අද අපි සූදානම් වන්නේ Online learning Vs Traditional learning යන මාතෘකාව පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන, ආචාර්ය රංගමිණි වේරවත්ත සමඟ සාකච්ඡා කිරීමටයි.
අධ්‍යාපනය යනු,
අධ්‍යාපනය පිලිබද නිර්වචනය කිරීමේ දී
කිසියම් විෂය පථයක් පිළිබඳ දැනුම ලබාදීම කුසලතා වැඩි දියුණු කිරීම හා චරිත ලක්ෂණ යන කාරණා කිහිපය පුද්ගලයකු තුළ ඇති කිරීමේ ක්‍රියාවලිය අධ්‍යාපනය යනුවෙන් හඳුන්වා දෙන්නට පුළුවන්.
මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ විශේෂ අදියර කිහිපයක් පවතී.
ඒවා නම්,
1. මුල් ළමාවිය අධ්‍යාපනය
2. ප්‍රාථමික අධ්‍යාපනය
3. ද්විතීක අධ්‍යාපනය
4. තෘතීක අධ්‍යාපනය
5. වෘත්තීය අධ්‍යාපනය
පුද්ගලයකුට අවශ්‍ය දැනුම කුසලතා හා චරිත ලක්ෂණ යන කාරණා පිළිබඳ අවබෝධයක් ලබාදීම සඳහා ඉහත අදියරයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කොට තිබේ.
ගුරුවරයා හා ශිෂ්‍යයා අතර සම්බන්ධය
අධ්‍යාපන ක්‍රියාවලිය තුළ සිටිනා පාර්ශව කරුවන් ලෙස ගුරුවරයා හා ශිෂ්‍යයා නම් කරන්නට පුළුවන්. ඉහත කී අධ්‍යාපන අවධීන් යටතේ ගුරුවරයා ගුරුවරයකු ලෙසත් ගුරුවරයා කථිකාචාර්යවරයකු ලෙසත් ගුරුවරයා පුහුණු කරුවකු යනාදි විවිධ භූමිකාවන් ඔස්සේ ශිෂ්‍යයාට අධ්‍යාපනය ලබා දීම සිදු කරනවා.
සාම්ප්‍රදායික හා ඔන්ලයින් අධ්‍යාපනය යනු
එසේනම්, දැනුම, කුසලතා චරිත ලක්ෂණ ප්‍රධාන කරුණු ත්‍රිත්වය පන්තිකාමරයක ක්‍රීඩාංගණය හෝ වෙනත්භෞතික ස්ථානයක තුළ ගුරුවරයා ශිෂ්‍යයා සමග මුහුණට මුහුණලා සිටිමින් ලබාදෙන අධ්‍යාපනය සාම්ප්‍රදායික අධ්‍යාපනයලෙස හඳුන්වා දෙන්නට පුළුවනි.
එසේම භෞතික ස්ථානයකින් තොරව ඉහත කී කරුණු තුන තාක්ෂණය භාවිත කරමින් ලබාදෙන අධ්‍යාපනය ඔන්ලයින් අධ්‍යාපනය ලෙසත් නිර්වචන කරන්නට පුළුවන්.
මෙරට ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රමය පිළිබඳව සඳහන් කිරීමේ දී විශේෂයෙන්ම කොවිඩ් වසංගතයට පෙර අවධියේ ලංකාව තුළ ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳ කිසිදු පිළිගැනීමක් හෝ අවබෝධයක් මිනිසුන් අතර තිබුණේ නැහැ. නමුත් මෙරටට කොවිඩ් වසංගතයේ දැඩි බලපෑම් එල්ල වීමත් නිසා පාසල් ඇතුළු ස්ථාන රැසක් වෑසී යාමත් සමග දරුවන් නිවස තුළම සිරවිමත් හා පාසලට යෑමට නොහැකි වීමත් හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රමය ලංකාව තුළ හරියාකාරව භාවිතයට ගැනීම පටන් ගැනීම ආරම්භ වූ බව කිව යුතුයි.
සාම්ප්‍රදායික සහ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය දරුවන්ට බලපාන්නේ කුමන ආකාරයට ද?
අධ්‍යාපන ක්‍රමය තුල ඕනෑම පාඨමාලාවක විෂයයක් ඉගැන්වීමේ දී K- SAM model එක භාවිතයෙන් තමයි සාමාන්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන්නේ.
K- SAM පිළිබඳ කෙටියෙන් විග්‍රහ කරනවා නම්
K – knowledge
S – skills
A – Attitudes
M – Mind set and paradise
ඒ වගේම මෙම K- SAM model එක තමයි දරුවෙකුගේ අධ්‍යාපනයට අවශ්‍ය ඕනෑම පාඩමක් දරුවාට ලබා දුන්නාද නැද්ද කියන එක සදහා මිනුම් දඬු විදියට පාවිච්චි කරන්නේ.
