අදහස් දැක්වීම – චරිත් ගුණසේකර, creative director and choreographer. Fashion formula 2025…
විශේෂයෙන් කියන්න ඕනේ categories 22ක් යටතේ තමයි මේ fashion show එක අපි යන්නේ. ලංකාවේ ඉන්න අති දක්ෂයන්ට සහභාගි වෙන්න පුළුවන්. ලංකාවේ pagents ගොඩක් තිබ්බට මේ වගේ හොඳ international level එකේ යන fashion show කිහිපයයි තියෙන්නේ. ලංකාවේ හොද Designers ලා හොඳ makeup artist ලා ඉන්නවා .එතකොට ඒ සියලු දෙනාටම හොඳ international platform එකක් අපි හදන්න ඕනේ.
ඒ නිසා තමයි අපිට තියෙන වගකීමක් විදියට කතා වුණේ අලුත් දෙයක් අපි මේ වෙනුවෙන් අපි කරමු කියලා. ඒ නිසා තමයි අපි මේ වගේ අලුත්ම වැඩක් අපි plan කලේ. මොකද International level එකේ තියෙන වැඩක් මේක. Choreographer කෙනෙක් විදිහට මට ලොකු වගකීමක් තියෙනවා මේ එන අලුත් පිරිසත් එක්ක ඉදිරියට යන්න. මේ වැඩ කරන්න.
මේ show එකේදී අලුත් models වගේම ලංකාවේ ඉන්න දක්ෂතම ප්‍රවීණ නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් වගේම අලුත් කට්ටියටත් අපි ආරාධනා කරනවා. මොකද මම හිතන්නේ මේක අපිට අලුත් කට්ටිය පරණ කට්ටිය කියල එකක් නැහැ . අපි ඔක්කොම හොඳම කට්ටියක් අරගෙන එයාලව හොඳට පුහුණුවීම් කරලා තමයි මේ වැඩේ යන්නේ.
මේක අද පටන් අරගෙන හෙට ඉවර වෙන එකක් නෙමෙයි. අපි හැම අවුරුද්දකම අළුත් ඩිසයිනස්ලා එක්ක තමයි අපි මේක සංවිධානය කරලා තියෙන්නේ .
ඉස්සරහට දිගටම කරන් යන්න. මොකද මේක එකකින් දෙකකින් ඉවර කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. මේක annually දිගටම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ ඉන්න ටීම් එකත් එක්ක industry එක වෙනස්ම තලයකට ගෙනියන්න හැමෝගෙම සහයෝගයත් එක්ක අපි මේ වැඩේ කරන්න ශක්තියක් ලැබෙයි කියන එක.
සටහන – බිනාලි ජයනි රාජපක්ෂ
