පිටකවරයට ලස්සන සිතුවම් මවන තුෂානි

author
0 minutes, 4 seconds Read

යම් පුද්ගලයෙකුගේ සහජ හැකියාවක් තිබෙනවා නම් එය බෝලයක් වතුරෙන් මතුපිටට එනු නොදී අතින් තද කර ගෙන හිටියත් යම් ඇසිල්ලක අත ලිහිල් කළ සැනින් ඒ බෝලය දිය මතුපිටට එනවා. මීගමුව කිඹුලපිටිය පදිංචි තුෂිනි වාස්ගේ හැකියාවත් ඒ විදිහට ඉස්මතු වුණා.

තුෂිනි වාස් මීගමුව ශාන්ත පීටර් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. ඇය චිත්‍ර කලාවට හැකියාවක් පෙන්නුම් කළත් ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ ශිෂ්‍යාවක්. නමුත් ඇය තමන්ගේ චිත්‍ර කලාවට තිබුණ ලැදියාවෙන් දුරස් වුනේ නැහැ.අපි ඇගේ කථාවට අවසරය දෙමු.

Sri Lankan Moms
මම කවදත් චිත්‍ර අඳින්න කැමැතියි. නමුත් චිත්‍ර කලාවෙන් ව්‍යවසායකත්වයක් ගොඩ නගා ගැනීමේ අදහසක් නම් තිබුනේ නැහැ. ඒ සිදුවීම ඉතාම අහඹු ලෙස සිදු වුණ දෙයක්. Sri lankan Moms ෆේස් බුක් පිටුවට මම චිත්‍රයක් ඇඳලා ඉදිරිපත් කළා. ඒ චිත්‍රය වෙනුවෙන් විශාල වශයෙන් කසනැ ලැබුණා. මේ අතරේ ීරස ක්බන්බ ඵදපි පිටුවේ ඇඩිමින් ගෙන් මට ආරාධනාවක් ලැබුණා. දෙයක්.

ඔබ ඒ ආරාධනාව පිළිගත්තා…
ඔව් ඉතාම සතුටින්. මේ පිටුවට සම්බන්ධ මව්වරුන්ට චිත්‍ර ඉගැන්වීමට පුළුවන්ද කියලා ඔවුන් මගෙන් ඇහුවා. මම ඒ ඉල්ලීමට එකසිතින්ම කැමති වුණා. නමුත් මගේ විෂය පථය තුළ චිත්‍ර වෙනුවෙන් වෘත්තිය දැනුමක් නැහැ. සාමාන්‍යයෙන් විනෝදාංශයක් විදිහට චිත්‍රයක් ඇන්දාට ඉගැන්වීම් කාර්යකදී මම ඊට වඩා දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන. ඒ නිසා මගේ වෘත්තීය කුසලතාවයන් දියුණු කර ගැනීමත් මේ අතරේදීම සිදු කර ගන්න අවශ්‍ය බව මම තේරුම් ගත්තා. ඒ මගේ ස්වේච්ඡාවෙන් ගත් තීරණයක්.

චිත්‍ර කලා ඩිප්ලෝමාවක්..
මගේ වෘත්තිය දැණුම වෙනුවෙන් Art Acadamy එකේ චිත්‍ර ඩිප්ලෝමා පාඨමාලාවක් මම පටන් ගත්තා. ඊට අමතරව Art Diploma එකකුත් කළා. මගේ හැකියාවත් සමග මේ දැනුම සම්බන්ධ කර ගත් විට ගුරුවරයෙක් විදිහට මට ලොකු ආලෝකයක් ලැබෙනවා.මගේ දැනුමත් දියුණු වෙනවා. ගුරුවෘත්තියේ සංතෘප්ත හැගීම මට ඇති වෙනවා.

