ඉපැරණි හෙළ ඔසු – 11

author
0 minutes, 44 seconds Read

අරළු (Terminalia chebula)

ද‍්‍රවිඩ භාෂාවෙන් ‘අමගෝලා’ හින්දි භාෂාවෙන් ‘හරාරා’ සංස්කෘත භාෂාවෙන් ‘අමෝගා’ යන නමින් හැඳින්වෙන අරළු ඉහළ ඖෂධීය ගුණයෙන් යුතු ඖෂධීය ශාකයකි.

Combretaceae කුලයට අයත් මෙම ශාකය තද දුඹුරු හා රිදී පැහැති ශක්තිමත් කඳකින් යුක්ත වන අතර සරල ඒකාන්තර පත්‍ර වින්‍යාසයකින් යුක්තය. සුදු හෝ ලා කහ පැහැති පුෂ්ප ද්වීලිංගිකය. ඵලය මතුපිට සිනිඳු නමුත් දැඩි ඝනකමකින් යුතු කාශ්ඨිය අශ්ඨීලයකි.

හරිතකී, අමෘතා අභයා, විජයා හා කායස්ථා වැනි සංස්කෘත බසින් පර්‍යාය රාශියක් හිමිවන මෙම ශාකය ආයුර්වේදීය ප්‍රධාන ඖෂධ සංයෝගයක් වන ත්‍රිඵලා අතුරෙන් එකකි. කෂාය රස ප්‍රමුඛව මධුර, අම්ල, කටු හා තික්ත යන පංච රසයෙන් යුක්තය. ලඝු, රූක්ෂ ගුණ, උෂ්ණ වීර්‍යය, මධුර විපාක හා ප්‍රභාවයෙන් ත්‍රිදෝෂශාමක වේ. අනුලෝමන, රසායන, ප්‍රජාස්ථාපන, චක්ෂුෂ්‍ය, හෘද්‍ය හා ලේඛ්‍ය ගුණ ඇත. දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ බුද්ධි වර්ධනයට, ස්නායු රෝග, අක්ෂි රෝග, හෘදරෝග, වාතරක්ත, අග්නිමාන්ද්‍ය, උදර රෝග, ක්‍රිමිරෝග, ප්‍රතිශ්‍යාව, කාස, ශ්වාස, මූත්‍රරෝග, ජ්වර ආදියට ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි.

The development of Terminalia chebula Retz. (Combretaceae) in clinical research, 2013, ප්‍රතිඔක්සිකාරක, පිළිකා මර්දන, යකෘත්-හෘද්-වෘක්ක ආරක්ෂක, දියවැඩියා මර්දන, වෛරස-බැක්ටීරියා- දිලීර නාශක, ප්‍රතිප්‍රදාහාත්මක, ආතරයිටිස් මර්දන, ආසාත්මිකතා මර්දන, කොලෙස්ටරෝල් යාමක, ආමාශ ආන්ත්‍රික චලන යාමක හා ආමාශයික තුවාල නාශක, දත් කුහර ඇති වීම වැළැක්වීම, තුවාල සුව කිරීම, විරේචක, ප්‍රතිශක්තිමූර්ඡක, විකිරණ වලින් ආරක්ෂා කිරීමේ හැකියාව හා විකෘතිතා වලින් ආරක්ෂා කිරීමේ හැකියාවන් ඇති බව දක්වා ඇත.

An experimental evaluation of anti-stress effects of Terminalia chebula, 2011, පර්යේෂණ පත්‍රිකාවෙහි දක්වා ඇති පරිදි මෙම ශාකයට ආතතිය අඩු කිරීමේ හැකියාව ඇත. In vitro anti-aging activities of Terminalia chebula gall extract, 2010, පර්යේෂණය මඟින් මෙම ශාකය සතු රසායන හැකියාව හෙවත් තරුණ බව රැක ගැනීමේ හැකියාව පර්‍යේෂණාත්මකව තහවුරු කර ඇත. Standardized Terminalia chebula Fruit Extract: A Natural Ingredient That Provides Long-Lasting Antioxidant Protection and Reverses Visible Signs of Pollution-Induced Skin Damage 2021, පර්යේෂණ පත්‍රිකාව අනුව මෙම ශාක සාරය පරිසර දූෂණයට නිරාවරණය වීම නිසා සමට ඇති විය හැකි හානි වලින් ආරක්ෂා කිරීමේ හැකියාවක් ඇති බව දක්වා ඇත.

Terminalia chebula possesses in vitro anticancer potential, 2014, පර්යේෂණ ලිපියෙහි මෙම ශාක සාරය මිනිසාගේ පෙනහලු, පුරස්ථි ග්‍රන්ථි, බඩවැල් හා මෙලනෝමා තත්ව පාලනය කිරීමේ හැකියාව ඇති බැවින් වඩාත් ප්‍රයෝජනවත් ලෙස පිළිකා මර්දන ඖෂධයක් නිෂ්පාදනයට මේ ඖෂධය තවදුරටත් පර්යේෂණයට ලක් අවශ්‍යතාව යෝජනා කර ඇත. CAN TERMINALIA CHEBULA (HARITAKI) STOP COVID-19 2021, පර්යේෂණ පත්‍රිකාවෙහි පුළුල් පරාසයක වෛරස නාශන හැකියා සහිත අරළු ඇතුළු අනෙකුත් ඖෂධීය ශාක පරීක්ෂා කිරීම COVID-19 වැනි වසංගතවලට එරෙහිව නව ඖෂධයක් නිපදවීමට උපකාරී වන බව යෝජනා කර ඇත.

උපදෙස් –

ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa