වර්තමාන සමාජය තුළ කාන්තා ව්‍යවසායකත්වයට ඇත්තේ ඉතාමත් සුවිශේෂ ස්ථානයක්. අද තරුණ පරපුරේ බොහෝ තරුණියන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වෙළෙඳ නාමයන්ගෙන් ඇඳුම් පැළඳුම් ආහාරපාන විවිධ මල් සැකසුම් අලංකරණය සඳහා යොදා ගන්නා ලද භාණ්ඩ, සැරසිලි, පාසල් උපකරණ මුළුතැන්ගෙට, නිදන කාමරයට අවශ්‍ය උපාංග වැනි දෑ කුඩා ව්‍යාපාර ඔස්සේ අලෙවිකරණ කටයුතු කරන ආකාරය දැක ගන්නට පුළුවන්.
අද අප සූදානම් වන්නේ Lets talk විශේෂාංග තුළින් නව පරපුරේ බොහෝ අය ආදරය කරන මෝස්තර සමඟින් ladies & kids T-Shirts වෙළෙඳපොළට ගෙන එන නව ව්‍යවසායිකාවක් පිළිබඳව ඔබත් සමඟ කතාබහ කිරීමටයි.
ඇය නමින් මහේෂි කරුනාරත්න.

දැනට කොපමණ කාලයක් වෙනවද මේ ව්‍යාපාරය ආරම්භ කරලා?
2023 අග භාගයේ තමයි මම business එකක් පටන් ගන්න හිතුවේ. ඒ දවස් වල මම කරපු ජොබ් එකේ ඒකාකාරී ගතියෙන් මිදින්න සහ තමන්ටම කියලා business එකක් තිබුනොත් ගොඩක් හොදයි කියලා හිතලා තමයි business එකේ අඩිතාලම දාන්න මම හිතුවේ.
2024-09-29 තමයි අපිට පළවෙනිම ඕඩර් එක ආවේ.
Dark Lavender මගින් දැනට සපයන නිෂ්පාදන වර්ග මොනවාද?
Dark Lavender වෙතින් දැනට විවිධ මොස්තර වලින් යුක්ත ladies & kids T-Shirts බොහෝ ප්‍රමාණයක් දැනට සිදු කරමින් පවතිනවා.

ඉදිරියේදීත් නව මාදිලියේ නිමි ඇදුම් නිෂ්පාදන වෙළඳපළට හඳුන්වා දෙන්න අදහසක් තියෙනවද?
ඔව් අනිවාර්යෙන්ම…
Shein එකේ Temu එකේ ලොකු ගනන් වලට තියෙන ලස්සන designs වල T-Shirts අපි ලංකාවේ නිෂ්පාදනය කරලා අඩුම මිලට අපේ customers ලා වෙනුවෙන් දෙන්න තමයි සැලසුම් කරන්නෙ.
එළඹෙන උත්සව සමය තුළ ඔබේ ආයතනය විසින් ලබා දෙන වට්ටම් (discounts) ගැනත් අපි මතක් කරමු.
ඉතින් ළගදීම එන Christmas එකට 30% දක්වා වට්ටම් ලබාදෙන්න සූදානම් කරලා තියෙනවා.
වර්තමාන වෙළඳපොළ තුළ Dark Lavender රෙදිපිළි කර්මාන්තයට ඇති ලොකුම අභියෝග මොනවාද?
Dark Lavender අපටම අනන්‍ය නිෂ්පාදන ගුණාත්මක භාවය අඛන්ඩව පවත්වා ගනිමින් වෙළෙද පොළ මිල සමග තරග කරන එක තමයි අපිට දැනට තියෙන ලොකුම අභියෝගය.

සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට වැදගත්ම සාධකය ලෙස ඔබ සිතන්නේ කුමක්ද?
බාධක කොපමණ පැමිණියත් කුඩා ප්‍රමාණයෙන් හෝ ව්‍යාපාරය නොකඩවා අඛණ්ඩව පවත්වාගෙන යාම තමයි වැදගත්ම.

ඔබේ අනාගත ඉලක්කය මොකද්ද?
මගේ ව්‍යාපාරය ලංකාවේ බොහෝ දෙනා අතර ප්‍රචලිත ව්‍යාපාරයක් බවට පත් කරමින් මා වැනිම තවත් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ලබාදීමයි.
බී.රාජපක්ෂ
