Human Computer Interaction ගැන ඔබ දැන සිටියාද?

author
1 minute, 47 seconds Read

ටික දවසකට කලින් මගේ හොඳම යාළුවෙක් මට කෙටි පණිවිඩයක් එව්වා .එය හරිම හාස්‍යජකයි, ඒ නිසා මම  තත්පර කිහිපයකට පසුව සිනාසෙමින් අඬන emoji එකක් සමග ඔහුට පිළිතුරු දුන්නා.ඇස් මත කඳුලු බිඳු රැඳී කහ පැහැති සිනාමුසු මුහුණක් මගේ මිතුරාට පැවසීමට අවශ්‍ය දේ හරියටම ග්‍රහණය කර ගත්තා. හැම දෙයක්ම ප්‍රකාෂ කිරීමට වචන අනිවාර්ය අංගයක් නෙවෙයි.

 ඩිජිටල් තිරය සහ තාක්ෂණ, අපගේ අන්තර් ක්‍රියා (Interaction) සහ අත්දැකීම් සමග  අත්රමැදියෙක් ලෙස කටයුතු කරන නිසා, අපි එකිනෙකා හා සම්බන්ධ වෙන ආකාරයත්, ලෝකයත් ඊට සාපේක්ෂව වෙනස් වෙමින් පවති.අපගේ මෝටර් රථවල,කෝපි සාදන යන්ත්‍ර වල, රෙදි සෝදන යන්ත්‍ර වල දුරකථන වල ,ලැප්ටොප්,පරිගණක යන්ත්‍ර  වල අභ්‍යන්තර ක්‍රියාවලි  පිළිබඳව   මනා අවබෝධයක් නොමැතිව  එහි ඇති පරිගණක අතුරු මුහුණත් භාවිතයෙන්  එම උපාංග නිවැරදිව  හැසිරවීමට අපිට හැකියාව ලැබී තිබේ. පරිගනකයත් එය පරිශීලනය කරන  පරිශීලකයින් අතරත් පවතින මෙම සම්බන්ධතාව මානව – පරිගණක අන්ත ක්‍රියා එහෙමත් නැත්තම්  Human Computer Interaction (HCI) යනුවෙන් නිර්වචනය කරන්න පුළුවන්.

HCI යනු කුමක්ද?

මානව – පරිගණක අන්තර් ක්‍රියා(HCI) යනු පරිශීලකයන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කරන  ක්‍රියාකාරී පරිගණක අතුරු   මුහුණත් නිර්මාණය කිරීමෙන්, පරිශීලකයන් සහ පරිගණක අන්තර් ක්‍රියා කරන ආකාරය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන  අධ්‍යයන ක්ෂේත්රයකි. එය පරිගණක විද්‍යාව, චර්යා විද්‍යාව, සංජානන විද්‍යාව, මනෝ විද්‍යාව ආවරණය වන බහුවිධ විෂයක්.

HCI වල  ආගමනය සිදුවන්නේ, 1980 පුද්ගලික පරිගණක වල  පරිණාමයත් සමඟයි.   එනම් පුද්ගලික පරිගණක  එදිනෙදා ජීවිතේ කාර්යාලයේ, නිවෙස්වල භාවිතයට පටන් ගැනීමත් සමඟයි. HCI හි ගමන වීඩියෝ ක්‍රිඩා, වදන් සකසන (Word Processors)  සහ සංඛ්යාත්මක ඒකක ආරම්භ විය. කෙසේ වෙතත්  අන්තර්ජාලයෙ  ආගමනයත් සමඟ ජංගම දුරකථන සහ විවිධාංගීකරණය වූ තාක්ෂණයක් වන voice-based  ඒ වගේම IOT(Internet of Things)හී විශාල සංවර්ධනයක් දැක ගැනීමට ලැබිණි. තාක්ෂණයේ සිදුවූ මෙම පුනරුදය පරිශීලකයන්ගේ අන්තර් ක්‍රියා පරිණාමය වීමට තවදුරටත් හේතු වුණා. එහි  ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාත් යන්ත්‍රත් අතර පවතින අන්තර් ක්‍රියාව වඩාත් මිනිසාට සමීප කරවීමට මෙවලමක්  නිපදවීමේ  අවශ්‍යතාව  තදින්ම දැනී තිබිණි. මෙය  HCI තාක්ෂණය ලෙස ස්ථාපිත කරන ලද අතර සංජානන විද්‍යාව ,ඉංජිනේරු විද්‍යාව ස්නායු විද්යාව (cognitive engineering, linguistics, neuroscience) සහ  තවත් විවිධ ක්ෂේත්රයන්හි එකතුවෙන් මෙහි පසුබිම  සැකසිණි.  