ලංකාවේ ඕනෑම පාඨමාලාවක විෂයක් ඉගැන්වීමේදී දරුවෙකුට ලබාදිය යුතු අරමුණු 12ක් ගැන සදහන් කරලා තියෙනවා.ඒ අරමුණු 12 හදලා තියෙන්නේ K- SAM එක මොඩල් එක භාවිතයෙන් වීම විශේෂත්වයක්.
එම අරමුණු 12 මෙලෙස සඳහන් කළ හැකිය.
ඒවා නම්,
1. Subject/ theoretical knowledge
2. Practical knowledge and application
3. Communication
4. Teamwork and leadership
5. Creativity and problem solving
6. Managerial and entrepreneurship
7. Information usage and Management
8. Networking and social skills
9. Adaptability and flexibility
10.Attitude values and professionalism
11. Vision for life
12. Updating self Lifelong learning
එසේනම් අපි දැන්ඔන්ලයින් හා සාම්ප්‍රදායික අධ්‍යාපනයේ ඇති වාසි අවාසි මෙම අරමුණු 12 යටතේ ව්මසා බලමු.
1. Subject/ theoretical knowledge
මෙය ඔන්ලයින් හා සාම්ප්‍රදායික අධ්‍යාපනය යන ක්‍රම දෙක තුළින්ම දරුවාට ලබා දිය හැකියි.
2.Practical knowledge and application
මේ පිළිබඳව සඳහන් කිරීමේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් සාම්ප්‍රදායික අධ්‍යාපනය යටතේ පන්තිකාමරයක කළ හැකි වුවද ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීම ඉතාමත් ගැටළු සහගත කාර්යයකි.
උදාහරණයක් වශයෙන්
computer network එකක් හදනවා නම් computer network එක හදන්න cables ටික සවි කිරීම ඉතාමත් නිවැරදි ලෙස සිදුකළ යුත්තක්.
මෙය දරුවාට ප්‍රායෝගිකව සිදු කළ හැකි ද බලන්නට නම් අපි භෞතිකව ඒ දරුවාව පන්තිකාමරයට ගෙනල්ලා ඒ උපකරණ ටික දරුවාට ලබා දීලා මෙන්න මෙහෙම කරන්නේ කියලා අපිට කියලා දෙන්න පුළුවන්. ඒවගේම දරුවාටත් එම ක්‍රියාකාරකම ගුරුවරයාට පැහැදිලිව පෙන්වා දෙන්නට පුළුවන්.
නමුත් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය තුළ මෙවැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කල නොහැකි වීමඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය තුළ ඇති අවාසි සහගත තත්වයක් වේ. එබැවින් Practical knowledge and application ක්‍රමවේදය ඔන්ලයින් අධ්‍යාපනය සදහා සාර්ථක නොවන බව සඳහන් කල යුතුය.
3. Communication
පුද්ගලයින් අතර ඇති වන මානුෂික සම්බන්ධය මෙමගින් නිර්වචනය වේ.
සාම්ප්‍රදායික අධ්‍යාපනයේදී පන්තිකාමරය තුළ ශිෂ්‍යයන් ගුරුවරයන් එකිනෙකා මුණගැසීම තුළින් පුද්ගලයන් අතර මානුෂික සම්බන්ධයක් සාර්ථක ලෙස ගොඩ නැගුණ දඔන්ලයින් අධ්‍යාපනයේදී දරුවා තිරයට පමණක් සීමා වීම නිසා ඒ තුළින් සබකෝලය ,හැඟීම් වලට ප්‍රතිචාර නොදැක්වීම වැනි මානුෂීය ගැටලු පැන නැගිය හැකි යි. එබැවින් Communication ඔන්ලයින් අධ්‍යාපනයට සාර්ථක නොවන බව සදහන් කළ යුතුය.
4. Teamwork and leadership
ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලැබීමේදී පුද්ගලයන් අතර සම්බන්ධතාවයන් වලට යම් යම් සීමාවන් පවතිනවා. කාර්යාලයක හෝ පන්ති කාමරයක උදෑසන සිට සවස් කාලය දක්වා පුද්ගලයින් සමග භෞතිකව ගැටීමත් ඔන්ලයින් චැට් රූම් එකක සිටීමත් අතර ලොකු වෙනසක් පවතිනවා.
ඒ අනුව මම දකින විදිහට මේ ක්‍රමයත් ඔන්ලයින් අධ්‍යාපනයට යොදා ගැනීම සාර්ථක නැහැ.
5. Creativity and problem solving
මෙයත් ඔන්ලයින් හා සාම්ප්‍රදායික අධ්‍යාපනය යන ක්‍රම දෙක තුළින්ම දරුවාට ලබා දිය හැකියි.
සමහර අවස්ථාවලදී තාක්ෂණික පරිසරයක් තුළ දරුවෙකුට Creativity කියන දේ වැඩිපුර භාවිතා කරන්න පුළුවන්. යම් නිර්මාණයකදී එයට අවශ්‍ය visual effects , graphics ආදිය යොදා ගනිමින් පන්ති කාමරයක මෙන්ම තිරය හරහා එම නිර්මාණය ඉදිරිපත් කිරීමේ හැකියාව මෙහි දී පවතිනවා.
එමෙන්ම Problem solving වලදීත් දරුවාට පරිගණකය භාවිතයෙන් ඉතාමත් පහසු ලෙස එම ගැටළුව නිරාකරණය කිරීමට හැකි වුවද සාම්ප්‍රදායික අධ්‍යාපනයේදීපුද්ගලයාගේ මනස භාවිතා කරමින් විසදුම් සොයා ගත හැකි වීම සාර්ථක බව සඳහන් කල හැකි යි.
6. Managerial and entrepreneurship
මෙයත් ඔන්ලයින් හා සාම්ප්‍රදායික අධ්‍යාපනය යන ක්‍රම දෙක තුළින්ම දරුවාට ලබා දිය හැකියි.
මෙය භාවිතා කරමින් රැකියා අවස්ථාවක් හෝ කළමණකරන කටයුතුක් කිරීමට හැකියාව දරුවා තුළ ඇති විය යුතුයි.
7. Information usage and Management
යම් විෂයකට අවශ්‍ය තොරතුරක් සොයා ගැනීමේදීඅන්තරජාල හා තාක්ෂණය භාවිතයෙන් තොරතුරු සොයා ගැනීමේ පහසුව ඔන්ලයින් ක්‍රමවේදය තුළ පවතී.
එහිදී සොයාගත් තොරතුරු සුරක්ෂිතව තැන්පත් කිරීමත් එම තොරතුරු විවිධ ආයිතමයන් යොදාභාවිතා කිරීමට හැකි වීම සාම්ප්‍රදායික අධ්‍යාපනයට වඩාසාර්ථක ලෙස ඔන්ලයින් අධ්‍යාපනය ඔස්සේ සිදු කර ගත හැකිය.
8. Networking and social skills
යම් විෂයක් ඉගැන්වීමේදී පනතියේ ක්‍රියාකාරකම් තුළින් ගුරුවරුන් විදියට අපි බලනවා සිසුන්ට තවත් සිසුන් පිරිසක් සමග එකතු වෙන්න පුළුවන් ද සහසම්බන්ධතා පවත්වා ගන්න පුළුවන් ද කියන එක. ඒ වගේම හැම විෂයකට අපි ගොඩක් උත්සහ කරන්නෙ කණ්ඩායම් ක්‍රියාකාරකම්වලට දරුවන්ව යොමු කරන්න.
උදාහරණයක් වශයෙන් කණ්ඩායම් ව්‍යාපෘතියකට දරුවන් යොමු කිරීමේදී රාමුවක් තුළ වැඩකිරීමේ හැකියාව
මේ වගේ දෙයක් ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රමය තුල සිදු කිරීමේදී යම් සීමාවන් පවතිනවා.නමුත් සාම්ප්‍රදායික අධ්‍යාපනය තුළ මේ කිසිවක් නෑ. දරුවාට අවශ්‍ය විදියට ඒ ඒ ක්‍රියාකාරකම් වලට දරුවාට නිරත වන්න පුළුවන්.
9. Adaptability and flexibility
අපි දෙයක් දරුවෙක්ට කියලා දුන්නම ඒකට එයාටඅනුගත වෙන්න පුළුවන් ද ?සහ ඒ දෙයට දරුවා කොච්චර නම්‍යශීලී වෙනවද ? මේ කරුණු දරුවෙකු තුළ අනිවාර්යයෙන්ම වර්ධනය විය යුතු දේවල්.
මේවගේ දේවල් ඔන්ලයින් අධ්‍යාපනය හරහා දරුවකුට ලබා දීම එතරම් සාර්ථක වෙන්නේ නැහැ.
10.Attitude values and professionalism
දරුවකු තුළ ඇති ගොඩනැගිය යුතු ආචාරශීලිත්වය විනයගරුක බව වැනි ආකල්ප ඔන්ලයින් අධ්‍යාපනයෙන් ලබාදීම් සිදු කළ නොහැකියි.
11. Vision for life
මින් අර්ථකථනය වන්නේ දරුවාගේ ජීවිතයට නිවැරදි දැක්මක් ඇතිවීමයි. දරුවන් තුළ එකිනෙකාට වූ සුවිශේෂ හැකියාවන් පවතිනවා. දරුවා තුළ උපතින් ම ඇතිවන හැකියාවන් නිවැරදිව යොදා ගන්නා ආකාරය පිළිබඳව ගුරුවරුන් ලෙස අපි දරුවාට යම් අවබෝධයක් ලබාදිය යුතුයි.
මීට අවශ්‍ය දැනුම දරුවකු තුළ ඇති වීමට නම් සමාජය පිළිබඳ දරුවාට යම් අවබෝධයක් හා සමාජය අතර යම් සම්බන්ධතාවයක් තිබීම අවශ්‍යය වේ.
මෙය යම් මට්ටමකින් ඔන්ලයින් අධ්‍යාපනය හරහාසිදු කළ හැකි වුණත්සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැක්කේ සාම්ප්‍රදායික අධ්‍යාපනය හරහාඅවබෝධයක් ලබා ගැනීමෙන් පමණයි.
12. Updating self Lifelong learning
කාලයත් සමඟ දරුවාගේ දැනුම අලුත් කරගැනීම මෙයින් නිර්වචනය වෙයි.
දරුවා තුළ ඇති සුදුසුකම් ,දැනුමපරාසය සහ
මානසික ආකල්ප කාලයත් සමග වෙනස් විය යුතුයි. ඒවා අලුත් විය යුතුයි. සාම්ප්‍රදායික අධ්‍යාපනය හරහා මෙයින් සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකි බව සදහන් කළ හැකි යි.
ලාංකීය අධ්‍යාපනය ක්‍රමය තුළ වඩාත්ම ගැලපෙන්නේ ඔන්ලයින් අධ්‍යාපනය ද සාම්ප්‍රදායික අධ්‍යාපනය ද ?
මෙහිදී ප්‍රධාන වශයෙන්ම අප සැලකිලිමත් විය යුත්තේ පරිගණක සාක්ෂරතාවය හා ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳවයි.
පරිගණක සාක්ෂරතාව යනු පරිගණකයක් භාවිතා කිරීම පිළිබඳ ඇති අවබෝධය හා හැකියාවයි.
ඩිජිටල් සාක්ෂරතාවය යනුපරිගණකයක් , ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ වෙන යම්ඩිජිටල් උපාංගයක් භාවිතා කිරීම පිළිබඳ ඇති අවබෝධය හා හැකියාවයි.
අනෙකුත් රටවල් හා සාපේක්ෂව ලංකාවේ පරිගණක සාක්ෂරතාවය හාඩිජිටල් සාක්ෂරතාවය 34% ක් වැනිඉතා අඩු මට්ටමක පවතින බව සඳහන් කල යුතුය.
එමෙන්ම ලංකාව තුළ ඇති සමාජීය හා ආර්ථික වාතාවරණයත් සමඟ ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක කිරීම ඉතාමත් ගැටලු සහගතයි.
මීළග කොටසෙන් අපි බලාපොරොත්තු වන්නේ ඔන්ලයින් අධ්‍යාපනය තුළ දරුවකුට ශාරීරික වශයෙන් බලපෑ හැකි ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
සාකච්ඡා කළේ – ආචාර්ය රංගමිණි වේරවත්ත
Dr. Werawatte is an expert in the field of IT and Technology, He is a Dr. of Philosophy in IT and is currently reading for his doctorate in Business Administration. Dr. Werawatte is at present the Director –School of IT Naganananda International Buddhist University.
සැකසුම – බිනාලි රාජපක්ෂ
Similar Posts
https://www.techpager.org/swiftkey-alternatives/
https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/
https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/
https://shubhapallaba.in/nija-ilakare/
https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa
https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa
https://timeoftheworld.date/wiki/User:Fea2e1fa
https://algowiki.win/wiki/User:Fea2e1fa
https://brewwiki.win/wiki/User:Fea2e1fa
https://yogicentral.science/wiki/User:Fea2e1fa
https://dokuwiki.stream/wiki/User:Fea2e1fa
https://nerdgaming.science/wiki/User:Fea2e1fa
https://elearnportal.science/wiki/User:Fea2e1fa
https://securityholes.science/wiki/User:Fea2e1fa
https://fkwiki.win/wiki/User:Fea2e1fa
https://clinfowiki.win/wiki/User:Fea2e1fa

 
			 
									 
									
									 
                        