දවසකට අලුතින් පිළිකා රෝගීන් 100 ත් 103 ත් අතර ප්‍රමාණයක්
පිළිකාව පුද්ගල ඛේදවාචකයක් ලෙස නොව සමස්ත ජාතීයේ ම අභියෝගයක් සේ සලකා ජනතාව එයින් මුදා ගැනීමට ක්‍රියා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, වත්මන් රජයේත් ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මේ වනවිට පිළිකා රෝගී තත්ත්වය ජනතාව අතර පැතිරයාමේ වර්ධනයක් පෙන්නුම් කරන අතර මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරයි. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසන්නේ සාමාන්‍යයෙන් වසරකට අලුතින් පිළිකා රෝගීන් 35000 ක් 45000 ක් අතර ප්‍රමාණයක් හඳුනා ගන්නා බවයි. 2021 වර්ෂයේ වාර්තා වූ පිළිකා රෝගීන් ගණන 37753 කි. ඒ අනුව දවසකට අලුතින් පිළිකා රෝගීන් 100 ත් 103 ත් අතර ප්‍රමාණයක් හඳුනා ගන්නා බව ඒ මහතා අවධාරණය කරයි.
පිළිකා රෝග ව්‍යාප්තියට හේතු සාධක ලෙස ලොව පුරා පර්යේෂකයන් විද්වතුන් පෙන්වා දෙන මූලික කාරණා අතර මිනිසුන්ගේ ආහාර රටාව ද හිමිවන්නේ ප්රමුඛස්ථානයක්.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අවදානම් සාධකවලට නිරාවරණය වීම අඩුකිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීමෙන් පිිළිකාවලින් 30% -50% ක් වළක්වා ගත හැකියි. පෙබරවාරි මස 04 වනදාට යෙදුනු ලෝක පිළිකා දිනය නිමිත්තෙන් චක්‍ර ලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් සඳහන් කළේ පිළිකා අවදානම් සාධකවලට නිරාවරණය වීම අවම කිරීම , සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් වැළඳ ගැනීම සඳහා පුද්ගලයින්ට අවශ්‍ය තොරතුරු සහ සහය ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන ජාතික ප්‍රතිපත්ති සහ වැඩසටහන් වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බවයි.
එනමුත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක මූලික සාධකයක් වන සෞඛ්‍ය සම්න්න ගුණාත්මක ආහාරවේලක් ලබා ගැනීම මේ වන විට අපේ රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබේ.
තවමත් අපේ රටේ මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බව පෙනේ. වරින් වර බලයට පත්වන ආණ්ඩු තුළින්‘’නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’’ පිිරි රටක් වෙනුවෙන් විවිධ පොරොන්දු ඉදිරිපත් කරමින් වැඩි ප්රතිපාදනයක් සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කළ ද ඊනියා අරමුණු නිසි ලෙස ඉටු වී ඇති බවක් තවමත් දක්නට නොලැබේ.
විවිධ කාල වකවානුවල කාබනික පොහොර භාවිතය, ග්ලයිෆොසේට් තහනම ,පොලිතීන් තහනම ආදිය කතා බහට ලක් වුණ ද ඒ් කිසිවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ද හැකි වූයේ නැත. අසීමාන්තිකව වස විස ශරීරගත කරවන මාෆියාවට විරුද්ධව සටන් කළ එකී නඩු වෙනුවෙන් පෙනී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාට සිදු වූයේ ද කුරිරු පාපතරයෙකුගේ වෙඩි උණ්ඩයට ළය දීමය.
මේ හා සම්බන්ධව කටයුතු කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ආහාර පාලන ඒ්කකය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැනි ආයතන සම්බන්ධ වුව ද ආහාර පනත යටතේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය වැටලීමේ රාජකාරී වගකීම පැවරී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටයි.
එහෙත් මෙම කාර්යයයේදී වරදකරුවන්ට ඇති නීතියේ ලිහිල් බව, ප්‍රමාණවත් තාක්ෂණික පහසුකම් නොමැතිවීම වැනි ගැටලු රැසක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධාරණය කරති .
ආහාර පනත යටතේ යම් වරදක් සිදු කිරිමේදී වරදට තවමත් දඩුවම් ලබා දෙනු ලබන්නේ 1991 සංශෝධිත ආහාර පනත යටතේ වන අතර ඒ් අනුව වරදකරුවන්ට හිමිවන දඩයන් රු. 500 – 5000 හා 5000-10000 අතර වේ . මේ නිසා වෙළෙන්දන් ඉතා විශාල වැරදි සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. අධික ලාභ ලබන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙය ඉතාමත් සුළු දඩයක් වන අතර මේ පනත් සංශෝධනය කර නීතිය ක්‍රියාත්මක වීම බලාත්මක වන තුරු නිරෝගීමත් ජනතාවක් මෙරටින් අපේක්ෂා කළ නොහැකිය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් නිතර හඩක් නඟන මහජන සෞඛ්‍ය පරික්ෂක සඳුන් හේමන්ත මහතා –
“ ලංකාවේ වෙළදසැල් තුළ ඇති වැඩි ප්‍රමාණයක් ආහාරවල ලේබල්වල අන්තර්ගත ද්‍රව්‍ය අඩංගු නැහැ. කේක්වල බිත්තර නෑ, බටර් නෑ .මේ සියලු අන්තර්ගත ද්‍රව්‍ය පරික්ෂා කිරිමට ලංකාවේ ආහාර පනත යටතේ තියෙන රසායනාගාර තුළ ප්‍රමාණවත් පහසුකම් නැහැ. ලංකාවේ පහසුකම් සහිත විශාල ආයතන තියනවා . ITI ආයතනය (කාර්මික තාක්ෂණ ආයතනය) රසායනික පරික්ෂා කිරිම් සඳහා හොඳම ආයතනයයි , ROP කෘමිනාශක වර්ග ආහාරවලට යොදලාද කියලා බලන්න පුළුවන් ආයතනය, නාරා මාළුවල අන්තර්ගත ද්‍රව්‍ය යොදලා තියෙනවා නම් ඒවා ගැන හොයන්න පුළුවන් රසායනාගාර ආයතනය, පොල් සංවර්ධන අධිකාරිය යටතේ තියෙනවා පොල් තෙල්වල අන්තර්ගත දේ පරික්ෂා කිරිමට රසායනාගාර. මේවා තුළ ඉතා විශාල පහසුකම් තියනවා . නමුත් සෞඛ්‍ය පරීක්ෂකවරු ලෙස අපට ඒ්වාගෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ. ඒවා ආහාර පනත යටතේ ගැසට් කරලා නැති නිසා එම රසායනාගාරවලින් කෙරෙන පරික්ෂණ මගින් අධිකරණයේදී මහජන පරීක්ෂකවරු වශයෙන් අපට නඩු පවරන්න බැහැ. ලංකාවේ මේ වන විට බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුන් වන ආහාරයක තිබිය යුතු ලුණු,සිනී,මේදය සම්බන්ධව කටයුතු කිරිමේදී එය පරික්ෂා කිරිමටවත් රසායනාගාරයක් නෑ. ප්රතිඔක්ෂිකාරක , පොල්තෙල් පරික්ෂා කිරිමට මහජන පරික්ෂකවරුන්ට නිසි ක්‍රමවේද නැහැ. මේ නිසා ව්‍යාපාරිකයින් තමන් විසින්ම සකසා ගත් ඉතා සුපිරිසිදු පොල්තෙල් ලේබල්වලින් තම ව්‍යාපාර කරගෙන යනවා. මේවාගේ සුදුසු නුසුදුසු තත්ත්වය අපිට පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් නැහැ. ’’
වස විස රැගත් පොල්තෙල් ජාවාරම අද ප්‍රබල ලාභදායි ව්‍යපාරයක් බවට පත්වී තිබේ . විදේශීය කර්මාන්තශාලාවලින් ඉවත් කරන අපවිත්‍ර තෙල් සුුළු මුදලට ගෙන්වා ඉතා සුපිරිසිදු පොල්තෙල් ලේබලයෙන් පිරිපහදු කර වෙළඳපළට නිකුත් කිරීම අද බහුලව සිදුවේ. දරුවන් රස කර කර කන වඩේ රෝල්ස් පැටිස් බැදෙන්නේ ද මේ තෙලේය. දේශීය ව්‍යාපාරවල ගුණාත්මකභාවය පිිළිබඳව ද සෑහීමට පත්විය හැකි තත්ත්වයක් අප රට තුළ නොමැත. සිදීමට රැගෙන ගිය පුස් බැදුණු කොප්පරා ට්‍රැක්ටරයක් පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් අත්අඩංගුවට ගැනීමෙන් වෙළඳපළට නිකුත් කිරීම වැළැක්විණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවධාරණය කරන්නේ මිරිස් තුනපහ හා ගම්මිරිස් වැනි කුඩු කර සකස් කරන ලද මෙවැනි අත්‍යවශ්‍ය කුළුබඩු ද්‍රව්‍යවල මෙලෙස පුස් පැවතිය හැකි බවයි. ඇෆ්ලටොක්සින් අඩංගු