ළූනු මල් මැල්ලුම(යාපනේ විදිහට)
*ළූනු මල් 100g ක් අරන් හිනියට කපාගන්න.
*තෙල් ස්වල්පයක් භාජනයකට එක්කර රත්වෙන විට සූදුරු තේ හැඳි බාගයක් ,අබ තේ හැඳි බාගයක් එක්කරන්න.
*කපාගත් ළූනු ගෙඩියක් (රතුළූනු නම් හොඳයි),අමුමිරිස්,සුදුළූනු බික් 2ක් ,කරපිංචා එක්කර ස්වල්ප වෙලාවක් බැදෙන්න හරින්න.කරවෙන්න දෙන්නෙපා.
*ළූනු මල් ටික එක්කර,එයටම උම්බලකඩ,කහ,ලුණු එක්කර මිශ්‍රකර විනාඩි දෙක තුනක් පියනකින් වසා තබන්න.(අඩුම ගින්දරේ තැබිය යුතුයි )
*අවසානයට ගා ගත් පොල් එක්කර මිශ්‍රකර විනාඩියක් පමණ තබා ලිපෙන් ඉවත් කරගන්න.

ඉදිරිපත් කිරීම
අප්සරා රණසිංහ
