කරපිංචා (Murraya koenigii) Rutaceae කුලයට අයත් වන කරපිංචා, ආයුර්වේද වෛද්‍ය කර්මයේදී මෙන්ම සර්ප විෂ වෙදකම ඇතුළු දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ද ඉතා බහුලව භාවිතා වන ඖෂධීය ශාකයකි. මෙය විශේෂයෙන් ආසියාතික රටවල ආහාර පිසීමේදී භාවිතා කරනුයේ එහි ඇති සුවඳ සහ වෛද්‍යමය ගුණ නිසාය. කුළුබඩුවක් ලෙස, කොළකැඳ ලෙස මෙන්ම සම්බෝල ලෙස ද කරපිංචා එදිනෙදා භාවිතා කළ හැකිය. […]
යෝගා පුහුණුව සඳහා නිවසේ වෙන් කළ ස්ථානයක් තිබීම ඔබේ ශාරීරික හා මානසික සුවතාවය සඳහා ඉතා වැදගත් වේ. ඒ සඳහා විශාල ඉඩක් අවශ්‍ය නොවන අතර, නිවැරදි සැලසුමක් මඟින් එය ඔබට දිනපතාම පුහුණු වීමට සිත් වන ස්ථානයක් බවට පත් කරගත හැකිය. ඔබගේම පෞද්ගලික යෝගා පුහුණු ස්ථානයක් සකස් කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම මෙහි දක්වා ඇත. පළමුවෙන්ම, ඔබේ නිවසේ සුදුසු […]
නිරෝගී ජීවිතයක් සඳහා නිසි ආහාර ජීර්ණ පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. වර්තමාන කාර්යබහුල ජීවන රටාව, වැරදි ආහාර රටා සහ මානසික ආතතිය නිසා බොහෝ දෙනෙකුට ආහාර ජීර්ණ ගැටළු ඇති වේ. යෝග යනු ශාරීරික, මානසික සහ අධ්‍යාත්මික සමබරතාවයක් ඇති කරන පුරාණ විද්‍යාත්මක ක්‍රමවේදයක් වන අතර, එය ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ද මහත් පිටුවහලක් සපයයි. යෝගා ඉරියව් […]
වත්මන් ලෝකය තුළ බොහෝ දෙනෙකු ම පාහේ හුරුවී සිටීන්නේ නවීන ජීවන රටාවටකටයි. ඊට සමගාමීව, නිවසේ මුළුතැන්ගෙය යනු කෑම පිසීම සඳහා පමණක්ම නොව, පවුලේ සාමාජිකයින් එකතුවන සංවාදයේ යෙදෙන නිවසේ සුවිශේෂී ස්ථානයකි. නිවසට අනුකූලව නවීන පන්නයේ මුළුතැන්ගෙයක් නිර්මාණය කිරීමේදී, කාර්යක්ෂමතාවය, පිරිසිදුභාවය, තාක්ෂණය හා විලාසිතාව අතර යහපත් සමතුලිතතාවයක් ඇතිකිරීම අත්‍යවශ්‍යය වේ. 1. නිවැරදි සැලසුමක් සකස් කිරීම මුළුතැන්ගෙයෙහි හැඩතලය […]
කාන්තා හෝමෝන (estrogen, progesterone, insulin, thyroid hormones) යනු ශරීරයේ බලවත් පණිවිඩකරුවන් ය. එය අපගේ මානසිකය, ශාරීරික, මනෝභාව, විවේචන හැකියාව, මෙන්ම වඳභාවය හා ඔසප් චක්‍රයට පවා බලපෑම් කරයි. අද කාලයේ කාර්යබහුල ජීවන රටාව තුල කාන්තාවන්ට හෝමෝන අසමතුලිතතාවය වඩා වැඩිවී තිබෙන ප්‍රවනතාවක් දැකිය හැකිය. PMS (Premenstrual Syndrome) නිසා කාන්තාවන්ගේ චිත්තාවේග, චර්යාවන් සහ භෞතික ශරීරයටත් අහිතකර බලපෑම ඇතිවන තත්ත්වක් […]
ගැස්ට්‍රයිටිස් කියන්නේ අද කාලෙ බාල, තරුන, මහලු හැමෝම පීඩා විදින රෝගයක්. හොදම බෙහෙත තමා දිය බත්. ඒක හදන්න හැමෝම දන්නවනේ. අද එහෙනම් හදමුද තවත් අමුර්තය වගේ බෙහෙතක්… මේ තමා කෝමාරිකා ව්‍යංජනය …. බලමු මොනවද අවශ්‍ය කියලා… කෝමාරිකා වල දිය ගතිය තියෙන නිසා අපි දිය කිරි ගන්නෙ නෑ.. ඉතින්,මම දිලීකා…හැමදාම අලුත් රෙසිපි එකකින් හමුවෙමු.
කරාබුනැටි Syzygium aromaticum (L.) විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කරාබුනැටි රසකාරකයක් ලෙසත් ආහාර සුගන්ධකාරකයක් ලෙසත් මුළුතැන්ගෙයි බහුලව භාවිතා වන කුළුබඩුවකි. දත් කැක්කුම්, ආහාර ජීර්ණ ගැටලු, ඉක්කාව, මුඛයේ ඇති වන තුවාල, මුඛයේ දුගඳ වැනි තත්ව සඳහා අත්බෙහෙත් ලෙස කරාබුනැටි භාවිතා කරයි. ආයුර්වේදානුකූලව සැහැල්ලු, ස්නිග්ධ, තීක්ෂ්ණ ගුණ, කටු-තික්ත රස, කටු විපාක, ශීත වීර්‍ය වේ. සෙම හා පිත සමනය කරයි. […]
හැමදාම කඩෙන් බිස්කට් ගන්න එකේ අපි හදමුද රසම රස බිස්කට් එකක් ගෙදරදිම…. ලොකු වෙලාවක් යන්නෙට් නෑ…. ලොකු මුදලක් යන්නෙත් නෑ…. චූටි බබාලත් ගොඩක් ආස වෙයි… එහෙනම් අපි අද හදමු බටර් කුකීස් බටර් කුකීස් අවශ්‍ය ද්‍රව්‍ය දැන් බලමු කොහොමද හදන්නෙ කියලා… බටර් ටික හොදින් හෑන්ඩ් බීට් කරගන්න. එයට සීනී ටික එකතු කර සිනි දියවන පරිදි හොදින් […]
කළුදුරු (Nigella sativa) රසට රසක් විශේෂාංගය තුළින් අද ඔබට ගෙන එන්නේ සූපශාස්ත්‍රයේ වැදගත් කුළුබඩුවක් ලෙස සැලකෙන කළුදුරු (Nigella sativa) ශාකය පිළීබදවයි Ranunculacea කුලයට අයත් මෙම ශාකය ඇත්දල හැඩැති මණි පත්‍රවලින් යුතු අලංකාරවත් සුදු සහ නිල් පැහැ පුෂ්ප වලින් යුක්ත වන අතර කළු පැහැති කුඩා බීජ සුගන්ධවත්ය. ආසියාතික සහ මැදපෙරදිග කළාපයේ බහුලව වැවෙන ඖෂධීය ශාකයක් වන කළුදුරුවල […]
ඉපැරණි ව්‍යායාමයක් සහ භාවනාවක් වන යෝගා වර්තමාන කාර්යබහුල සමාජය තුළ වඩ වඩාත් ජනප්‍රියත්වයට පත් වී ඇත. ඒ මන්දයත් බොහෝ අය ශරීරයට සහ මානසට සුව ගෙනදෙන ව්‍යායාමයක් වශයෙන් යෝගා වල නියැලීමයි. එසේනම් අද අප බලාපොරොත්තු වන්නේ ජීවිතයට සෝදන යෝගා යන මාතෘකාව යටතේ යෝගාමාලාවන් පිළිබඳව ඉතාම වටිනා කරුණු රැසක් ඉදිරිපත් කිරීමටයි. යෝග යනු කුමක්ද? යෝග යන වචනය […]