අද වන විට HCI පරිගණක උපාංග භාවිතයෙන් එය පරිශීලනය කරන පරිශීලකයින්යන්ගේ  අදත්දැකීම වැඩිදියුණු කරන, අන්තර් ක්‍රියා ක්‍රියාකාරී අතුරුමුහුණත් (Interactive Interfaces) සැලසුම් කිරීම  , ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම කෙරෙහි වැඩි අවධානය යොමුව පවතී.

HCI හි ප්‍රධාන සංරචක

පරිශීලකයා   (the user)

පරිශීලකයන් නැතහොත් user යනු  පොදු කාර්යයකට සහභාගි වන  පුද්ගලයකු හෝ පුද්ගලයන් කණ්ඩායමකටය. මේ මගින් අධ්‍යයනය කරනු ලබන්නේ එය භාවිතා කරන පුද්ගලයන්ගේ අවශ්‍යතා ඉලක්කයන් සහ අන්තර් ක්‍රියා වල ඇති රටාවන්ය. එහිදී පරිශීලකයන් පරිගණක පද්ධතියක් සමග අන්තර් ක්‍රියා (interacting) කරන අතරතුර ඔවුන්ට බාධාවකින් තොරව තමන්ට අවශ්‍ය අත්දැකීම සිතැඟි පරිදි ලබා  ලබා ගැනීම සඳහා පරිශීලකයන්ගේ සංජානන  හැකියාවන්, හැඟීම් සහ අත්දැකීම් ආදී විවිධ පරාමිතීන් විශ්ලේෂණය කරනු ලබයි.

ඉලක්කගත වූ කාර්යයන්

කිසියම් පරිශීලකයකු යම්කිසි ඉලක්කයක් තම මනසේ තබාගනිමින්  පරිගණක ක්‍රියාත්මක කරයි. පරිගණකය මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඩිජිටල් නිරූපනයක් සපයා දෙනු ලබයි. උදාහරණයක් ලෙස ගුවන් ගමනක් වෙන් වෙන්කරවා ගැනීම සඳහා යම්කිසි  ගුවන් සමාගමක වෙබ් අඩවියකට පිවිසීම  සහ පරිහරණය කිරීම සලකා බැලිය හැකිය.

මෙවැනි ඉලක්ක සහගත වැඩසටහනක දී වඩාත් හොඳ පරිශීලක අත්දැකීමක් (user experience )පරිශීලකයාට ලබා දීම සඳහා  පහත කරුණු සලකා බලනු ලැබේ

•        පරිශීලකයා ඉටුකර  ගැනීමට බලාපොරොත්තු වන කාර්යයේ සංකීර්ණත්වය.

•        ඩිජිටල් තිර සමග අන්තර් ක්‍රියා කර ගැනීමේ ඇති දැනුම සහ කුසලතාවය.

•        කාර්යය ඉටුකර ගැනීමට ගතවන කාලය.

අතුරුමුහුණත (Interface)

අතුරුමුහුණත එසේත් නැත්නම් Interface යනු පරිශීලකයාගේ සමස්ත අන්තර් ක්‍රියාව (user interaction )වැඩි දියුණු කළ හැකි තීරණාත්මක HCI සංරචකයක්. මෙහිදී අන්තර් ක්‍රියා වර්ගය( ස්පර්ශ කිරීම, ක්ලික් කිරීම, අභිනය, කටහඬ) තීරයේ ගුණාත්මකභාවය,විශාලත්වය, වර්ණය වැනි සියලුම අංශ කෙරෙහි අවධානය යොමු විය යුතුයි.

මෙවැනි අංගයන් user experience සදහා සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකියි.

HCI හි වැදගත්කම

සුවිශේෂී දක්ෂතා ඇති  පුද්ගලයි සහ ප්‍රවීණයින් භාවිතා කරනු ලබන  අතුරු මුහුණත්  නිර්මාණය කිරීමේ දී HCI වඩාත් වැදගත් වේ. මෙහිදී වඩාත්ම වැදගත් දෙය නම් පරිගණක දැනුමක් නොමැති සහ භාවිතයක් නොමැති  කෙනෙකුට එය භාවිතා කිරීම්ට මානව- පරිගණක අන්තර් ක්‍රියාවලිය (User Experience) මගින්  පහසුවක් සලසා දීමයි.

