ඉපැරණි හෙළ ඔසු – 07

author
0 minutes, 31 seconds Read

කටරොලු
(Clitoria ternatea L.)

Fabaceae කුලයට අයත් මෙම ශාකය නිල් කටරොලු හා එළ කටරොලු ලෙස පුෂ්පයේ වර්ණය අනුව වර්ග දෙකකි. මෙම ශාකය ආසියාව, කැරිබියන්, මධ්‍යම සහ දකුණු ඇමරිකාව වැනි නිවර්තන කලාපවල බහුලව ව්‍යාප්තව පවතී. නිල් කටරොලු මල් වල Anthocyanin නම් වර්ණකය ස්වභාවිකව අඩංගු වේ. මෙහි කොළ – දලු – මල් සම්බෝල, මැල්ලුම්, කොළ කැඳ, තේ ලෙසද මල් පානයක් ලෙස ද සකස් කර එදිනෙදා ජීවිතය තුළදී භාවිතා කළ හැකිය.

ආයුර්වේදානුකූලව වාත පිත හා කඵ යන ත්‍රිදෝෂයම ශමනය කිරීමේ හැකියාව මෙම ශාකයට ඇත. එසේම කටු, තිත්ත හා කෂාය රස, ලඝු, රූක්ෂ ගුණ, කටු විපාක හා ශීත වීර්‍යයෙන් යුක්ත ය. මේධ්‍ය හෙවත් බුද්ධි වර්ධක හැකියාව ඇත. කටහඬ, පෙනීම වර්ධනය කරයි. රක්තාතීසාර, ජ්වර, කුෂ්ට, වමන, උන්මාද, භ්‍රම, ශ්වාස, කාස සඳහා ප්‍රතිකාර ලෙස භාවිතා කරයි. නස්‍ය කර්මය සඳහා භාවිතා කළ හැකි ශිරෝවිරේචනෝපග ද්‍රව්‍ය යටතේ මෙම ශාකය දක්වා ඇත.

Butterfly Pea (Clitoria ternatea), a Cyclotide-Bearing Plant With Applications in Agriculture and Medicine, 2019 හා The Ayurvedic medicine Clitoria ternatea—from traditional use to scientific assessment, 2008, පර්‍යේෂණ අනුව මෙහි ක්ෂුද්‍රජීවීනාශක, ජ්වරනාශන, මූත්‍රකාරක, වේදනානාශක, දියවැඩියා මර්දන, ප්‍රතිඔක්සිකාරක, ක්‍රිමිඝ්න, ප්‍රතිප්‍රදාහාත්මක, ස්ථානීය නිර්වින්දන හැකියාවන් මෙන්ම සිනිඳු පේශී ලිහිල් කිරීමේ හැකියාව ඇත. රුධිර පට්ටිකා එකතුවීම වළක්වයි.

Acute effect of Clitoria ternatea flower beverage on glycemic response and antioxidant capacity in healthy subjects: a randomized crossover trial, 2018, පර් යෙෂණය මඟින් මෙම කටරොලු මල් පානයට ප්‍රතිඔක්සිකාරක සහ ‍රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාවන් ඇති බව තහවුරු කර ඇත.

Antioxidant, cytotoxic, and antibacterial activities of Clitoria ternatea flower extracts and anthocyanin-rich fraction, 2022, පර් යෙෂණය මඟින් මෙම ශාකය පෝෂණ අතිරේකයක් වශයෙන් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හා හැකියාව දක්වා ඇත.

උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa