මගේ නම නිපුනි ෂෙනාලි අබේසිංහ. කෑගල්ල පදිංචි මම කෑ/ බණ්ඩාරනායක ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ ප්‍රතිඵල අනුව මට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට ලකුණු මදි වුණා. ඒ නිසා මම කෑගල්ල සණස කැම්පස් එකේ B.Sc special Regional science and planning ( විද්‍යාවේදී විශේෂ කලාපීය විද්‍යාව හා සැලසුම්කරණය ) සිව් වසරක උපාධියක් කළා.
මේ කැම්පස් එකෙන් උපාධිය ලබා ගත්තාට පසුව මම රැකියා කීපයක්ම කළා. නමුත් මගේ ශ්‍රමයට ලැබෙන වැටුප ගැන මට තෘප්තියක් තිබුනේ නැහැ. ඒ වගේම මම කැම්පස් යන කාලයේදීත් පොඩිවට යම් යම් ව්‍යාපාර කළා. ටී ෂර්ට්, බියුටි ප්‍රඩක්ට්ස් වගේ දේවල් හදලා අලෙවි කළා. ඒ ලැබුන ආදායමෙන් මම මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවක් අවසන් කළා.
මටම මාව එපා වුන කාලයක්
කැම්පස් එකෙන් ඉවත් වුනාම මටම මාව එපා වුන කාලයක් ගෙවුනා. ඉගෙන ගත්තාට ඊට ගැලපෙන රැකියාවක් නොමැති රටක ඉපදීම ගැනත් මම පසුතැවිලේලෙන් සිටියා. එතැනින් පසුව මම ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්තා. දැන් ගමේ අයට ප්‍රශ්නයක්. උපාධියක් තියාගෙන රස්සාවක් කරන්නේ නැත්තේ ඇයි කියලා ගමේ අයට ප්‍රශ්ණයක්. මේ නිසා මම හුගක් අවුලෙන් කාලය ගත කළා.

යූ ටියුබ් එකෙන්
මට මේ නිර්මාණ ගැන දැන ගන්න ලැබුනේ යූ ටියුබ් එකෙන්. ඒ වෙද්දී මම මේ නිර්මාණවල නමවත් දැන ගෙන හිටියේ නැහැ. මේවා pipecleaners කියන නමින් හදුන්වන්නේ. මේ ළගදී මට දැන ගන්න ලැබුනා මේවා මෙහෙ අසරු යන නමිනුත් හඳුන්වනවා.
ඉතින් මේ අමුද්‍රව්‍ය ගෙන්වා ගන්නේ කොහෙන්ද කියල මම දැනගෙන හිටියේ නැහැ. ඊට පසුව අලි එක්ස්ප්‍රස් එකෙන් මේ අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න පුළුවන් බව මට තේරුණා. මේ කූරු 100 ක් රුපියල් 900-1000 ක් අතර මුදලක් වෙනවා. මම මුලින්ම පාට පහකින් බණ්ඩල් පහක් ගෙන්වා ගත්තා. මේවා හදන්න කම්බි, ග්ලූ ගන් සහ ග්ලු ස්ටික් සහ මල් රේණු සාප්පුවකින් මිළට ගත්තා.

ඔබේ මුල්ම නිර්මානය අලෙවි වුනේ
මගේ මුල්ම නිර්මාණය රුපියල් 550 කට මල්ලි කෙනෙකුට අලෙවි කළා. මම මිළ කළාට වැඩියෙන් ඒ මල්ලි මට රුපියල් 1500 ක්ම දුන්නා. මගේ ගමන පටන් ගත්තේ ඒ විදිහටයි. දිලීප මල්ලි මගේ පේජ් එක හදලා දුන්නා. අහිංසා නංගි ලෝගෝ එක හැදුවා. මේ හැම දෙනාම කැස්පස් එකේ. ඒ ගොල්ලන් තමා මගේ ශක්තිය වුනේ.
ඒ වගේම මට මුලින්ම මේ වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න මුදල් තිබුනේ නැහැ. ඒ වෙද්දි මම රැකියාවක් කළෙත් නැහැ. මගේ සැමියා මට අවශ්‍ය මුදල් ලබා දෙමින් ලොකු ශක්තියක් වුණා. අදටත් ඔහු මට විශාල ශක්තියක්.
මම හැදුව මුල්ම මල් පොකුර මගේ ආදරවන්තයාට දුන්නා. එයත් මට ගොඩක් උදව් කළා. අදටත් උදව් කරනවා. මගේ දෙවැනි ගමනේ මල් කළඹත් මම තනියෙන්ම හදා ගත්තා. මේ විදිහට යූ ටියුබ් සහ ප්‍රින්ටර්සෙට් එකෙන් බලා ගෙන නිර්මාණ කළත් දැන් මම තනියම කරනවා. ඒ වගේම මට ඇනවුම් ලැබෙනවා. මම pipecleaners වලින් Fashion bag එකක් හදලා ඒකට Fashion bag කියලා නමත් තිබ්බා. වෝල් ආට් එකක් මම හිතලා කළා. ඒකටත් ලොකු ඉල්ලුමක් තිබෙනවා.
පාරිභෝගිකයා ඉල්ලන වර්ණවලින් ඔවුන්ගේ අතේ තියෙන මුදලට මම හදලා දෙනවා. දැන් මගේ පේජ් එක හදලා අවුරුද්දක් වෙනවා. මුලින් නම් ඕඩර්ස් ලැබුනේ නැහැ. මම පොටෝස්, වීඩියෝස් අප්ලෝඩ් කළත් ඒවාට විව්ස් ලැබුනේ 200- 300 ක් විතරයි. මාසයකටම ඕඩර් ආවේ එකක් වගේ. ඒත් මම දුක් වුනේ නැහැ. එකක් හරි ආවානේ කියල හිත හදා ගත්තා. සමහර මාසවලට එකක්වත් නැහැ. ඒත් මම අතහැරියේ නැහැ.

