කව්රැද කව්රැද දැන් ලොක්කෝ’
අපිමයි අපිමයි දැන්
ලොක්කෝ….
සතුරැ බලේ ගියා කැලේ
අපේ බලේ සමගි බලේ
මෙය 1976 වසරේ යුගයේ පෙරළිකාර විප්ලවවාදී චිත්‍රපට නිෂ්පාදකයෙක් වු ටයිටස් තොටවත්ත ශූරීන් විසින් අවු.08 සිට වැඩිහිටි අවධිය දක්වා අයට හදවතට ම රස වින්දනය ලබා දුන් ළමා චිත්‍රපටයක් වු හඳයා චිත්‍රපටයේ අභිමානවත් ගීතයකි.

බොහෝ දෙනා මෙම චිත්‍රපටය 8-80 ලෙස හැඳින්වුයේ මෙම චිත්‍රපටය දරැවන්ගේ ලෝකය කදිමට නිර්මාණය කර තිබෙන මෙවන් චිත්‍රපට රැසක් මේ දක්වා බිහි වී ඇත.
දරැවන්ගේ ළමා මනස යහපත් රස වින්දනයට යොමු කිරීම මෙන්ම ගුණ ගරැක සමාජයක් නිර්මාණය කිරීමේ උතුම් අරමුණ මුදුන් පමුණුවා ගැනීම පිණිස දරැවන් කාටුන් වලට සහ පරිඝණක ක්‍රීඩා සඳහා වන ඇබ්බැහිය වළක්වා ගැනීමට ද හොඳ කලා කෘතියකට ඇත්තේ අපූරු හැකියාවකි.
එසේ නම් චිත්‍රපට කිහිපයක අන්තර්ගතය විමසා බලමු.
හෝ ගානා පොකුණ එහි ප්‍රධාන චරිතයක් වු දක්ෂ ගුරැවරිය දරැවන්ගේ වීරවරිය ලෙස පෙනී යන්නේ අද ඇතැමි ගුරැ බවතුන් දරැවන්ට ඉගැන්වුවාට අහගෙන ඉන් නැහැයි විදුහල්පතිතුමාට පැමිණිලි කරන පාසල් ගුරැබවතුන් සිටින කාලයක දුෂ්කර ගමක වුව ද දුප්පත් අසරණ දරැවන්ට පවා තම සිහින වලට යාමට හැකි යැයි ලබා දුන් පණිවිඩය දරැවන්ගේ අනාගතයට මහඟු අභිපේරණයකි.
සමහර දරැවන් වර්තමානයේ ඉගෙන ගන්නේ හීන පසුපස හඹා යාමට නොව මග දමා යාමට ය.ඉතින් මෙම චිත්‍රපටය තුළ දරැවන්ට තම කටයුතු කර ගැනීමට උද්යෝගය ලැබෙන්නේ ගුරැ ගෞරවය හදවත පත්ලට ම කිඳා බැස්සවීමත් සමග ය.
මෙහි දී අපට මතක් වෙන්නේ ධර්ම යුද්ධය චිත්‍රපටයේ පියාට රඟ පෑ ජැක්සන් ඇන්තනිගේ චිත්‍රපට දෙබසකින් කොටසක් ය.එනම් චිත්‍රපට වලින් එන දැනුම ඉතා විශාල බවත් එය විශ්ව විද්‍යාලයක දැනුම හා සමාන වන බවයි. දරැවන්ගේ චිත්‍රපට ද එසේමය. දරැවන්ට ලබා දීමට අපහසු දැනුම මෙන් ම ගුණ ධර්ම ලබා දීමට ළමා චිත්‍රපට කදිම තෝතැන්නකි.
මෙලෙස නම් වශයෙන් පැවසීම අපහසු වුව ද මඩොල් දුව සුරිය අරණ,හෝ ගානා පොකුණ,තාල,ටවුමෙ ස්කෝලෙ,සිරි රජ සිරි,දරැවනේ,අඟර දඟර,රං කෙවිට සහ තවත් රැසක් ඇත.
සෝමරත්න දිසානායක ශූරීන්ගේ සුරිය අරණ චිත්‍රපටය ද දරැවන් අතර වඩාත් ජනප්‍රිය චිත්‍රපටයකි.
සුරිය අරණ චිත්‍රපටයේ “ඉරෙන් හඳෙන් ගීතය දරැවන්ගේ තොල් අග මිමිණෙන්නේ චිත්‍රපටයේ සාර්ථකත්වය සපථ කරවමිනි.

රන් කෙවිට චිත්‍රපටය තුළ සැබෑ නොවන දෙයක් හුවා දැක් වුව ද එය දරැවන් ආශ කරන මනෝභාවයෙන් යුක්ත ය.
සිරි රජ සිරි චිත්‍රපටය ද දරැවන් සිහින සැබෑ කර ගන්න ආකාරය විස්තර වීම දක්වා ඇත්තේ චිත්‍රපටයේ කුතුහලයට බාධාවක් නොවන අයුරිනි.
මවුස් චිත්‍රපටය මෙන් ම විෂම භාග යන චිත්‍රපට ද දරැවන් සඳහා නිර්මාණය වී ඇති වෙනස් ම ආකාරයේ චිත්‍රපට දෙකකි.
මෙම සෑම නිර්මාණයක්ම ළමා මනසට සුව ගෙන දෙන නිර්මාණ වීම මින් මනාවට පැහැදිලි වේ.
දරැවන්ගේ ලෝකය යහපත්ව නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකීය සිනමාව ගත් උත්සාහය ප්රශස්ත මට්ටමේ තිබුණ ද එය ප්‍රමාණාත්මකව ඉතා අල්ප ය.වහා දිරි ගැන්විය යුතු පර්යේෂණ කළ යුතු ක්ෂේත්රයක් ලෙස ළමා චිත්‍රපට කලාව හැඳින්විය හැකිය.
සටහන – නිලූකා
