
- දෙමාපියන් හෝ තමාට වඩාත් සමීප යැයි සිතන පිරිස් සමග කතා කරන්න – තමන්ට වඩාත් අවංකව ඇහුම්කන් දෙන පාර්ශවයක් සමග තමන්ගේ අදහස් බෙදාගන්න.
- මනෝ උපදේශන සේවාවක් ලබා ගන්න – විශ්වසනීය ලෙස තමාට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සාකච්ඡා මාර්ගයෙන් ඔබට සුදුසු මග පෙන්වීමක් ලබා ගත හැක. වෘත්තීය උපදේශක වරයකු/වරියක ගෙන් පමනක් උපදෙස් ලබාගන්න මැලිනොවන්න.
ඉහත කුමන ආකාරයට හෝ තමාට තමන්ව ගොඩ නගා ගන්න මාර්ගයක් සොයා ගන්න. ජීවිතයට අර්ථවත් අරමුණක් නිර්මාණය කරගන්න. ඒ අරමුණත් එක්ක ජීවිතයට බලාපොරොත්තු එකතු කර ගන්න. ජීවිතය ගලා යන අපූරුව විදින්න ඔබටත් හැකි වේවි.
නමුත්, ඔබට දරාගත නොහැකි බොහෝ තැන් හමුවේවි.
පුදුමයක් නොවේ!
එයද ජීවිතයේ කොටසකි. අළුත් අත්දැකීමකි.
එවැනි අළුත් අත්දැකීම් නොලැබුණහොත් එවිට ද ඔබට ජීවිතයේ ඒකාකාරී බවක් දැනෙන්නට පටන් ගනී.
එනිසා,
ඒ දරාගත නොහැකි අවස්ථා ද අත්දැකීම් කරගන්න. ඒවා සමග අළුත් ඉලක්ක නිර්මාණය කරගන්න.
අළුත් වන බලාපොරොත්තු සමග ජීවත් වෙන්න පුරුදු වෙන්න!
ඔබට දැනේවි ඒ හරවත් රාජකාරී සමග කාලය කළමණාකරණය වන අපූරුව.
ඒ අපූර්වත්වය විදගන්න.
එවිට ජීවිතයේ වැදගත් බව ඔබට අත්දැකිය හැක.
