බෞද්ධාලෝක පදනමේ තරුණ කමිටුව මගින් මෙහෙයවන තරුණ ව්‍යාපෘතියක් ලෙස ආර්ය සංසදය බප/කැලණිය ගුරුකුල විද්‍යාලය සමඟ ස්ථාපිත කිරීමේ සමාරම්භක උළෙල 2025 ඔක්තෝම්බර් මස 29 වන දින බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති, ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා ප්රමුඛ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ගුණධර්ම සපිරි සහ විනයානුකූල සමාජයක් බිහි කිරීමට මූලික සාධකයක් […]
විවාහය සාර්ථකව පවත්වාගෙන යාම සරල කාර්යයක් නොවේ. සමාජ, ආර්ථික, ආවේගමය සහ පෞද්ගලික ගැටුම් අතරින් ගමන් කිරීමේදී, සෞඛ්‍ය සම්පන්න ලිංගික ජීවිතය විශේෂ මූලික අංගය ලෙස සලකයි. ලිංගිකත්වය යනු සම්ප්‍රදායික සංකල්පය පමණක් නොව, ආදරය, සතුට සහ විශ්වාසය ගොඩනගන සංකීර්ණ සම්බන්ධතාවයකි. විවාහය තුළ ලිංගිකත්වය වැදගත් වන්නේ ඇයි? ලිංගිකත්වය යනු සමීප ශාරීරික ක්‍රියාකාරකමක් වන අතර එහිදී මිනිසුන් තම සහකරු […]
නින්ද නොමැතිකම,වර්තමාන කාර්යබහුල, දෛනික ජීවිතයේ බොහෝ දෙනෙකුට නින්ද කියන දේ අහිමි වෙමින් පවතින කරැණක් යන්න නොරහසක්. නමුත් ඔබ දන්නවද උනන්දුවෙන් හා නොනැවතී කරන පුහුණුවකින් මෙය මගහරවා ගැනීමට මෙන්ම හැකිබව. එනම් යෝග හා භාවනා පුහුණුව මගින් හොඳ නින්දක් ලබා ගැනීමට හැකිවන අතරම මේ පුහුණුවෙන් ස්නායු පද්ධතිය සන්සුන් කිරීම, ශාරීරික ආතතිය මුදා හැරීම සහ මනස සන්සුන් කිරීම […]
මෙරට සමස්ත ආබාධ සහිත ප්‍රජාව ලක්ෂ 16 කට ආසන්න වන අතර එම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන කාරණයේදී ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ම ගැටලුවක්. මේ අතර ලක්ෂ හතරකට අධික ශ්‍රව්‍ය ආබාධ සහිත පිරිසක් සංඥා භාෂාව භාවිත කරමින් තම දෛනික කටයුතුවල නිරත වෙමින් සිටියි. ශාරීරික හෝ දෘෂ්ටි ආබාධවලින් තොර වුව ද රියදුරු […]
ප්ලාස්ටික් හා පොලිතීන් නිසා සිදුවන පරිසර දූෂණය අද ප්‍රබල ගෝලීය ගැටලුවක් බවට පත් වී තිබේ. ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පසුගියදා ( අගෝස්තු 05-15) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී රැස්වූ අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුව මේ සම්බන්ධව යම් යම් තීන්දු තීරණවලට එළඹුණ ද නිශ්චිත එකඟතාවයකින් තොරව මේ සාකච්ඡා අවසන් වූ බව වාර්තා විය. මෙවර ජගත් […]
Live & Let Live Foundation – LLLF පිටුවෙන් … රජයේ බැංකු සේවයෙන් විශ්‍රාම ලැබූ පසු ඉතිරි ජීවිත කාලය කායික හා මානසිකව නිදහසේ ගත කිරීම සඳහාත්, පීඩාකාරී නාගරික පරිසරයෙන් බැහැර නිස්කලංක පෙදසකින්, අතේ ඇති මුදලට ගැළපෙන කුඩා බිම් කොටසක් මිලදීගෙන මානසික සහනදායි සොබාදහම් හරිත පරිසරයක ජීවත්වීම කලක සිට හිතේ මුල් බැසගත් සිතිවිල්ලක්. මෙම සිතිවිල්ල යථාර්ථයක් කර ගැනීමට […]
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ තවමත් ඇත්තේ මතභේදාත්මක තත්ත්වයකි. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ශිෂ්‍ය ප්‍රජාව මත බර පටවන අධ්‍යාපනයක් වෙනුවට දරුවන්ට පීඩාවකින් තොරව ඉගෙන ගැනීමටත් කැමති විෂයන් වැඩිදුරටත් ඉගෙන ගනිමින් තම ජීවන වෘත්තීය තෝරා ගැනීමටත් නිසි මඟ පෙන්වීමක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සිදු […]
මේ වන මෙරට තුළ උද්ගත වී ඇති වන අලි මිනිස් ගැටුම බොහෝ දෙනෙකු අතර මේ දිනවල දැඩි කතිකාවක් බවට පත් ව තිබෙනවා. ඒ පසුගිය දින කිහිපයේදී එක පිට එක සිදු වූ වන අලි ඝාතන සහ මියයෑම් මෙන්ම වන අලි ගම් වැදීම නිසා ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම හේතුවෙනි. වයස් භේදයකින් තොරව සිදුවන මෙම […]
ආතතිය නැතහොත් ක්ලමතය (stress) ඔබට හොදද? නරකද? මෙම ආතතිය නැතහොත් ක්ලමතය යන්න ඕනෑම පුද්ගලයකුගේ දෛනික ජීවිතය තුල නිරන්තරයෙන් දක්නට ලැබෙන කරුණකි. එමෙන්ම, එම තත්වය පුද්ගලයකුට බලපාන ආකාරය අනුව ආකාර දෙකකි. එනම්,1. ධනාත්මක ආතතිය(EuStress)2. සෘණාත්මක ආතතිය (Distress) වශයෙන් දැක්විය හැක. මෙම ධනාත්මක ආතතිය යටතේ පුද්ගලයකුට ඇතිවන ආතතිය ජීවිතයට වඩාත් ප්‍රයෝජනවත් අයුරින් බලපාන බව කිව හැක. මේ […]
රාස්සගල හෙවත් කිණිහිරි කන්ද මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉතා මනරම් කඳුවැටියකි. මෙයට ළඟා වීම සඳහා ගම්පොළ සිට කුරුඳුවත්ත හරහා දීවෙන දොළොස්බාගේ මාර්ගයේ කිලෝමීටර් දාහතක් පමණ පැමිණ රාක්සාව තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති මාර්ගය ඔස්සේ ගමන් කළ යුතුවේ. මාර්ගය අවසානය තෙක් ගමන් කර එම ස්ථානයෙන් ඉදිරියට පයින් ගමන් කිරීමට සිදුවේ. එම මාර්ගයේ නිවසක් පිහිටා […]
