ග්‍රාමීය ආදර කතාවක් තුල සැගවුනු රහසක් සමඟ ” කම්බිලි ” තිරයට

author
0 minutes, 0 seconds Read

සිනමාව තුල විවිධ ශානරයන්ගේ සිත්තම් මැවෙන අවධියක මෙවර සිංහල සිනමාවෙි එකවර චිත්‍රපටි කිහිපයක් තිරගතවෙනවා. එයිනුත් ප්‍රසාද් කළුපහන ගේ ” කම්බිලි චිත්‍රපටිය පූර්ව ප්‍රචාරක පටයෙන් තම ප්‍රේක්ෂකයා ව සිනමාශාලවට ගෙන ඒමට සමත්ව සිටීම ප්‍රචාරණය අතින් හොද කටයුත්තක් වනවා. මෑත වකවානුවෙි ප්‍රචාරක පටයන් හරහා ප්‍රේක්ෂකයා ආකර්ශනය කරගැනීමට සමත්කම් දක්වන චිත්‍රපටි අතලොස්සක් වනවා.

සුන්දර ගම්මානයකට එන එක්තරා අමුත්තන් දෙදෙනෙකුගෙන් ආරම්භ වන කතාව තුල ආදර කතා සම්ප්‍රදාය තුල දෝලනය වීමක් දකින්න ලැබෙනවා.සිනමාකරුවා තමන්ගේ වෑයම යොදා ඇත්තේ නව පුරපුර වෙත මෙම චිත්‍රපටිය ලංකරන්නටවිය හැකි බවට සැලකෙන සලකුණු ගණනාවක් මෙහි මුල සිට පෙන්නුම් කරනවා.

එහිදී එකතුකරගන්නා නළු නිලියන්ද මෙයට කදිම උදාහරණ සපයනවා. මෙහි රොෂෙල් රංගන දායකත්වය සපයන වෙද ගෙදර දියණිය සමාධි ගේ චරිතය මෙන්ම භානුකගේද චරිතය ද ජනප්‍රියවාදී සිනමාව වෙත ගමන් කරවන අතර වෙදමහත්තයාගේ චරිතයෙන් දෙබස් අඩු එහෙත් ප්‍රේක්ෂකයා යම් තරමකට රදවා ගැනීමට අධ්‍යක්ෂකවරයා සමත්වෙනවා.

භාණුක හා සමාධිගේ ආදරකතාව හුදෙක් සිනමාව තුල නොමැති පුංචි තිරය තුල දකින්න හැකි ලක්ෂණ මතු කලත් චිත්‍රපටියේ දෙවන භාගය තුල මතුවෙන වෙදමහත්තයාගේ සොහොයුරාගේ රංගනය එය වෙනත්ම මානයකට ගෙන යනවා. එහිදී ප්‍රසාද් තමන්ගේ අධ්‍යක්ෂණය තුල යම් කිසි ත්‍රාසය හා භීතය දෙවන භාගය තුල මැවීමට සමත්කමක් දක්වා තිබෙනවා.

කෙසේ නම් කතාව හා පෙළගැස්ම එසේ වුවද තම කුළුදුල් නිර්මාණය⁣ තුල ඔහු අමතක කරන කොටසක් වන්නේ එම සිනමා නිර්මාණය තුල සිදුවිය යුතු අත්‍යවශ්‍ය සංස්කරණයයි. ඒ වෙනවිටත් ඇතැම් දර්ශනයන් දීර්ඝ වීම තුල අප හට චිත්‍රපටියෙහි මෙසේ වෙි යැයි නිගමනය කරන්න කලින් හැකිවනවා. එය කුතුහලය මැවීමට කම්බිලි වල තිබූ අවස්ථාවක් නැති කරගන්නවා.

චිත්‍රපටිය තවත් සුවිශේෂී වන්නේ මෙහි සිනමා සංගීතය අතින් හොද ප්‍රයෝග පාවිච්චි කර තිබීම හා චිත්‍රපටි පසුබිම් ගායනය සදහා යොදාගෙන තිබූ හඬ පෙරුෂයන් බවට අවිවාදයෙන් කිව හැකි වනවා. එහිදී භාචි සුසාන්,කාංචනා අනුරාධි,ගයාන් ගුණතිලක,ඉෂාන් (සෙන්ට්‍රිගේරේට්) , සේනානායක වෙිරලියද්ද ,ටෂ්නි පෙරේරා විශේෂයි.කෙතරම් උසස් සංගීතයන් යොදා තිබුනද සිනමාරුවාට ඇති මීළග අභියෝග මෙය සෑම චිත්‍රපටි ශාලාවක ප්‍රේ්ක්ෂකයන් වෙත ලබාදීමට හැකි ද යන්නයි. එනයින් කම්බිලි චිත්‍රපටියේ රංගනය මෙන්ම සංගීතය යන කොටස් දෙකම සමබර කිරීමෙි උත්සාහයක් තම කුළුඳුල් චිත්‍රපටියේදී ම ප්‍රගුණ කිරීම අධ්‍යක්ෂවරයා සතු හැකියාවක් බවට කීමට පුළුවන්. මෙයට හේතුව ඇතැම් විට අධ්‍යක්ෂකවරයා තමන්ගේ විෂය වන දැන්වීම් කලාවද හඬ හා පින්තූර අතර සිදුවන අපූරු කලාවක් බව මතක තබාගෙන කටයුතු කරන්නෙක් නිසා යැයි සිතන්න හැකියි.

සෑම විටම සිංහල සිනමාව තුල සංවර්ධනයට අවශ්‍ය වන්නේ නිර්මාණ වන අතර ඒ සදහා සිදුකෙරන නිර්මාණ වලට වැඩිහිටි හා තරුණ ප්‍රේක්ෂකයා අල්ලා බැද තබා ගැනීමෙි අනෙක් උත්සාහය රංගනයෙන් පෙන්වන්නට ප්‍රවීන රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු වැනි රංගන ශිල්පිනියක්ව යොදා ගැනීම ද සිදුකර තිබෙනවා.

විෂයක් ලෙස සිනමාව තුලින් පණිවිඩ ලබාදීම සිදුකරන්නට තියෙනවා යැයි තිබෙන අදහස පසක් කරවන්නට මෙන් මෙය මත්ද්‍රව්‍ය ග්‍රාමීය සමාජය තුල පැතිරවීම හා දේශපාලන හස්තයන් ඒ තුල සිටීම පෙන්වීමට අධ්‍යක්ෂකවරයා මෙය නිර්මාණය කලා යැයි නොසිතෙන තරමට අදාල පණිවිඩය තුලින් සැගවුනු කතාවක් එළිදැක්වීමට ඔහු සමත්ව තිබීම සතුටට කාරණාවක්. කෙසේ වෙතත් තම කුළුඳුල් චිත්‍රපටිය වන කම්බිලි තුලින් ප්‍රසාද්ගේ වෑයම සාර්ථිකවන්නටත් අප විසින් සුභ පතන අතර ඔහුගේ මීළඟ සිනමා වෑයම මීට වඩා අපූරු මෙන්ම වෙනස් ශානරයක් වෙිවියැයි සිතෙන ආකාරයට ගොඩනැගෙන පුද්ගලයෙකු අපට නව බලාපොරොත්තු තබාගත හැකිවනවා.

නදීෂ නිර්මාණ හේරත්

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa