දකුණු ආසියාවේ වේගවත්ව සංවර්ධනය වන රටක් ලෙස අභිමානවත් ප්‍රතිරූපයක් තිබුණු බංග්ලාදේශය අද වන විට ආර්ථික සහ දේශපාලන අර්බුදයක් වෙත තල්ලු වී ඇත. අනූව දශකය වන විටත් අන්ත දරිද්‍රතාව උරුමකර ගත් බංග්ලාදේශය ඉතා ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කළේ සික් හසීනා බව අවිවාදයෙන් පිළිගත යුතුය. ඇයගේ පියා වන මුජිබර් රහුමාන් බංග්ලාදේශය නිදහස් රටක් බවට පත් කර බංග්ලාදේශයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වරයා වූ අතර 1975 වසර හමුදා කුමන්ත්‍රණය කෙළවර වූයේ හමුදාව බලය අත්පත් කර ගැනීමෙනි. එහි ප්රථිඵලයක් ලෙස මුජිබර් රහුමාන් ඇතුළු පවුලේ සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් ඝාතනයට ලක් විය.

වත්මන් ශිෂ්‍ය අරගලයේ උත්පත්තිකාරකය තවමත් නිශ්චිත ලෙස හදුනාගත නොහැකි වුවත් මෙම අරගලය පසුපස ඉතා ප්‍රබල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව නම් ප්රත්යක්ෂය. අරගලයේ පසුබිම උසස් අධ්‍යාපන කෝටාව නම් එම ගැටලුව මේ වනවිට විසදී ඇති පසුබිමක සහ සික් හසීනා ඉල්ලා අස් වී අන්තර් වාර පාලනයක් ස්ථාපිත කර ඇති තත්ත්වය තුළ අරගලය අවසන් විය යුතුය .අන්තර් වාර පාලනයේ උපදේශක ලෙස පත් විය යුතු යැයි අරගලකරුවන් නම්කර තිබුණු නොබෙල් සම්මානලාභී යූනුස් එම තනතුරට පත් වී අන්තර් වාර පාලනයේ සාමාජිකයන් දෙදෙනකු ලෙස විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු ද පත් වී ඇති සංදර්භය තුළ ද අරගලය අවසන් වී නොමැත. විධායකය සහ ව්‍යස්ථාදායකය සම්පූරණයෙන් අඩපණ කළ අරගලකරුවන් මේ වන විට එරට අධිකරණයේ විනිසුරුවරුන්ට ඉල්ලා අස්වන ලෙස බලකර සිටියි . කිසියම් රටක විධායකය, ව්‍යස්ථාදායකය සහ අධිකරණය අක්‍රීය වීම හරහා එම රාජ්‍ය බිද වැටීම වැලැක්විය නොහේ. දැන් බංග්ලාදේශය පත් ව ඇත්තේ එම ඉරණමට ය.

එසේ නම් අන්තර් වාර පාලනය මේ තත්ත්වය පාලනය කර ගැනීමට අසමත් වී ඇති බව ඉතා පැහැදිලි ය.එය හුදු රූකඩ සහ නාමික විධායක ක් පමණක් වේ.මෙම අර්බුදකාරි වාතාවරණය තුළ බංග්ලාදේශයේ ආර්ථිකය බරපතළ දෙදරීමකට ලක් වී තිබේ.
රාජ්‍ය පාලනය වෙනම කලාවකි. කිසියම් පුද්ගලයෙක් අවංක වූ පමණින් හෝ මහාචාර්යවරයකු වූ පමණින් රාජ්‍ය පාලනය කළ නොහැකිය. පාලකයා අවශ්‍ය තැන් වලදී දැහැමි විය යුතු වුවද සමහර අවස්ථා වලදී දැඩි විය යුතුය.
නෛතික රාමුවක් තුළ ගොඩනැගෙන අන්තර් වාර පාලනයක් පිළිගත හැකි වුවද පවත්වාගෙන ගෙන ගිය ප්රජාතන්ත්රවාදී පාලනය නීති විරෝධී ලෙස පෙරලා දමා ගොඩනගන පාලනය අන්තර් ජාතික ප්‍රජාව පිළිගනීද?අවසන සිදු වන්නේ අන්තර් වාර රජයේ ප්‍රධානියා ඉල්ලා අස් වීමය. ඩකා අගනුවර තවමත් පාලනය කරන්නේ පොලු මුගුරු රැගත් පිරිසකි.
මෙයින් ගම්‍ය වන්නේ නීතිය සහ සාමය රැකීමට අන්තර් වාර පාලනය අසමත් වී ඇති බවයි. රටේ ඉහළම අධිකරණයේ විනිසුරුවන්ට ඉල්ලා අස් වන ලෙස බලකිරීම නීතියේ ආධිපත්‍යයට බලවත් අභියෝගයකි. සික් හසීනා ගේ අවාමි ලීගයේ මන්ත්‍රීවරුන් සහ ප්‍රබල ආධාරකරුවන් බහුතරයක් මේ වන විට ඝාතනයට ලක් වී ඇත. රටේ පොලිස් ස්ථාන රාශියක් ගිනි තබා විනාශ කර තිබේ.
මෙවැනි අරගල වලින් කිසිදු රටකට සුගතියක් අත් නොවේ. මෙය ලෝකයේ ප්රජාතන්ත්රවාදී පාලනයට බලවත් තර්ජනයක් ක් වන බව නොඅනුමානයි.
සටහන –
නීතීඥ එස්.එම්.ජයසූරිය