කාර්යක්ශම HCI සැලසුමක්  මගින් නිර්මාණය වී ඇති පරිගනක  පද්ධතියක් නම්,එහිදී පරිශිලකයාට පරිගණක පද්ධතිය භාවිතා කිරීමේ සංකීර්ණතා ඇතිවීම සිදු නොවේ.  පරිශීලක හිතකාමීකාමී අතුරුමුහුණත්(User Friendly Interfaces) පරිශීලක අන්තර් ක්‍රියා එසේත් නැත්නම් , ඉතා පැහැදිලි  නිරවද්‍ය  ස්වභාවික ඒවා බවට සහ සහතික  කරයි

අපගේ එදිනෙදා ජීවිතයේදී HCI හි වැදගත්කම:

එදිනෙදා ජීවිතයේ HCI

අද වන විට තාක්ෂණය අපගේ දෛනික  ජීවිතයට නැතුව බැරි අංගයක් වී හමාරය. පුද්ගලයෙකුට  HCI තාක්ෂණය අත්විඳීමට අවශ්‍ය නම් ඔහු සතුව පරිගණකයක් හෝ ජංගම දුරකථනයක්  තිබීම  අත්‍යවශ්‍ය නොවේ. මිනිසුන් ATM යන්ත්‍ර, රූපවාහිනි යන්ත්‍ර,  බිල් ගෙවීමේ යන්ත්‍ර  භාවිතා කරන විට, ඔවුන් අනිවාර්යයෙන්ම HCI සමඟ සම්බන්ධ වේ.මෙවැනි අතුරු මුහුණත් ඉතා විධිමත් හා කාර්යක්ෂම ලෙස නිර්මාණය කිරමින් HCI  විශාල භූමිකාවක් ආවරණය කරයි.

කර්මාන්ත (Industry)

එදිනෙදා  ක්‍රියාකාරකම් සඳහා පරිගණක තාක්ෂණය භාවිතා කරන කර්මන්ත නැත්නම් ව්‍යාපාර HCI හඳුන්වන්නේ, එම ව්‍යාපාර ඉදිරියට  මෙහෙයවන අති මහත් බලවේගය ලෙසයි.

ඉතාමත් කාර්යක්ෂම ලෙස   නිර්මාණය කර ඇති පරිගණක  පද්ධති ඒවායේ සේවය කරන සේවකයන්ගේ එදිනෙදා වැඩකටයුතු පහසුවෙන්  කර ගැනීම සහතික කරනු ලබයි. HCI සමඟින්, නුපුහුණු කාර්ය මණ්ඩලය සඳහා  වුවද පද්ධති හැසිරවීමට පහසුවක් සලසා දෙනු ලබයි. ජල විදුලි බලාගාර,  තාප  බලාගාර, ගුවන් ගමන් පාලනය වැනි ආරක්ෂාකාරී පද්ධති සඳහා ද HCI  භාවිතා කිරීම වඩා වැදගත් වේ. මෙහිදී HCI හි අරමුණ වන්නේ හදිසි අවස්ථාවකදී විශේෂඥ දැනුම නොමැති අයෙකුට වුවද එම පද්ධතියට ප්‍රවේශ වී එය හැසිරවීමේ හැකියාව ලබාදීම් තහවුරු කිරීමයි

ආබාධිත අය සඳහා

HCI හි මූලික පරමාර්ථය වන්නේ සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි, භාවිතා කළ හැකි, කාර්යක්ෂම සහ ආරක්ෂිත පද්ධති නිර්මාණය කිරීමයි. මෙයින් ඇඟවෙන්නේ පුළුල් පරාසයක හැකියාවන්, විශේෂඥතාව හා දැනුම ඇති සහ නැති  යන පුද්ගලයින් දෙකොටසටම   පහසුවෙන් HCI-නිර්මාණය කළ පද්ධති භාවිතා කළ හැකි බවයි. එයට ආබාධ සහිත පුද්ගලයින් ද ඇතුළත් වේ.

මෘදුකාංග ක්ෂේත්රයේ දියුණුව  සහ හාවිතය සඳහා

HCI යනු මෘදුකාංග නිර්මාණය කරන සමාගම් වල සිදුවන අනිවාර්ය අංගයකි. මෘදුකාංග එය පාවිච්චි කරන්නාට ඉතා පහසුවෙන් පාවිච්  කිරීම්ට හැකිවන පරිදි නිර්මාණය කිරීම්ට HCI තාක්ෂණික උපක්‍රම භාවිතා කරනු ලබයි. අවසානය පරිශීලකයා නිෂ්පාදිත මුදුකාංගය පාවිච්චි කරන බැවින් නිෂ්පාදනයේ මිල ඒ පාවිච්චි කිරීමේ පහසුව මත රඳා පවතී.

නුපුහුණු  පුද්ගලයින් සඳහා

වර්තතමානය වන විට ඉතා සංකීර්ණ වූ පරිගණක පද්ධති  හැරුණූ විට අනෙකුත් සුළු පරිගණක පද්ධති සඳහා පරිශීලක අත්පොත්   ( User Manual) දුර්ලභය. සාමාන්‍යයෙන් පරිශීලකයා බලා බලාපොරොත්තු වන්නේ පරිගණක  පද්ධතිය  User-Friendly වීම සහ එය සමඟ මිනිත්තු කිහිපයක් ගත කිරීමෙන් පසුව පද්ධතියට පහසුවෙන්ම ප්‍රවේශ වීමේ හැකියාව ලබා ගැනීමයි.   මෙයට හොඳම පිළිතුර වන්නේ HCI.  ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි user Interfaces නිර්මාණය කිරීමට HCI  ඵලදායි මෙවලමක් වේ. HCI මූලධර්ම මඟින් පද්ධතියකට පැහැදිලි අතුරු අතුරුමුහුණත් එසේත් නැත්නම් User Interfaces නිර්මාණය කරන අතර ඒය භාවිතා කිරීම සඳහා විශේෂ පුහුණුවක්  අවශ්‍ය නොවෙ.

දිනෙන් දින වර්ධනය වන  මිනිස් අවශ්‍යතාවයන්ට සරිලන අයුරින් හැඩගැසෙන අති දියුණු තාක්ෂණයත් ඊට සමගාමිව හැඩ ගැසුන user interfaces මිනිසාත් ඩිජිටල් ලෝකයත් අතර පවතින දුරස්ථභාවය   ක්‍රමයෙන් අඩු කරයි. එහිදී HCI මිනිසා සහ විද්‍යුත් උපාංග අතර මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියාකරන අතර, සජීවී මිනිසා  ගනුදෙණු කරනු ලබන්නේ තවත් එක් සජීවී මිනිසකු සමග මිස කිසිදු  සංකීර්ණ පරිගණක  පද්ධතියක් සමග නොවන බව ඒත්තු ගැන්වීමට තරම් ලබාදෙන අත්දැකීම පැහැදිළි හා සරල වේ.

අප Technology එක සමග තියෙන  සම්බන්ධතාවය කාලයත් සමග වෙනස් වෙමින් පවති.  අප කුඩා අවධියේ, පරිගණකය අපට පෙනුණේ පිටසක්වල උපකරණයක් ලෙස. නමුත් අද වන විට අප දවස පටන් ගන්නේත් දවස නිමා කරන්නෙත් තාක්ෂණික උපකරණ සමගයි. අපි ජීවිතය කාටත් වඩා ළඟින් ආශ්‍රය කරන්නේ මෙම devices සමගයි.    මානව ඉතිහාසයේ  මෙවලම් මාරු උණ යුගයන් හතරකතරක් ප්‍රධාන වශයෙන් පැවතුණි. දඩයම් යුගය ,කෘෂිකාර්මික යුගය ,කාර්මික යුගය සහ මීට වසර 26  කට පෙර  ඇරඹුන තාක්ෂණික යුගය. සෑම යුගයකදීම අපි භාවිතා කළ මෙවලම් එකිනෙකට වෙනස් විය. තාක්ෂණ යුගයේ  ආගමනය සමඟම අපගේ මතකයේ පවතින සමහර දෙ අමතක කිරීමට  තාක්ෂණය  අපව  පොළඹවන ලදී.

” ඔබට මතකද ඔබේ සංවත්සර දිනය ?, එසේත් නැත්නම් ඔබට මතකද ඔබ සිටින තැන සිට මත්තල ගුවන් තොටුපළට යන මාර්ගය ?” 

ඉදිරි වසර 20 ඇතුළත අප තාක්ෂණය  සමග interact වන ආකාරය හාත්පසින්ම වෙනස්ව වීමට නියමිතයි. මෙහි දී  HCI වලට  විශාල කාර්යභාරයක් පැටවේ . HCI හා බැඳුණ තවත් එක් යුගයක පුනරුදය ඉතා මෑත අතීතයේ සිට සිදුවෙමින් පවතී. AUGMENTED AGE, එය මනස, සංවේදනය, භාෂාව, දෘශ්‍ය, ශබ්ද හා වෙන්ත සංවේදී උත්තේජනයන් එකිනෙකට සම්බන්ධ කරමින් වැඩිදියුණු  කරන ලද  අතිසංවේදී තාක්ෂණයක්.    සැබෑ භෞතික ලෝකය  මත  දෘශ්‍ය  මාධ්‍ය සහ ශබ්ද මාධ්‍ය එකතු කර කරගනිමින්     විධාකාර වූ මායාවන් 3D ආකාරයට ප්‍රති නිර්මාණය  කිරීම    augmented reality තුළින්  සිදුකරයි. මෙය දැන්ට දුලබව   පාවිච්චි  කළ ද අනාගතයේ  සියලුම විද්‍යාවන් ඉගෙනීමට විප්ලවීය වෙනසක් කළ හැකි HCI වල  තවත් එක් අතින් දියුණු පැතිකඩක් ලෙස හදුන්වාදීමට පුළුවනි.

සටහන

Shirmila Manohari

IT Lecturer – School of ICT | NIIBS

Nāgānanda International Institute for Buddhist Studies (NIIBS)

MSc in Computer Science( Reading)

BA (Hons) in Computer studies

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa