කාන්තාවකට යෝග වලින් ලැබෙන ප්‍රතිඵල අසීමිතය. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ජීවිතයේ විවිධ අවධිවලදී ඔවුන්ගේ ශාරීරික මානසික හා අධ්‍යාත්මික ජීවිතයට යෝගා විශේෂ බලපෑමක් සිදුකරයි. කාන්තාවන් ශාරීරික, මානසිකව සහ අධ්‍යාත්මික ශක්තිමත් කෙරෙමින් යහපත් අධ්‍යාත්මික ගමනක් කරා යාමට යෝග උපකාරී වන්නාක් මෙන්ම දෛනික ජීවිතයේදී සාර්ථක කාන්තාවක් ලෙස ජීවත් වීමට යෝග උපකාරී වේ.

යෝග යනු ශරීරය, මනස සහ ආත්මය එක්ව සිදුකරන පුහුණුවකි.
ජීවිතයේ විවිධ අවධින් වලදී යෝග වල වැදගත්කම
a. යොවුන් අවධිය
යෝග නව යෞවන වියේ සිදුවන ශාරිරික වෙනස් වීම වලට සාර්ථකව මුහුණ දීමට, මානසික ආතතිය පාලනය කිරීමට ,විරැද්ධ ලිංගික ආකර්ශනය සම්බන්ධ ගැටලු වලට සාර්ථකව මුහුණදීමට සහ ශරීරය පිළිබඳ විශ්වාසය වැඩි කිරීමට යෝග උපකාරී වේ.
b. ගර්භනී අවධිය
ගර්භනී අවධියේ දී දරුවා බිහි කිරීම සදහා මවගේ ශරීරය සඳහා සූදානම් කිරීමට, ශරීරයේ වේදනාව අඩු කිරීමට හා ආශ්වාස ප්‍රශ්වාස ක්‍රමවත් කර දරුවා බිහිකිරීමේ වේදනාව අවම කිරීම (Prenatal Yoga) හා ගර්භනී නිෂ්ක්‍රමණය ක්‍රමවත් කිරීමට යෝග උපකාරි වේ..
c. ප්‍රසුතියෙන් පසු කාලය
Postnatal Yoga මඟින් දරැවා ප්‍රසුත කිරීමෙන් පසු මවගේ ශරීරය නැවත ශක්තිමත් කිරීම හා යථා තත්ත්වයට පත්කිරීමට යෝග මහඟු පිටුවහලක් වේ. පසු ප්‍රසව අවපීඩනය (Postpartum Depression) වලක්වා ගැනීම, සහ ශක්තිය වැඩි දියුණු කිරීමද යෝග මගින් සිදුවේ.
d. වයස්ගතවීම සහ අර්ථව හරණ (Menapous)
මහලු වියේ ඇතිවන රෝගි තත්ත්වයන් සමනය කිරීමට, සන්ධි සහ මාංශපේෂි නිරෝගීව තබා ගැනීම, මතකය වර්ධනය, සහ මානසික සංවිධානය පවත්වා ගැනීම සදහා මෙන්ම අර්ථව හරණ ගැටලුවලින් මිදීමට යෝග උපකාරී වේ.
මෙහිදී කාන්තාවන්ට යෝග වලින් ලැබෙන ශාරීරික, මානසික සහ ආත්මීය ප්රතිලාභ මොනවාදැයි තවදුරටත් විමසා බැලීම අගනේය.

- ශාරීරික සෞඛ්‍යය සඳහා
- මානසික සෞඛ්‍යය සඳහා
- හෝර්මෝන සමතුලිතතාවය
- ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානය වැඩි කිරීමට යෝග උපකාරි වේ.
- ශාරීරික සෞඛ්‍යය සඳහා
සිරුර ශක්තිමත් කිරීම
යෝගා ආසන (Asanas) මගින් මාංශපේශි ශක්තිමත් කරයි, ශරීරයේ නම්‍යශීලීත්වය වැඩි කරයි.
ශරීරයේ නිවැරදි හැඩය
පවත්වාගැනීමට (Posture)
දෛනික වැඩ කටයුතුවල යෙදීම, ගර්භනීභාවය නිසා කාන්තාවන්ට අතර නිතරම ඉරියව් (posture) සම්බන්ධ ගැටලු ඇති වේ. යෝගා භාවිතයෙන් මෙම ගැටලු නිවැරදි කරන අතර , ඉන් ඇතිවන කොන්ද වේදනාව සමනය කිරීමට යෝග උපකාරි වේ.
.
බර කළමනාකරණය
කාන්තාවන්ට යෝග පුහුණුවත් සමඟ ආහාර පිළිබඳ සැලකිලිමත්වීම හා මානසික පීඩනය අඩු කිරීම මඟින් කාන්තාවන්ගේ ශාරීරික බර කළමනාකරණය කිරීමට යෝග උපකාරි
රුධිර සංසරණය වර්ධනය
බොහෝ යෝගා ආසන හරහා ශරීරයේ රුධිරය හොඳින් සංසරණය වන අතර, මේ නිසා ශරීර අභ්‍යන්තර පද්ධති ක්‍රමවත් වේ.
වේදනාවන් සමනය කිරීම
ශරීරයේ, බෙල්ලේ, කොන්ද වැනි ස්ථානවල ඇතිවන පෙරළිම්, වාතාබාධ වැනි ගැටළු සඳහා යෝග වඩාත් ප්රගතීශීලි විසඳුමක් වේ.
