සංසාර ගීය – 20 කොටස

author
0 minutes, 10 seconds Read

මාස දෙකක පමණ කාලයක් ගතව ගියේ සනහස්ගේ ජිවිතේ බොහෝ දේවල් වෙනස් කරමින්.ප්‍රේක්ෂකයන් සනහස්ට පෙර ලෙසට ඔහුගේ දක්ෂතාවය නිසා ඇලුම් කරේ ඔහුගේ අතීත සිදුවීම පසෙකට දමායි.නැවත වතාවක් ඔහු සුපුරුදු දින චර්යාවට අනුගත වෙමින් කාලය ගත කරේ ඔහුගේ සංගීත වැඩ කටයුතු කිහිපයක් වෙනුවෙන් කාර්‍යබහුල වෙමින්.

“සනහස් අපිට ඊළඟට තියෙන්නේ විසිර ටිවී එකේ අද අර පටන් ගන්නවා කිව්ව රියැලිටියට යන්න අද ෆස්ට් ඩේ එකනේ අපි ටිකක් වේලාසන යන එක තමයි හොඳ.”

“මං ඔය වැඩේට කැමති වුණේ අකමැති වෙන්න බැරි කමට මිනෝල ඕක මහ එපා කරපු වැඩක්..”

“ඒ වුණාට මේක හොඳ ඔපචුනිටි එකක් සනහස් මෙහෙම ජජ් බෝඩ් එකේ ඉන්න හැමෝම අවස්ථාව හම්බෙන්නෑ..”

“මං ඒක දන්නවා ඒ වුණාට මෙතන මට මගේ කමෙන්ට් එක දෙන්න පුළුවන් සීයට පනහක් විතරනේ එතනින් එහාට සම්පූර්ණ තීරණය අපේ අතේ වගේ ප්‍රේක්ෂකයන්ට පෙන්නුවට බලය තියෙන්නේ එයාලට..දැන් රියැලිටි තියන්නේ සිංදු කියන අයට ගොඩ යන්න නෙවෙයි බං චැනල් වල ජනප්‍රියත්වය පවත්වගෙන යන්න විතරයි.මං ඒ වැඩේට කැමති නෑ මිනෝල..”

“එහෙනම් මේ වැඩේට බෑ කියනවද සනහස්..”

සනහස්ගේ සියලු වැඩ සැලසුම් කරේ මිනෝල සනහස්ට තිබුණේ ඔහුගේ අදහස දක්වලා ඒ දේවල් වෙනුවෙන් සූදානම් වෙන්න පමණයි..

“එහෙම ඕන නෑ මිනෝල අපි මේ වැඩේ බාරගත්තනේ ඔන්න ඔහේ ගිහින් පෙනිලා එමු..”

රාත්‍රි හතට සජීවීව විකාශය ආරම්භ කිරීමට නියමිත වුණ රියැලිටි වැඩසටහන පවත්වන මැදිරියට සනහස් සවස හයයි තිහට පමණ පැමිණ සුදානම් වී පසෙකට වී බලාගෙන සිටියේ ඔහු සිහින තරුව ලෙසින් කිරුළ දිනාගත් කාලයේ රියැලිටියට වඩා සම්පූර්ණයෙන්ම පිටපතකට අනුව සිදුවෙන විකෘති රියැලිටියට සැවොම සූදානම් වෙන දිහයි.

“මෙහෙමයි ඔයාලා කැමරාස් දිහා බලාගෙන ඉන්නැති තරමට තමයි මේ වැඩේ ලස්සනට කෙරෙන්නේ ඔයාලා සපෝට් කරන කෙනා ස්ටේජ් එකට ආවම විසිල් ගහලා ,අප්පුඩි ගහලා දන්නැද්ද හොඳ වෙල්කම් එකක් දෙන්න..”

“කට්ටිය ලයිව් එක පටන් ගත්තට පස්සේ හැමදේම ගාණට වෙන්න ඕන මේක මේ එසේ මෙසේ වැඩසටහනක් නෙවෙයි ලංකාවම බලන් ඉන්න රියැලිටියක්..”

“හරියප්…හරියප් සේරම හරි නේද තව විනාඩි දහයයි පටන් ගන්න තියෙන්නේ..කෝ ජජ් බෝඩ් එකේ අය..සංකල්පනී, ඉරාන්, සනහස්, නිර්මල කට්ටියම ඇවිත් නේද ඉන්නේ..”

සනහස් ඔහුට සූදානම් කර තිබුණ මේසයෙන් අසුන්ගත්තේ අනෙකුත් විනිසුරුවරුන්ට මඳ සිනහවක් පාමින්..

“අම්මෝ ගොඩ කාලෙකින් සනහස් මෙහෙම අපි හම්බුණේ නේද..ගිය සතියේ රිලීස් කරපු සිංදුව නම් මාරම ලස්සනයි අනේ..මං අහන්නමයි හිටියේ අපි කරමුද ⁣ඩුවට් එකක් අපි දෙන්නගේ වොයිස් මාරෙට ⁣මැච් වෙනවා අනේ..”

සනහස්ට සමකාලීන ගායිකාවක් වුණ සංකල්පනීට සමීප අසුන සනහස්ට හිමිවී තිබුණ නිසා සනහස් සිටියේ මඳක් අපහසුවෙන්..

ඇය ගැන ක්ෂේත්‍රය ඇතුලේ තිබුණේ එතරම් සොඳුරු කතාබහක් නම් නොවෙයි ඇය ප්‍රේක්ෂකයන් සමඟින් නිතර මත ගැටුම් ඇතිකර ගන්නා නිසා ප්‍රේක්ෂකයන් පවා ඇයත් සමඟ සිටියේ අමනාපයෙන්..

“තව විනාඩි පහයි හැමෝම ලෑස්තිනේ මුලින්ම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේ අපේ ජජ් බෝඩ් එකේ සිංදු තුනකින් ඔයාලා සිංදුව කියන්න ඕන නෑ අපි රෙකෝඩ් එක දාන්නම් චුට්ටක් ඇක්ට් කරන්න ඒ ඇති කියනවා වගේ..”

වැඩසටහන ආරම්භ වුණේ විනිසුරුවරුන් සිව් දෙනාගේ ගීත කොටස බැගින් ඔවුන් වේදිකාව මතට වී ගායනා කරන දසුනින්..
ඔවුන් ගීත ගායනා කර අවසන් වුණාට පස්සේ නිවේදකයා පැමිණ වැඩසටහන ගැන වගේම විනිසුරු මඩුල්ල ගැන කෙටි හැඳින්වීමක් සිදු කරේ සනහස්ලා දෙසට සියලු කැමරා ⁣හැරවෙද්දියි..

තරඟ කරුවන් විසිපස් දෙනෙක් අද දිනයේ ගීත ගායනා කිරීමට සිටිය නිසා සැවොම සූදානම් වුණේ ඔවුන්ගේ ගීත රසවිඳින්න..

පාලක මැදිරියේ සිට සනහස් ඇතුළු විනිසුරුවරුන් ⁣සිව්දෙනාට කනෙහි රඳවා ඇති කුඩා උපකරණයෙන් විටෙන් විටේ ඔවුන් සිදු කිරීමට අවශ්‍ය දේවල් සහ තරඟකරුවන්ට දිය යුතු උපදෙස් පවා පැවසුවේ සනහස් ඉවසීමේ සීමාවේ උපරිමයෙන් රැඳී සිටිමින් ඔවුන් සමඟින් කටයුතු කරද්දියි..

“සනහස් ⁣කොච්චර හොඳට කිව්වත් මොකක් හරි නෝට් එකක වරදක් කියන්න..”

එලෙස පාලක මැදිරියේ සිට ඔහුට උපදෙස් ලැබුණත් එම තරඟකරුගේ කිසිදු වරදක් ඔහු නොදුටුව නිසා සනහස් එලෙස කිසිවක් නොපවසා සිටියේ වැඩසටහන අවසන් වුණාට පස්සේ නැවත වතාවක් ඔවුන් සමඟ කතා කල යුතු යැයි කියා සිතමින්..

“මේ සනහස් එක්ක නම් බෑ මූ අපි කියන කිසි දෙයක් කරන්නෑනේ අනිත් අය ශේප් මේකෙන් වෙන්නේ අපේ ජජ් බෝඩ් එක හෑල්ලු වෙන එක..”

“පොර කොහොමත් හොර බොරු නැති මනුස්සයානේ ඔන්න ඕක අල්ලලා දාපං බං ලොක්කා අපිට කිව්වනේ කලින්ම පොරට ඕවා කියවන් යන්න එපා කියලා..”

“අන්තිමට ඉන්නේ අර රෝදපුටුවේ ඉන්න ගෑණු ළමයා නේද..”

“ඔව්..ඒ ගෑණු ළමයා තමයි..”

“ලෑස්ති වෙයන් අද දවසේ තරුව ඒ කෙල්ල පළවෙනි දවසෙම වැඩේ නැගලා යන්න පොඩි ඔය වගේ විශේෂ සීන් එකක් තියෙන්නම ඕන මං ඒකමයි ඒ කෙල්ලව ඔතනට දැම්මේ ලබන සතියේ නොදා..”

තරඟකරුවන්ගේ ලකුණු සටහන් කරන කොළය දිහා බලමින් සනහස් මෙතෙක් ගීත ගායනා කර අවසන් වුණ තරඟකරුවන්නේ නම ඉදිරියෙන් ලකුණු සටහන් කරමින් සිටිද්දි පාලක මැදිරියේ සිට කනේ රඳවා සිටි කුඩා උපකරණයෙන් ඇසුණු දේ නිසා සනහස් වේදිකාව දෙස බැලුවේ කුතුහලයෙන්..

“දැන් ඊළඟට එන ගෑණු ළමයා තමයි අද අපේ හයිලයිට් එක පුළුවන් තරම් ඒ ගෑණු ළමයගෙන් එයා ගැන විස්තර අහන්න තව සිංදුවක පුංචි කෑල්ලක් කියන්න පුළුවන් ද අහන්න..සනහස් විශේෂයෙන්ම ඔයා පොඩ්ඩක් හයිලයිට් කරලා ටැලන්ට් එක ගැන කතා කරන්න..”

විනාඩි කිහිපයක් ඔවුන් එතරම්ම විශේෂයෙන් සලකන ගෑණු ළමයා කවරෙක්ද කියා දැනගැනීමට සනහස් වේදිකාව දෙස බැලුවත් වේදිකාවේ ආලෝකය මඳක් අඩුවී ගිය නිසා සනහස්ට ඇයව නොපෙනුනී ගියත් ඇගේ ඡායාරූපයක් එම මොහොතෙම තිරයේ දිහස් වුණේ සනහස්ව පියවි සිහියෙන් බොහෝ ඈතට රැගෙන යමින්..

පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීලා වෙන්වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්

රෝදපුටුවක් මත හිඳගෙන සංගීතයට සමවැඳී ගීතය ගායනා කරන ඇය දිහා ඔහු දෑස් නොපියවා බලාගෙන සිටියේ ඔහුගේ දෑස් ඉදිරියේ පෙනෙන දේ ඔහුට විශ්වාස කරගත නොහැකි වුණ නිසයි..

මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මැවූ ආදරේ
බොඳ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා

පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීලා වෙන්වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්

රෑ සීතයක් සේ සිතා
සැනැහී හිදින්නම් දරා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි හැඟේ

පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීලා වෙන්වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්

ඇය ගීතය ගායනා කර අවසන් වෙනවත් එක්කම ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණු අත්පොලසන් නාදය නිසා පියවි සිහියට පැමිණි ඔහු එක හුස්මට වතුර වීදුරුව පානය කරගෙන ගියේ දහඩියෙන් තෙත් වුණ මුහුණ ද පිසදමා ගනිමින්..

අද අපේ අවසන් තරුව සයාරා නෙතුසරණි වීරවර්ධන අපි මුලින්ම පිළිවෙළට අපේ විනිසුරුවරුන්ගේ අදහස දැනගමු ඇගේ ගායන ගැන..

“සනහස්..සනහස්..මොන ලෝකෙද ඉන්නේ ඊළඟට ඔයාගේ වාරේ මතකනේ කියපු දේ හොඳ කමෙන්ට් එකක් ඕන..”

ඔහුගේ වාරය පැමිණි නිසා සනහස් මදක් සන්සුන් වී ඇගේ ගීතය ඔහු රසවිඳින්දේ නැති වුණත් සාමාන්‍යයෙන් ගායනයක මූලිකවම සලකන කරුණු කිහිපයක් ගැන ඔහු කතා කරමින් සුභ පතලා ඔහුගේ අදහස් දැක්වීම අවසන් කරේ අනෙකුත් විනිසුරුට අවස්ථාව ලබාදෙමින්..

“සයාරා අපිට දැනගන්න ලැබුණා ඔයාගේ අනතුරින් පස්සේ ඔබ ගීත ගයන්න පෙළඹුණා කියලා..”

“ඔව් අවුරුදු පහකට කලින් මගේ ජිවිතේ හැමදේම වෙනස් වුණා මට සිද්ධ වුණ අනතුර නිසා මගේ හීන අතාරින්න මං පුංචි කාළේ ආස වුණේ ඩාන්සර් කෙනෙක් වෙන්න මගේ හැම හීනයක්ම තිබුණේ නැටුම් එක්ක ඒත් ආපහු මං හිතන්නෑ මගේ කකුල් බිම තියලා මට නටන්න පුළුවන් වෙයි කියලා ඒ නිසා මං ගීත අහන්න ආස වුණා ඊට පස්සේ මං සංගීතය ගැන ඉගෙන ගන්න පටන් ගත්තා..”

අමායා ජීවතුන් අතර සිටියනම් ඇගේ රූපය හා සමාන රූපයක් හිමි ඇගේ නමට පවා සමාන නාමයක් හිමි එකම වාසගම ඇතුව
ඔහු ඉදිරියේ රෝදපුටුවක සිටින තරුණිය දිහා සනහස් බලාගෙන සිටියේ දෑස් පිය නොහෙළමින්..

“මං මේ දකින්න හීනයක්ද..එහෙම කොහොමද වුණේ..අමායා වගේම තව කෙනෙක් එකම රූපය එකම වාසගම මේක කොහො⁣මද වෙන්නේ එතකොට මේ අමායගේ කවුරු හරිද..”

අද අපේ තරඟකරුවන් විසි පස් දෙනාම ගීත ගායනා කර අවසන් මොවුන්ගෙන් ඊළඟ තරඟ වටයට කවුරුන් රැගෙන යනවද කියා තීරණය විනිසුරු වරුන්ට බාරයි කෙටි විරාමයකින් පසු නැවතත් අපි තරඟ ප්‍රතිඵල සමඟින් එකතු වෙමු..

විරාමය අතර තුරු සනහස් ගේ දෑස් නතර වී තිබුණේ ඇය මතමයි..

විනිසුරුවරුන් සිව් දෙනාම කතා බහ කර අවසන්ව ඔවුන්ගේ තීරණය පාලක මැදිරියට දැණුම් දුන්නේ වැඩසටහනේ තීරණ ගැනීමේ තනි අයිතියක් ඔවුන්ට නොමැති වුණ නිසයි..

“⁣අපි හිතපු අයවම ඔයාලා තොරපු නිසා තීරණයේ කිසිම වෙනසක් නෑ තව විනාඩි තුනකින් ආපහු ලයිව් එක පටන් ගන්නවා කට්ටිය ලෑස්ති වෙන්න….”

සනහස් කෙතරම් නොසන්සුන්ව සිටියත් ඔහු ඔහුව පාලනය කරගනිමින් වැඩසටහන අවසන් ⁣වනතුරු ඉවසා සිටියේ ඉතා අපහසුවෙන්..

වැඩසටහන අවසන් වනවත් එක්කම සනහස් මැදිරියෙන් පිටත⁣ට පැමිණියේ සයාරා ඇයව සොයා යන්න වුණත් වැඩසටහනට සහභාගී වුණ ⁣ඔහුගේ ප්‍රේක්ෂකයන් ඔහුව වට කර ගත්තේ ඔහුත් සමඟින් සේයාරුවකට පෙනී සිටීමට පොර බඳිමින්..

ප්‍රේක්ෂකයන්ගෙන් මිඳී තරුඟකරුවන් වෙනුවෙන් වෙන්කර තිබුණ කුටියට ඇයව සොයාගෙන ඔහු පැමිණියත් ඇගේ ඡායාවක් වත් එහි නොමැති වෙද්දි සනහස් එකි නෙකාගෙන් ඇය ගැන අසමින් රූපවාහිනී ආයතනය පුරා දිව ගියත් ඔහුට ඇයව සොයාගැනීමට නොහැකි වුණේ ඒ වනවිටත් ඇය රූපවාහිනී ආයතනයෙන් පිටව ගොස් සිටි නිසයි..

“දැන් එතකොට උඹ කියන්නේ ඒ අමායා නංගිගේ කවුරු හරි කියලද..එහෙම වෙන්න පුළුවන් ද මචං අපි අවුරුදු ගාණක් එකම ගමේ ඉදලත් මැඩම්ට තව දුවෙක් ඉන්නවා කියලා දන්නෑනේ කොහොමද එහෙම දෙයක් වුණේ..”

“මං දන්නෑ මචං මට නිකන් පිස්සු වගේ මට දැණුනේ ඒ අමා කියලමයි මචං ඒ අමාම තමයි..හැබැයි ඒ පෙනුමෙන් විතරයි ඒත් එහෙමත් කියන්න බෑ මචං අමා නැති වෙද්දි එයා හරි චුටියිනේ..”

“උඹ ඒ කෙල්ල එක්ක කතා කරේ නැද්ද කතා කරානම් අපිට විස්තරයක් දැනගන්න පුළුවන් නේ..”

“අවුරුදු පහකට කලින් වුණ ඇක්සිඩන්ට් එකක් නිසා එයා ඉන්නේ රෝදපුටුවක මචං
මට තේරෙන්නෑ එහෙම කොහොමද වුණේ කියලා අමා නැති වුණෙත් අවුරුදු පහකට කලින් ඇක්සිඩන්ට් එකකින් මේ ගෑණූ ළමයටත් ඇක්සිඩන්ට් එක් වෙලා තියෙන්නේ අවුරුදු පහකට කලින් මට තේරෙන්නෑ මචං මගේ ඔලුවත් රිදෙනවා මේ ගැනම හිතලා..”

මිතිල දුරකථන ඇමතුම විසන්ධි කරමින් යූ ටියුබ් යෙදවුමෙන් එම මොහොතෙම වැඩසටහන නැරඹුවේ සනහස් පැවසූ දේ ඔහුට විශ්වාස කරගත නොහැකි වුණ නිසයි..

ඇයව දුටුවම මිතිලගේ දෑස් පවා විසල් වුණේ ඔවුන් දෙදෙනා එතරම්ම සමාන වුණ නිසයි..

“දෙයියනේ එහෙම කොහොමද වෙන්නේ අමායා නංගි වගේමයි..නමත් ඒ වගේමයි, වාසගමත් එකයි අපි නොදන්න මොනවම හරි තියෙනවා..”

මිතිල එම මොහොතෙම නැවත වතාවක් සනහස්ට ඇමතුමක් ලබාගත්තේ සනහස් මේ මොහොතේ සිටිය තරම්ම ඔහුත් නොසන්සුන් වී සිටිය නිසයි..

“මචං උඹ කිව්ව කතාව ඇත්ත බං ඒ අමා නංගිමයි ඒ තරම් සමානකමක් මට හිතාගන්න බෑ..ෂූවර් එකටම මේ අමා නංගිගේ නිවුන්නා බං මෙයාලා ෂුවර් එකට ටුවින්ස්ලා ඒත් එහෙම කොහොමද බං වෙන්නේ..”

“මං දන්නෑ මචං මට ඒ ගෑණු ළමයව හම්බෙන්න ඕන මට කතා කරන්න ඕන ඒ ඇස් මගේ දිහා බලාගෙන හිටියේ හරිම අමුතු බැල්මකින්..”

“උඹ මේ වෙලාවේ කලබල නොවී හිටපං මං මේ ගැන හොයලා බලන්නම් සනහස්..”

මතුසම්බන්ධයි…

පසුගිය සතියේ කොටස මෙතැනින් –

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa