නූල්වර්ග හඳුනා ගනිමු.
කතිර මැහුම් සඳහා භාවිතා කරන රෙදි වර්ග සහ ඒ රෙදි සඳහා ගැලපෙන ඉඳි කටු වර්ග ගැන කලින් පාඩමේදි අපි කතා කළා.
අද අපි කතා කරමු කතිර මැහුම් වලට භාවිතා කරන නූල් වර්ග ගැන.
කතිර මැහුම් වලට ගන්න නූල් කැරලි නූල් කියල හඳුන්වනවා.
එක නූල් කැරැල්ලක් මීටර් 8ක් විතර ප්‍රමාණයකින් සමන්විත අතර නූල් පොටවල් 6ක් එකට අඹරලා තමයි මේ නූල් කැරැල්ලක තියෙන්නේ.
අයිඩා රෙද්දේ අඟලකට තියෙන කොටු ගානේ හැටියට අවශ්‍යය නූල්පොටවල් ගාන මේ නූල් කැරල්ලෙන් ගලවලා ගන්න පුලුවන්.
DMC
කැරලි නූල් වල ආරම්භකයා තමයි DMC .

DMC නූල් පාට 489ක් දක්වා විශාලා වර්ණ පරාසයකින් දැන් ගන්න පුලුවන්. මුලු ලෝකේ පුරාම ජනප්‍රියතම නූල් brand එක තමයි DMC .
Anchor නූල් කැරලි
Original Anchor නූල් කැරලි වල පාට 460ක් තියෙනවා.

Anchor ( local )
Anchor කියන නමින්ම වෙළඳපලේ තිබුනට මේ local Anchor නූල් මිලෙන් අඩුයි. බැලූ බැල්මට නූල් කැරලි දෙකම එක සමානයි. ලේබල් එකේන් තමයි වෙනස දැනගන්න පුලුවන්.

Rose
මේ Rose කියන නූල් කැරලි වල තියෙන්නේ DMC වර්ණයි.
Rose brand එකේ DMC නූල් වල වර්ණයන්‍ම තියෙන නිසා ලේසියෙන්ම chart වලට නූල් ගලප ගන්න පුලුවන්. DMC නූල් වල අංකයන් ඒ විදියටම ඒ පාටට ගැලපෙන්න Rose වලින් ගන්න පුලුවන්. සමහර වෙලාවට පාට වල පුංචි පුංචි වෙනස්කමුත් නැත්තෙමත් නෑ. නූල් දෙකේ quality එක නම් ගොඩාක් වෙනස්.
මේ Rose නූල්වලත් එක එක quality තියෙනවා. සමහර නූල් සේදුවම පාට යනවා

Doli
මේ නූල් වර්ගය තමා වෙළෙඳපොළ තුළ අඩුම මිලකට මිලදී ගන්න පුළුවන්. හැබැයි මේ නූල් වර්ගය සේදුව විට පාට ඉවත් වෙන වර්ගයක් නිසා තත්වයෙන් අනික් නූල් වලට වඩා බාලයි.

Apple
ලංකාව ඇතුළෙ බහුලව පාවිච්චියට ගන්න බ්‍රෑන්ඩ් එකක්. ඇපල් නූලත් තත්වයෙන් සාපේක්ෂව උසස් මට්ටමක පවතින නූල් වර්ගයක්.

ඉතිරි කොටස ලබන සතියේ….