Child’s pose, Cat-Cow වැනි ආසන (poses) භාවිතයෙන් වේදනාව සමනය කිරීමට හැකිය.
ප්‍රතිශක්තිකරණය (Immunity) වැඩිදියුණු කරයි.
විශේෂයෙන්ම යෝග ව්‍යායාම මඟින් ශ්වසන පද්ධතිය ශක්තිමත් කරමින් රෝග ආසාදන වලට එරෙහිව නැගි සිටීමේ හැකියාව එනම් ප්‍රතිශක්තිකරණය (Immunity) වැඩිදියුණු කරයි.
- මානසික සෞඛ්‍යය සඳහා
ආතතිය සහ කාංසාව අඩු කිරීම
නිවැරදිව හුස්ම ගැනීමේ ක්‍රම (Pranayama), භාවනාවට(Meditation) මෙන්ම සතිමත්බව (Mindfulness) හුරුකිරිම හරහා මනස සාමකාමී වේ, එමගින් ආතතික හා කාංසාව (Depression & Anxiety) වැනි තත්ත්ව අවම කිරීමට හැකියාව ලැබේ.
නින්ද ආශ්රිත ගැටලුවලට පිළියමක් ලෙස
නිතර යෝගා කිරීම මඟින් සුවබර නින්දක් ලබා ගැනීමට හැකි වේ.
ධාරණාශීලීත්වය වැඩි කිරීම
විශේෂයෙන් ම සන්සුන් ලෙස යෝග පුහුණු වීම තුළින් හා යෝගා නිද්‍රා (Yoga Nidra) ක්‍රම මඟින් මනස සැහැල්ලු වීම මගින් ධාරණාශීලීත්වය වැඩි කිරීමට හැකිය.
- හෝර්මෝන සමතුලිතතාවය
ඔසප් වේදනාව අවම කිරීම හා ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට.
යෝග ආසන සහ ප්‍රානයාම (හුස්ම ගැනීමේ ක්‍රම) මඟින් ඔසප් වේදනාව අවම කිරීම මෙන්ම ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ හැකියාව ඇත මෙන්ම කාන්තාවන්ගේ සරු බව ඉහළ දැමීමට යෝග උපකාරී වේ.
ගර්භනී සමයේ හා ප්‍රසවයට උපකාරි වේ.
ප්‍රසවයට සූදානම් වන කාන්තා සදහා Pre-natal Yoga අතිවිශේෂයි. Postnatal Yoga මඟින් දරැවා ප්‍රසුත කිරීමෙන් පසු මවගේ ශරීරය නැවත ශක්තිමත් කිරීම ශරීරයේ වේදනාව අඩු කරයි. හෝර්මෝන අසමතුලිතතාවය නිසා ඇතිවන පසු ප්‍රසව අවපීඩනය (Postpartum Depression) වලක්වා ගැනීම, සහ ශක්තිය වැඩි දියුණු කිරීම යෝග මගින් සිදුවේ.
ආර්ථවහරන සමයේ (Menapous)යෝග සහාය
අර්ථව හරණ ගැටලුවලින් මිදීමට යෝග උපකාරී වේ. එමෙන්ම වයස්ගතවීම සමග සුවබර නින්දකට බාධාවන කරුණු අවම කිරීමට යෝග උපකාරි වේ.
- ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානය වැඩි කිරීමට උපකාරි වේ.
විශේෂයෙන් කාන්තාන්ට ජීවිතයේ විවිධ භූමිකා ඉටු කරන අතර,ඇතැම්විට පවුලේ, රැකියාවේ සහ සමාජයේ බලපෑම් නිසා අධික ආතතියක් ඇතිවිය හැක. යෝග ක්‍රම ඔවුන්ට නිතර නව ශක්තියක් ලබාදෙමින් අභියෝග ජයගැනීම හැකිය.
යෝග අභ්‍යාස නිතර පුහුණු කිරීම මඟින් තමන්ගේ ශරීරය, මනස සහ ආත්මය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති වේ.
ලෞකිකත්වයට ඇති ඇලීම , තනිව සිටීමේ භය නැතිකිරීම සහ තමන්ගේ වටිනාකම තේරුම් ගැනීමට යෝග උපකාරි වේ.
නිගමනය
විශේෂයෙන්ම කාන්තාවන් එක්ව යෝග පුහුණු කිරීම තුලින් සමාජික සහයෝගයක් වැඩි වන අතර, මනස සැහැල්ලු කර ගැනීමට උපකාරී වේ. ප්‍රානයාම ක්‍රම භාවනාව මඟින් ආත්මීය සන්සුන්භාවය සහ ජීවිතයේ අර්ථය සෙවීම සඳහා යෝග උපකාරි වේ.
මෙසේ බලන කල යෝග යනු ව්‍යායාම කිරීමේ ක්‍රමයක් පමණක් නොව එය කාන්තාවගේ ශාරිරික, මානසික සහ ආත්මීය ශක්තිය ලබාදෙන ප්‍රබල මාර්ගයකි. ඔබ ජීවිතයේ කුමන අවස්ථාවක සිටියත්, යෝග ඔබේ ශක්තිය, ධෛර්යය, සහ මානසික නිදහස වර්ධනය කිරීම සදහා බලවත් මෙවලමක් ලෙස යෝග හැඳින්විය හැකිය.