අද වෙන විට කොහොමද?
දැන් නම් හොඳ ප්‍රතිචාර තිබෙනවා. හැම වීඩියෝ එකකටම කිලෝ එකක් විතර විව්ස් යනවා. බෑග් එකට විව්ස් කිලෝ 9 ක් ආවා. ඒක තමා වැඩිම එක. ඒ වගේම ෆේස් බුක් හරහා අඩුවට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගත හැකි තැන් මට දැනගන්න ලැබුනා. ඒ නිසා කොළඹට සීමා නොවී මේ ෆේස් බුක් පේජ් වලිනුත් බඩු ගන්නවා. මේ අවුරුද්දක කාලයේදී මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ඉදිරියට තව ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා.
දැනට ඔබේ අයිටම් මොනවාද?
මංගල මල් කළඹ
උපන්දින මල්
මව්වරුන්ගේ දිනය- තෑගි අයිටම්
පියවරුන්ගේ දිනය-තෑගි අයිටම්
ළමා දිනය -තෑගි අයිටම්
සංවත්සර-තෑගි අයිටම්
බිත්ති අලංකාර
මල් පෝච්චි
යතුරු රඳවන
උපාධි ප්‍රදාන-තෑගි අයිටම්

අනාගත ඉලක්ක ගැනත්..
මගේ ටාගට් එක හැම මාසයකම ලක්ෂයක් ආදායම ලබන්න. ඒක මම මේ මාසයේ කළා. හැමදාම මම මාව විශ්වාස කරනවා. කෙනෙක් යටතේ වැඩ කරනවාට වඩා බින්දුවෙන් පටන් ගත්තත් කවදා හෝ දිනක එය සාර්ථක වෙනවා. මොන බාධක ආවත් පස්සට යන්න හොඳ නැහැ. එහෙම වුනොත් මේ ගමන යන්න බැහැ.
මගේ තවත් ඉලක්කයක් තියෙනවා. මටම කියලා අලෙවිසැලක් පටන් ගන්න ඕන. මගේ පේජ් එක “ beauty bills by shenu.. කවදා හෝ දවසක මගේ අලෙවිසැලත් “ beauty bills by shenu” නමින් ආරම්භ කරනවා. එය අනිවාර්යෙන්ම කරනවා. ඒ වගේම මේ මල් හදන අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වා ගන්න විට බන්ඩල් එකක් රුපියල් 350-400 ක් විතර මිළක් වෙනවා. කවදා හෝ දිනක මේ අමුද්‍රව්‍ය මම ගෙන්වලා අඩු මිළට දෙන්නත් අදහස් කරනවා.

ඒ වගේම ව්‍යවසායිකාවක් විදිහට මේ යන ගමන ගැන තවත් කෙනෙකුට කියා දීලා එයාලටත් වයාපාර කරන්නේ කොහොමද කියල අදහස ලබා දෙන්නත් ඕන. හුගක් අය කියන්නේ උපාධි අරගෙන රැකියාවක් කරන්න ඕන. පුද්ගලික අංශයෙන් වුනත් කමක් නැහැ. හැමෝම කියන්නේ එහෙම අපරාදේ නේද ඉගෙන ගත්තේ. දැන් ගෙදර නේද මගේ මුහුනටම එහෙ අහපු අය ඉන්නවා.
ඒත් කෙනෙක් යටතේ වැඩ කරලා හෙම්බත් වෙන්න අවශ්‍ය නැහැ. මේ වගේ ව්‍යවසායිකාවක් විදිහට තමන්ට ලොකු ගමනක් යන්න පුළුවන්. මම ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. පාරිභෝගිකයාට හොඳ දේ දුන්නොත් අපට බිස්නස් එක හදා ගන්න පුළුවන්.
පාරිභෝගිකයොත් විවිධාකාරයි.හැම කෙනෙක්ම එකිනෙකාට වෙනස්. බැනුම් අහන්න වෙන අවස්ථාවනුත් තියෙනවා. ඒ වෙලාවට හැමෝම එක්ක ගණුදෙණු කරන්න අපි දැනගෙන ඉන්න ඕන.
ඒ වගේම මගේම කියල මේ බිස්නස් එක හදාගෙන තවත් කෙනෙකුට රැකියාවක් , වැටුපක් දෙන දවසට මම දිනුම් කියල මම හිතනවා. ඒක මම අනිවාර්යෙන්ම කරනවා.
සටහන
සිල්වා, සී
