ගෙදර බුදුන් යනුවෙන් අබිසෙස් ගන්වන ඇය, මුළුතැන්ගෙයට පමණක් සීමා නොවීඉන් එහා ලෝකය ජය ගැනීමට තරම් ශක්තිමත් විය. මවක, බිරිඳක, දියණියක, සහෝදරියක ලෙස භූමිකා රැසක් නිරූපණය කරන ඇය ‘කාන්තාව’ වේ. කාන්තාව පිළිබඳව සාකච්ඡා කිරීම වසරක් පාසා මාර්තු 8 වන දිනට පමණක් සීමා වීම කණගාටුවට කරුණකි.කාන්තාවන් වීම නිසාම ඇයට මුහුණ පෑමට සිදුවන අභියෝග සහ ගැටලු අප්‍රමාණ ය.

සියවසකට අධික කාලයක් පුරා වෙසෙන ජනතාව කාන්තාවන්ට සුවිශේෂ වූ දිනයක් ලෙස මාර්තු 8 වනදා සමරයි.එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් දක්වා මෙය වර්ධනය වූයේ කම්කරු ව්‍යාපාරය හරහා ය.1908 දී කාන්තාවන් නිවියෝර්ක් නගරයේ පාගමනක් පවත්වන්නේ තම ඉල්ලීම් දිනා ගැනීමේ අරමුණිනි. එම ඉල්ලීම් අතර,
1.තමන් වැඩ කරන පැය ගණන කෙටිකර ගැනීම.
2. වඩා හොඳ වැටුපක් ලබා ගැනීම.
3. ඡන්ද අයිතිය ලබා ගැනීම.
ආදිය වේ.
මෙම පාගමනින් වසරකට පසුව පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමරිකානු සමාජවාදී පක්ෂය විසිනි.මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත්කළ යුතුයැයි අදහස් පළ කළේ ක්ලාරා සෙට්කින් නැමැති කාන්තාවකි.ඇය තම අදහස් යෝජනා කළේ කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තරය ජාත්‍යන්තරය සම්මේලනයේදී ය. එහිදී ඇගේ යෝජනාව ඒකමතිකව ස්ථීර විය.

1975 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් එය සමරනු ලැබීමත් සමඟ ඊට නිසි පිළිගැනීමක් ලැබිණි.එහේ වෙනි වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංගමය යෙදූ පළමු තේමා පාඨය වූයේ ” අතීතය සමරමින් අනාගතය සැලසුම් කරමින් සිටිමු.” යන්නය.මෙවර එහි තේමාව වී ඇත්තේ “ඇය දැයේ අභිමානයයි” යන්නය.
රට මුහුණ දී සිටින සියලු අර්බුද හමුවේ වැඩිම පීඩනයකට ලක්ව සිටින්නේ කාන්තාවයි.ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා හෝ ඔවුන්ට නිදහසක් නොමැති තරම්ය.ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන බිලියන 1.3 ක ජනතාවගෙන් 10% ක් කාන්තාවෝය. ඉතා දිළිඳු නාගරික කුටුම්භ වලින් 40%ක් ම කාන්තා මූලික කුටුම්භ වේ.එක්සත් ජාතීන්ගේ දර්ශක දර්ශකවලට අනුව ලෝක ආහාර නිෂ්පාදනයට කාන්තා දායකත්වය 50% – 80% ත් අතර වුවත් බෝග නිෂ්පාදනයට යොදනු ලබන ඉඩකඩම් වල අයිතිය 10%කටත් වඩා අඩුය.

රට තුළ ඇති අධික උද්ධමනය, ආහාර ඇතුළු අනෙක් මූලික භාණ්ඩ වල ඇති අධික උද්ධමනය, ආහාර ඇතුළු අනෙක් මූලික භාණ්ඩ හා සේවා වල ඇති හිඟකම සහ ආර්ථිකය බංකොළොත් භාවය යන කරුණු වලින් බැට කෑමට ලක්ව ඇති ලංකාවේ කාන්තාවන් හා ගැහැනු දරුවන් තමන්ගේ මෙන්ම තම පවුල් ඒකකයන්ගේ වර්තමාන පැවැත්මට හා අනාගත අභිවෘද්ධිය පිළිබඳව පූර්ණ අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.
බඩු මිල ඉහළ යාම අන් කාටත් වඩා හොඳින්ම දැනෙන්නේ කාන්තාවටය.බඩුමිල කොපමණ අහස උසට නැග්ගත් පිරිමසාගෙන පරිභෝජනය කිරීමේ වගකීම කාන්තාවට පැවරී ඇත. දරුවන් හා ස්වාමියා ආශා කරන දේ සකස් කිරීම මෙන්ම ඒවා අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කිරීම කාන්තාවට පැවරී ඇති රාජකාරිය යි.එහිදී ඇය ඉතාම අපහසුතාවයට පත්වන්නේ දරුවන්ගේ කැමැත්ත සේම ජීවන බරද සමපාත කළ යුතු නිසාවෙනි.දරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව තමන් මවක් ලෙස සැලකිලිමත් විය යුතුය. එසේම නිවසේ බිරිඳ ලෙස පරිභෝජනයේ දී අරපිරිමැස්ම ප්‍රගුණ කළ යුතුය. මේ නිසාවෙන් නිවසෙහි කාන්තාව ඉතා බුද්ධිමත්ව තීරණ ගත යුතුය. ගෘහ මූලිකයා ලෙස බොහෝ නිවාස වල පුරුෂයාව හැඳින්වුවද සැබෑවටම නිවසක ගෘහ මූලිකයා විය යුත්තේ කාන්තාව නොවේද? ඇය සෑම කටයුත්තක්ම balance කරන්නේ තීරණ ගන්නේ සෑම දෙනාගේම ජීවිතය පිළිබඳ සිතාය. එබැවින් ගෘහය තුළ සැබෑවටම මූලිකත්වය ගන්නා ඇය නොවේද? සමාජයේ පවතින සම්මතයට අනුව සම්ප්‍රදායට අනුව බොහෝ නිවාසවල ගෘහ මූලිකයා වන්නේ පුරුෂයාය. ඊට හේතුව පුරුෂ මූලික සමාජ ක්‍රමයයි. නමුත් සැබෑවටම පවුලට විශාල වූ කාර්යභාරයක් සිදු වන්නේ කාන්තාව තුළිනි.
අවිධිමත් ක්ෂේත්රයේ නිරත වෙමින් එදිනෙදා උපයා ගන්නා මුදලින් පවුල නඩත්තු කරන කාන්තාවන්ට ප්‍රමාණවත් ආදායමක් ලබාගත හැකි අවකාශය දිනෙන් දින ඇකිලෙමින් පවතී. වර්තමානයේ ඇතිවී තිබෙන ආර්ථික ගැටලු හේතුවෙන් විධිමත් ක්ෂේත්රයේ කාන්තාවන්ද මෙම ගැටලුව මුහුණ පා ඇත. මෙවැනි අර්බුද තත්ත්වයන් නිසා කාන්තාව විශාල ලෙස පිහිටන yata පත්ව ඇති අවස්ථාවක සුපුරුදු පරිදි මෙවරත් කාන්තා දිනය සමරනු ලබයි.කාන්තාවන්ට ඇති වී තිබෙන ගැටලු ගැටළු හා ඔවුන් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට 365 දවසින් එක් දිනක් නම් ප්‍රමාණවත් නොවේ. සමාජයක් ලෙස සැවොම එක්වී එක් දිනයකට පමණක් සීමා නොවී මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වටිනේය.
කාන්තාවක් යනු කුස්සි අම්මා කෙනෙකු පමණක් නොවන බව සමාජය විසින් තේරුම් ගත යුතුය.නමුත් කණගාටුවට කරුණ නම් ඒ බව එක් දිනකට පමණක් අප සමාජය විසින් තේරුම් ගැනීමය. ඇයටත් අන් අයට සේම ඉටුකර ගැනීමට හීන,ආශාවන් හා දරාගැනීමේ සීමාවක් පවතී.පුරුශයාට මෙන් ඇයට කටයුතු කිරීමට නොහැකි බවට සමාජය විසින් ඇයව හංවඩු ගැසුවද මෙලොව දරාගැනීමට අමාරුම වේදනාව වන විළිරුදාව පවා දරාගැනීමට තරම් වූ ශක්තියක් ඇය සතුවන බව අප අමතක නොකොට යුතුය.
බුදු සමය තුළදී තුළ දී කාන්තාවට ලැබුණු ගෞරවය ඉමහත්ය. ඇගේ මාතෘත්වය සලකා ඇයව එසේ විශේෂ වූ ගෞරවයකට ප්‍රාප්ත කෙරිණි.එසේම ඇය සතු පවතින අධ්‍යාත්මික ශක්තිය හා විවාහයෙන් ඔබ්බට ගිය ඇගේ කාර්යභාරය නිසා ඇයව මෙසේ ගෞරවයට ලක් කිරිමට හේතු විය.සංයුක්ත නිකායේ ආවේණික දුක්ඛ සූත්‍රයෙහි ස්ත්‍රියට අදාල වූ පස් වැදෑරුම් දුක්ඛකයන් දක්වා ඇත.එනම්,
1.යොවුන් වියේදී පතිකුලයට යාමට සිදුවීමෙන් නෑදෑයන්ගෙන් වෙන්ව වාසය කිරීමට සිදු වීම.
2.මාසික ඔපස් වීම.
3.ගැබිනි සමයේ දුක් විඳීමට සිදුවීම.
4.දරු ප්‍රසූතියකට ලක් වීමට සිදු වීම.
5.පුරුෂයෙකුට මෙහෙවර කිරීමට සිදුවීම
ආදියයි.
වර්තමානය වන විට අපට දැකගත හැකි වන්නේ කාන්තාවකට මගතොටවත් ගමන් කළ නොහැකි තත්වයක් ය. මග තොට දී කාන්තාවන්ට වන හිරිහැර දිනෙන් දින වැඩිවෙනවා මිස ඒවායෙහි අඩු වීමක් නම් දැකගත නොහැකිය.එසේ වීමට ප්‍රධාන හේතු සාධක කිහිපයක් වේ. ඒවා නම්,
1.කාන්තාවකට සමාජයීය හිමිවිය හිමිවිය යුතු නිසි ගෞරවය හිමි නොවීම.
2.පිරිමි පාර්ශවය විසින් ඇයට නිසි රැකවරණයක් ලබා නොදීම.
3.තාක්ෂණික උපාංග අවභාවිතාව.
4.මාධ්‍ය තුළ වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව තිබීම.
5.කාන්තාවන්ගේ උචිත නොවන විලාසිතාවන්.
6.ගෘහ සේවය සඳහා කාන්තාවන්ගේ විදේශගතවීම්.
ආදියයි.
ළදරු වියේ සිට වියපත් විය දක්වාම කාන්තාවන් මුහුණදෙන අතවර කිරීම්, දූෂණය කිරීම් හා ඉන්පසුව මරා දැමීම් සමාජය තුළ ප්‍රභල ගැටළුවක් බවට පත්ව ඇත.මෙසේ කාන්තාවන් ද අපරාධ සිදුවීමට වක්‍රාකාරයෙන් මාධ්‍ය ද වගකිව යුතුය.කාන්තාවක් දූෂණයට ලක්වීමේ පුවතක් ඉතාමත් රසවත් ආකාරයෙන් තම සාක්කු පුරවා ගැනීමේ අදිටනින් මාධ්‍ය ආයතන විසින් නිර්මාණය කිරීම හේතුවෙන් පමණට වඩා ප්‍රසිද්ධියක් ඒ සඳහා ලැබී ඇත. එසේම ඇතැම් දිනවල දී ප්‍රධාන පුවත් බවට පත්ව ඇත්තේ ද ඇතැම් පුවත්පත්වල වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන්ව ඇත්තේද කාන්තාවන්ට සිදු වූ අතවරවීම් සම්බන්ධයෙනි. මෙවන් වූ පුවත් දැක ජනයා “අනේ අපොයි” යැයි පැවසුව ද ඒවා පවතින්නේ සිද්ධිය සිදු වූ දිනයේ හෝ වාර්තා වූ දිනයේ සිට දින දෙකක් පමණය.ඉන්පසු සිදුවූ සියල්ලක්ම සමාජයට අමතකය නැවත ඒවා මතක් වන්නේ තවත් එවන් වූ සිද්ධියක් සිදු වූ පසුය.මෙවන් වූ සිදුවීම් වලින් අපට ගම්‍ය වන්නේ අනාගත ලාංකික කාන්තාවන්ගේ අනාරක්ෂිත බවයි.
රටක් තුළ නීතියක් යන්නට යමක් පැවතුන ද කාන්තාවකට ගරු කිරීමට නීතියක් අවශ්‍ය නොවන බව මා හැඟිය.මන්ද සංස්කෘතියත් සමඟ බද්ද වී ගොඩනැගී ඇති ශ්‍රී ලංකාව තුළ පුද්ගලයාගේ ආකල්පමය වෙනසක් මගින් කාන්තාවකට ගරු කරන සමාජයක් ගොඩනගා ගැනීමට හැකි වන බැවිනි.ලෝකයේ සියලු දෙයට ජීවය ලැබෙන්නේ සූර්යයාගේ සූර්යාලෝකයෙන් සහ මවගේ මව්කිරි වලිනි. යහපත් දේශයක් නිර්මාණය කිරීමට ආකල්පමය වෙනසක් ඇතිකර ගනිමු.
සටහන – පෙවින්ද්‍යා රශ්මි
