මේ රට තුළ ඇස් අදහා ගත නොහැකි අපූරු දේවල් ස්භාදහම විසින් මවා තිබේ. කාර්යබහුල ජිවිතයක ජීවත් වන අපට මේ පරිසරය විදමින් මනස සැහැල්ලු කර ගැනීමට හැකියාව ද ඇති බව කිව යුතුම වේ. එයට කදිම තැනක් තමයි travel with Sandu තුලින් ඔබට අද කියන්නේ.

ඒ මාතලේ දුම්බර වනාන්තරයේ පිහිටා ඇති සේර ඇල්ල පිලිබඳවයි. මීදුම සහිත කඳුවැටි සහ වනාන්තර අතරින් පිහිටා ඇති මේ දිය ඇල්ල මාතලේ දිස්ත්රික්කයේ ලග්ගල නම් ස්ථානයට ආසන්නව පිහිටා ඇත .මෙම දිය ඇල්ල ආරම්භ වන්නේ ගංගා දෙකක් එක්වන ස්ථානයේදී වන අතර එය පසුව පුවක්පිටිය ගඟ සෑදෙයි.
එහි උස මීටර් 10 ක් පමණක් වුවද, එහි ඇති සුන්දරත්වය විදහා පාන්නේ කඳු වැටිද පුදුමයට පත් කරමින් ය. අද වන විට සේරා ඇල්ල සංචාරකයින් අතර ජනප්රිය ආකර්ෂණයක් බවට පත්ව ඇත. වැසි සමයේදී එහි හොඳම දේ පෙනෙන අතර දිය දාරවලින් බාධාවකින් තොරව වැටෙන බුබුලු සහිත ජලයෙන් එය තව තවත් විස්මයට පත් කරයි. දිය ඇල්ල නැරඹීමට හොඳම කාලය වන්නේ නොවැම්බර් සිට මාර්තු දක්වා වන අතර එම කාලය තුළ දිය දහරා උපරිම ධාරිතාවයෙන් යුක්ත වේ.ඇල්ලේ මූලික ජල තටාකය ගැඹුරු වන අතර ජල මට්ටම ඉහළ මට්ටමක පවතින විට දිය ඇල්ලේ ස්නානය කිරීම සුදුසු නොවේ.

වැසි සමයේදී මෙහි පැමිණීම වඩාත් සුදුසු වුවත් සංචාරකයින් ලෙස ඔබ සැලකිලිමත් විය යුත්තේ කඳු නැගීමේදී සහ අවට ගවේෂණය කිරීමේදී ය. වනාන්තරයේ කූඩැල්ලන් සිටිය හැකි අතර ඇල්ලේ ගල් තරමක් ලිස්සන සුළු විය හැක. මෙහි විශේෂිතව ම දෙයක් දක්නට තිබේ. එනම් ඇල්ලට පිටුපසින් ගල් ගුහාවක් තිබෙන අතර ඒ ගුහාවේ එක පැත්තක් කළු ගලින් සාදා ඇති අතර අනෙක් පැත්ත කඩා වැටෙන්නා වූ දිය දහරාවෙන් ආවරණය වීමයි.
දිය ඇලි වල පරිසරය අතිශයෙන් මනස්කාන්ත වන අතර මෙහි සංචාරය කිරීම ඇත්තෙන්ම සන්සුන් අත්දැකීමක් වනු ඇත.කෙසේ වෙතත් ජීවිතයේ කොපමණ ප්රශ්න කම්කටොලු තිබුනා වුවත් ඒවා මදකට අමතක කරමින් මේ සුන්දරත්වය විදීම මානසික සහනයක් වගේ සිතට ගතට ප්රබෝධමත් කමක් දැනෙන බව නම් නොවනුමාන ය.
සටහන – සඳුපමා ගමගේ