පුස් බැදී ඇති ආහාර පිළිකාකාරක වන බැවින් පුස් පවතින කොටස්වත් ඉවත්කර හෝ ආහාරයට නොගන්නා ලෙස වෛද්‍යවරු අවධාරණය කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නව සභාපති පුලින රණසිංහ මහතා පෙන්වා දෙන්නේ ආහාර සම්බන්ධව පරීක්ෂණ කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පහසුකම් ඇත්තේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා ඒ් යටතේ ඇති කලුතර හා අනුරාධ දිස්ත්‍රික් ශාඛා දෙක පමණක් බවයි. මෙය මහජන පරීක්ෂකවරුන්ගේ රාජකාරී කටයුතුවලට දැඩි බාධාවක් වී ඇති බැවින් අවම වශයෙන් පළාත් 09 ටවත් රසායනාගාර ඇති කළ යුතු බව ඒ් මහතා අවධාරණය කරයි . කෙසේ වෙතත් ඔහු වස විස නැති සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක අයිතිය තහවුරු කිරීම සඳහා දීප ව්යපාත්ව නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් ඒ් අනුව මහජනතාව මැනවින් දැනුවත් කරමින් එම වස විස බහුල ආහාර කෙරෙහි ඇති ඉල්ලුම අඩු කිරීමත් නෛතික රාමුව තුළ ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වෙමින් සෞඛ්‍යයට අහිතකර ආහාර වෙළඳ පොළ වෙත සැපයීම අවහිර කිරීමටත් කටයුතු කරන බව වැඩිදුරටත් පවසයි.
සැබවින්ම අඹ ගෙඩියේ කෙසෙල් ගෙඩියේ සිට වස විසය. කෑමට පලා වර්ගයක් නම් වෙළෙද පොළේ ඇත්තේම නැති තරමය. කහ කුඩු මිරිස්කුඩු තුනපහ පමණක් නොව තේකොල සීනී පැකට් ඒකේ සිට වස විසය. කිරිපිටි පමණක් නොව දියර කිරි ද කල් පවත්වා ගැනීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය යොදවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. පාරිභෝගිකයන්ට ඒවා මැන බැලීමට තාක්ෂණික පහසුකම් ද නැත්තේය. දැනුවත්කිරීම් මගින් පාරිභෝගිකයන් දැනුවත් කළ ද ඒවිට පාරිභෝගිකයන්ට සිදු වන්නේ සහල් පැකට් ඒකේ සිට වර්ජනය කිරීමටය. නැතහොත් බඩගින්නේ සිටින්නටය. සහල් පිළිබඳ කරන කරන ලද පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ සහල්වල ඇති අධික බැරලෝහයන් සිරුරට දරාගත නොහැකි මට්ටමක පවතින බවයි.
පිළිකා වකුගඩු රෝග මෙන්ම බෝ නොවන රෝග වැළැක්වීම සඳහා රජය අතිවිශාල මුදලක් වැය කරයි. වසරින් වසර වැඩිවන පිළිකා හා වකුගඩු රෝගීන් අනුව මෙය රටකට දැරිය නොහැකි මට්ටමකට ළඟා වනු ඇත. මේ නිසා වඩාත් වැදගත් වන්නේ මෙවැනි රෝග ව්‍යාප්තිය වැළැක්වීමයි. ඒ් සඳහා වැය කරන කාලය ශ්‍රමය මෙන්ම ප්‍රතිපාදන දිගු කාලීන ප්‍රතිඵල ලබන ඵලදායි ක්‍රියාවලියකි.
වස විසෙන් තොර රටක් නිරෝගී ජනතාවක් වෙනුවෙන් මාධ්‍යයට ද කළ හැක්කේ සුවිසල් මෙහෙවරකි. මේ වස විස මාෆියාව ජය ගැනීම සමස්ත ජාතියේම අභියෝගයක් සේ සලකා කටයුතු කිරීම ජාතික වගකීමකි. මුදලට යට නොවී සමාජ මෙහෙවර ප්‍රමුඛයා කර ගත් මාධ්‍යයට මෙය අපහසු කාර්යයක් ද නොවේ.
නිවස ආසන්නයේ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදි කළ ද මිනිසුන් සතුටින් තැබිය හැකිද? පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මෙවන් පසුබිමක් මත අපේක්ෂා කළ හැකිද? පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තුළ පිළිකා රෝහල් ඉදි කළ යුතු රටක් නොවී පිළිකා රෝහල් වසා දමන රටක් බිහිවීම අපගේ ඒ්කායන අපේක්ෂාවයි.
ඉරේෂා මධුරකාවිනී