කොවිඩ් කාලයේදී…
කොවිඩ් කාලයේදී අපි හැම දෙනෙක්ම ලොක් ඩවුන් තත්වයකට පත් වුනා. මුල් කාලයේදී මේ ලොක්ඩවුන් මානසිකත්වය එතරම් නොදැනුනත් කාලයත් සමග මේ හුදෙකලා බව නිසා බොහෝ දෙනෙක් මානසික ගැටුම් සහ ගැටලුවලට මුහුණ දුන්නා. ඒ අතරේ බිඳ වැටුන මානසිකත්වය නැවත ගොඩ නැගීම සඳහා සෞන්දරයාත්මක කටයුතුවල නිරත වීමේ වැදගත්කම ගැන ලෝකය පුරාම අධ්‍යනයන් පටන් ගත්තා. මෙතැනදී චිත්‍ර පංති ඉතා සරල වගේම පහසුවෙන් කළ හැකි දෙයක් වුණා.
ඔබටත් ඒ වෙනුවෙන් ආරාධනාවක් ලැබුණා..

ඔව්…ගම්පහ මහමෙව්නාවේ චිත්‍ර ව්‍යාපෘතියක් පටන් ගත්තා. මේ ව්‍යාපෘතියත් ඉතා සාර්ථක විදිහට ක්‍රියාත්මක වුණා. ඒ ව්‍යාපෘතියට සම්බන්ධ මව්පියන් විසින් චිත්‍ර පංති පවත්වන්න මට ආරාධනා කළා. ඔවුන්ගේ ආරාධනාව අනුව මම දෙමව්පියන් වෙනුවෙනුත් චිත්‍ර පංති පටන් ගත්තා.

සිරසටත් ආරාධනාවක්..
මේ විදිහට මා ගැන බොහෝ දෙනෙක් දැන ගත්තා. ඒ ප්‍රසිද්ධිය නිසා මට සිරස මාධ්‍ය ආයතනයේ සිරස  TV Kids First වැඩසටහනේ story time segment චිත්‍ර පිටුව වෙනුවෙන් චිත්‍ර අඳින්න ආරාධනාවක් ලැබුණා. ඇත්තටම ඒක හරිම සුවිශේෂීයි. විද්‍යුත් මාධ්‍ය ජාලයකට සම්බන්ධ වෙලා චිත්‍ර ඇඳීමට අවස්ථාවක් ලැබීම දුර්ලභයි.එවැනි සුවිශේෂී අවස්ථාවක් ලැබීම ගැන මගේ හිතේ නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

රිචඩ් පොත් සමාගමට…
සිරස රූපවාහිනියේ චිත්‍ර පිටුවට සම්බන්ධ වෙලා සිටියදී මට තවත් වටිනා අවස්ථාවකට සම්බන්ධ වෙන්න වාසනාව ලැබුණා. රිචඩ් පොත් සමාගමේ කථන්දර පිට කවර වෙනුවෙන් චිත්‍ර අඳින්න ආරාධනාවක් ලැබුණා. කථන්දර පිට කවරය දරුවන්ට ආකර්ශනය වෙන අන්දමින් චිත්‍ර ඇඳීම මගේ කාර්ය වෙලා. මම දරුවන්ගේ මනසට කථා කරන්න ලැබෙන මේ අවස්ථාව ලැබීම ජීවිතයේ තවත් එක් වාසනාවන්ත සිදුවීමක් විදිහට සලකනවා.

ඒ නිසා කාන්තාවන් විදිහට ඔබ සතුවත් විවිධ කුසලතාවයන් ඇති. ඒවා සගවාගෙන ජීවත් වෙන්න එපා. සමාජ මාධ්‍ය ජාලා සමග ගණුදෙණු කරන ඔබ ඔබට සම්බන්ධ විය හැකි අවස්ථාවන් සොයා යන්න. අවස්ථාව ඔබ සොයා ගෙන එන්නේ ඔබ යම් අන්දමක උත්සාහයක් දැරුවොත් පමණයි. ඒ නිසා නිකරුනේ කාලය ගෙවනවාට වඩා ඔබ තුළ ඇති කුසලතාවයෙන් ප්‍රයෝජන ගන්න. එය ඔබේ මානසික සතුටට වගේම ආර්ථික වශයෙන් යම් ආදායමක් ලැබීමටත් හේතු වෙනවා.

සටහන
සිල්වා , සී

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa