“එකම එක බලාපොරොත්තුවක්
හිර වෙලා පපුතුරේ
මා දවාලයි
කිරිකැටියෝ මගේ..”
සිහින නෙළුම් මල් ප්රේක්ෂාකාරය වෙත දවන හැඟීම මෙලෙස වචන වලින් ලිවීම කෙතරම් සාධාරණදැයි සිතෙන තරමට එහි නිර්මාණකරුවා ශමීර නාඹුටුන්න හොද පරෙස්සමකින් එය අප වෙත ගෙන එනවා. ආරම්භයේ පටන්ම අපට දකින්නට ලැබෙන සමාජ පසුබිම මෙන්ම යාවත්කාලීන සමාජ ප්‍රශ්න යනාදිය පිළිබදව කතාකරන ඔහු අරගලය වැනි ජනප්‍රියවාදී කාරණාවක් ඇතුලත තම කතාව ගලා යාම සීරුවට සිදුකරනවා.

නාගරික ජන සමාජය තුල බහුලව දකින්න ඇති දරුවන් නැතිවීම නිසා දුක් විදින දෙපලක් ලෙස සහන් නයෝමි දෙදෙනාගෙ ආදරය චිත්‍රපටියේ මුල් භාගය තුල තරමක ආදරණීය බව වැඩිකිරීමට සිනමාකරුවා උත්සහ කර ඇත්තෙ එහි දෙවන භාගය ගැලපීමට පහසු ලෙස යැයි සිතෙනවා.
සංස්කෘතිය තුල දරුවන් නොමැති වූ විට වැඩිහිටි ඥාතීන් අතින් රිදෙන හිත් තැවීමට ගොස් දුක් විදින සහන් හා නයෝමි ගේ ගැටීම තුල සමාජයේ මෙි ප්‍රශ්නයට වැඩියෙන්ම දුක්විදින්නේ කාන්තාව බව සිනමා කෘතිය තුල සියුම්වට දනවනවා.එසේම සාම්ප්‍රදායික පිරිමියා ඔිනෑම විටම දිගු කරන ඇගිල්ල සහන් ගෙන් අපට පෙනෙනවා.මුල් කාර්තුවෙි ආදරණීය දෙපල තුල හටගන්නා ප්‍රශ්න වඩාත්ම අපට ලංවන්නේ එලෙසින්.
සංස්කරණය මෙන්ම මෙහි රූප රාමු එකිනෙකට එකක් වෙනස් අයුරින් ලබාගන්නට සහ කුතුහලය චිත්‍රපටියෙහි මැද තුල පවත්වාගෙන යාමට අධ්‍යක්ෂකවරයා විසින් සහන්ගේ චරිතය ට පණ පොවන හේමාල් ට ලොකු වැඩ කොටසක් කිරීමට හැකි චිත්‍රපටියක් බවට මෙය පත්කරනවනවා.එය අප ඔහුගේ මුලින්ම නරඹන ලද ” ප්‍රවෙිගය ” සිනමා කෘතියේ ඔහුගේ භාවයන් පෙන්වූ රංගන කොටස්වලට සමාන වනවා.වෙනස් ආකාරයේ චිත්‍රපටි කිහිපයකින් පසු පවුලේ කතාව කලකට පසු නැවත සිනමාවට ගේන සිහින නෙළුම් මල් චිත්‍රපටියේ හේමාල් තම තැන සලකුණු කරන්නේ ඒ විදියටයි.

දුශේනි හරහා නයෝමිගෙ චරිතයට උපරිම සාධාරණයක් ඉටුවන අතර ඇතැම් තැන් කිහිපයක ඇය දෙබස් වලදී ඇය වෙනත් නිර්මාණවල දැක්වූ හඬ පරාසයන්ට සමාන පරාසයන් යාමෙි ගැටලුව හැර දුශේනි අතිශය හොදින් තම කටයුත්ත කර තිබුනා.ඒ වගේම මෙහි පසුබිම් සංගීතය වගේම කලා අධ්‍යක්ෂණය සිහින නෙළුම් මල් චිත්‍රපටිය මුල සිට අග දක්වාම නරඹන කිසිවෙකුගේ ඇස් ඉවතට ගත නොහැකි තරමටම දර්ශනීය එකක් වනවා.උමාලිගේ චරිතය අප සමාජය තුල නිතර දක්නට ලැබෙන අතර තවමත් ඇඟලුම් ක්ෂේත්රයේ ජීවත්වෙන කාන්තාවන්ට සිදුවෙන සමාජ අරියාදුව ද ශමීර තම සිනමා කෘතිය තුල පෙන්නුම් කරන අතර වරින් වර ඇය හරහා ද කුතුහලය පෙන්වනවා.

එසේම බොහෝ සිනමා නිර්මාණවල දක්නට ඇති අවසානයට වඩා ප්‍රීතිමත් අවසානයක් මෙහි දැනවීම තුල ප්‍රේක්ෂකයා ට පවා චිත්‍රපටිය අවසානය තුල යම් කිසි මානසික ඉහිල් වීමකින් සිටීමට හැකිවීම චිත්‍රපටිය තුල එහි සියලු දෙනාම ලැබූ ජයග්‍රාහී වෙනසක් වනවා.

අතිශය සරල කතා සංකල්පයක් වුවද දැඩිව කතාබහ කරන එසේම වර්තමානයේ නව මාධ්‍ය ප්රවනතාවය වන යූ ටියුබ්වලට එකතුවුනු නව පිරිස් ගැනද පිටත සිට බලන අයට මෙන්ම එහි නිරත අයට ද වැඩි දෙයක් සිතන්නටත් දෙන්නට අධ්‍යක්ෂකවරයා කල්පනා කලා වෙන්න පුළුවන්.

සෑම ගැහැණියක්ම සිහින නෙළුම් මලක් පිපෙන තුරා බලාසිටිනවා. ඉතින් ඒ ජීව විද්‍යාත්මක යථාර්ථය පසක්කරනවන අපූරුතම සිත්තමක් බදු චිත්‍රපටිය
” සිහින නෙළුම් මල් “
සටහන –
නදීෂ නිර්මාණ හේරත් (Naddy)
