ලෝක ක්ෂය රෝගය තුරන් කිරීමේ දිනය අදයි – දැනුවත් වී නිරෝගී වෙමු

author
0 minutes, 34 seconds Read

ක්ෂයරෝගය යනු මයික්‍රොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් යන බැක්ටීරියාව මගින් වැළඳෙන ආසාදිත රෝගයකි. ලංකාවේ වසරකට ක්ෂය රෝගීන් 10000 කට ආසන්න  ප්‍රමාණයක් වාර්තාවන අතර හ‍ඳුනානොගත් ක්ෂය රෝගීන් හාරදහසක් පමණ සමාජයේ සිටින බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ වෛද්‍යවරුන් අවධාරණය කරනවා. 2020 වර්ෂයේ දී ලෝක ජනගහනයෙන් මිලියන 9.9 ක ප්‍රමාණයකට ක්ෂය රෝගය වැළඳී ඇති අතර  එම වර්ෂයේදී ම   මිලියන 1.5 ක් ක්ෂය රෝගය නිසා මරණයට පත්ව තිබෙනවා. එය covid -19 ට පසු බෝවන රෝගයකින් සිදුවන මරණ සඳහා වන දෙවන හේතුව ලෙස සැලකෙනවා.

මෙරට ක්ෂය රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය ප්‍රතිශතයක් ලෙස 43% ක්. එයින් කොළඹ දිස්ත්‍රික්කය ඉදිරියෙන් ම සිටින අතර එය 26% ක් ලෙස සඳහන්.

බොහෝවිට මෙම ක්ෂය රෝගය මගින් පෙනහළු ආසාදනය කරන අතර නියපොතු හා හිසකෙස් හැර ශරීරයේ අනිකුත් අවයවයන්ට ද ආසාදනය කළ හැකියි.  මොළයේ , කුද්දටිවල, වකුගඩුවල, අන්ත්‍රවල,  සමේ  ඇසේ මෙන්ම අස්ථිවල ද මෙම ක්ෂය රෝගය ඇති විය හැකියි. වෙනත් අවයවවල ක්ෂය රෝගය ඇති රෝගීන් අදාළ ඉන්ද්‍රීය හා සම්බන්ධ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

විශේෂයෙන්ම  මෙම රෝගය  පරම්පරාගත රෝගයක් නොවන අතර වාතය මගින් බෝවන රෝගයක් වන බැවින් මේ සම්බන්ධයෙන් මනා දැනුවත් වීමක් ලබා ගැනීම අත්‍යවශ්‍යයෙන් ම සිදු විය යුතු කරුණක්.

ප්‍රතිකාර නොගන්නා පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය ඇති රෝගීන් කහින විට කිවිසුම් හරින විට සිනාසෙන විට ක්ෂය රෝග බැක්ටීරියා බිඳිති වශයෙන්  වාතයට මුදා හැරේ. මෙම බැක්ටීරියා සහිත බිඳිති නිරෝගී පුද්ගලයෙක් ආශ්වාස කළ විට ඔවුන් ද ආසාදනයට ලක්වෙයි. ක්ෂය රෝග බැක්ටීරියාවෙන් ආසාදනය වූ විට මුළු ජීවිත කාලයම ක්ෂය රෝග ආසාදිතයෙකු බවට පත්වේ. නමුත් ආසාදිතයින් සියලු දෙනාම සක්‍රීය රෝගීන් බවට පත් නොවේ. දළ වශයෙන්  ආසාදිතයින්ගෙන් 10% ක් පමණ පිරිසක් සක්‍රීය රෝගීන් බවට පත්වේ.

ශරීර ප්‍රතිශක්තිය දුර්වල වීම ක්ෂය රෝගය වැළඳීමට ඇති අවදානම වැඩි කරයි. විශේෂයෙන් ම දියවැඩියාව වැනි පාලනය නොවූ නිදන්ගත රෝග,  එච්. අයි. වී. ඒ්ඩිස් රෝග ආසාදනය,  අවයව බද්ධ කිරීම වැනි දිගු කාලීනව ලබා ගත යුතු රෝග, මත්ද්‍රව්‍ය මත්පැන් හා දුම්වැටිවලට ඇබිබැහි වීම,  මන්දපෝෂණය, වයස අවුරුදු පහට වඩා අඩූ වීම, වයස්ගත වීම වැනි අවස්ථාවලදී ශරීර ප්‍රතිශක්තිය දුර්වල වේ.

සමහර පුද්ගලයන්ට ක්ෂය රෝග බැක්ටීරියාව ආසාදනය වූ වහාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආසාදිත බැක්ටීරියාවට විරුද්ධව ක්‍රියා කිරීමට ප්‍රථමයෙන් ම රෝගය  වැළඳේ. අනිකුත් පුද්ගලයින්ට වසර ගණනාවකට පසුව පවා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට කිසියම් හේතුවක් නිසා දුර්වල වූ විට රෝගය වැළඳිය හැකිය. එතෙක් බැක්ටීරියාව නිදන්ගත අවස්ථාවක පසුවන අතර මෙය නිදන්ගත ක්ෂය රෝගය ලෙස හැඳින්වේ. නිදන්ගත ක්ෂය රෝගීන් තුළ රෝගකාරක බැක්ටීරියාව පවතින නමුත් ඔවුන් රෝග ලක්ෂණ පහළ කිරීම රෝගය පැතිර වීම සිදු නොකෙරේ.

ක්ෂය රෝගයේ ප්‍රධාන ම රෝග ලක්ෂණය වන්නේ සති දෙකකට වඩා පවතින කැස්සයි. දියවැඩියාව වැනි වෙනත් අවදානම් තත්ත්ව ඇතිවිට මෙය සති දෙකකට වඩා අඩු වියහැකියි. මෙයට අමතරව රාත්‍රි කාලයේ පවතින මද උණ, ආහාර අරුචිය, ශරීරයේ බර  අඩු වීම, රාත්‍රි කාලයේ අධික ලෙස දහඩිය දැමීම,  අධික තෙහෙට්ටුව, සෙම සමඟ රුධිරය පිටවීම හුස්ම ගැනී‌මේ අපහසුව, පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ ද දැකියි හැකියි.

 කුඩා දරුවෙකු ක්ෂය රෝග ආසාදනයට ලක් වූවිට  වර්ධනය අධික ලෙස අඩාල වීම,  බර  අඩු වීම , නියමිත ප්‍රමාණයට බර වැඩි නොවීම වැනි රෝග ලක්ෂණ ද තිබිය හැකියි. 

නිසි ප්‍රතිකාර දිනපති මාස 06 ක් ගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන් ම සුව කළ හැකියි. ක්ෂය රෝගය නිසි ලෙස හඳුනා නොගෙන ප්‍රතිකාර පැහැර හැරීමෙන් සංකූලතා ඇතිවී මරණයට පවා පත් විය හැකියි. සමාජයේ රෝග බෝකරන්නෙකු බවට ද පත් වන අතර සුව කල නොහැකි බහු ඖෂධ ප්‍රතිරෝධී ක්ෂය රෝගී තත්ත්වයට වුව ද පත් විය හැකියි. ප්‍රතිකාර නොකර සිටීමෙන් එක් පෙනහළුගත ක්ෂය රෝගියෙක් දළ වශයෙන් නිරෝගී පුද්ගලයන් 10 ත් 15 ත් අතර ප්‍රමාණයකයට ආසාදනය කරනු ලැබේ. .

ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල වැලිසර රාගම පිහිටා ඇති අතර දිවයින පුරා ළය චිකිත්සාගාර මධ්‍යස්ථාන 26 ක් පිහිටුවා තිබෙනවා.  සැකසහිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වෛද්‍යවරයෙකු වෙත හෝ ළඟම පිහිටි ළය රෝග සායනයට හෝ  සෙම පටල පරීක්ෂණාගාරයට පැමිණ සෙම පටල පරීක්ෂාවක් සිදු කර ගැනීම පුද්ගල වගකීමක් වන අතර එය තමන් මෙන් ම අන් ජීවිත ද  සුරක්ෂිත වීමට මනා පිටුවහලක් වනු ඇත.

 ලෝක ක්ෂය රෝග දිනය  වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය ඇසුරෙනි.

සටහන

ඉරේෂා මධුරකාවිනී 

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa