කාන්තා දිනය සැමරීම

ලෝක කාන්තා දිනය මාර්තු 8 වැනිදාට යෙදී තිබේ. මෙම වසරේ තේමාව ලෙස INVEST IN WOMEN: ACCELARATE PROGRESS යනුවෙන් නම් කර ඇත. වර්තමානය තුල ස්ත්‍රී පුරුෂ සමානත්වය හෙට දිනකට යන තේමාව යටතේ කාන්තා දිනය සැමරීම සඳහා එක්සත් ජාතීන් විසින් නම් කර ඇති තේමාව තුළින් ලෝකය වටා සිටින සියලුම කාන්තාවන් හා දිරිය දැරිවියන් වෙනසක් ඇති කිරීමට මුල් පිරීම වෙනුවෙන් සහ තිරසර සංවර්ධනයට දායක විය යුතුව ඇත. මෙම අරමුණ තුළ break the bias නැතහොත් පක්ෂග්රාහිත්වයට අභියෝග කළ යුතුව ඇත. කාන්තාවන් climate crisis දේශගුණික අර්බුද පාලනය කරගැනීමට ශක්තිමත්ව දායක කර ගැනීමට අපේක්ෂා කෙරේ. සමාජ ආර්ථික දේශපාලන ක්ෂේත්‍ර තුළ සාර්ථකත්වය අත්පත් කරගත් කාන්තාවන් සහ ඒ අය ගැන කතා කිරීම ඔවුන් කර ඇති සේවාවන් තුළින් අනෙක් කාන්තාවන්ට ශක්තියක් සහ ධෛර්යක් ලබා දීමට කාන්තා දිනය තුළින් අපේක්ෂා කෙරේ.
සංවර්ධිත රටවලට ආවේණික වූ සංකල්පයක් වන ස්ත්‍රී පුරුෂ සමානත්වය ඉතාම වැදගත් සංකල්පයකි.එය සුළු කොට තැකිය නො නොහැක. ස්ත්‍රී පුරුෂ සමානත්වය යනු පුරුෂයකු හෝ ස්ත්‍රියකට සමාන සමාජ අයිතිවාසිකම් සහ අවස්ථා ඇත යන මතවාදය මේ තුළින් ස්ථානගත වේ. ස්ත්‍රී පුරුෂ සමානත්වය gender equality යනු සමාන අයිතිවාසිකම් වගකීම් අවස්ථා ලැබීමට කාන්තාවන් සහ පුරුෂයන් ගැහැණු දරුවන් හා පිරිමි දරුවන්ට සමාන අයිතියක් ඇත. නමුත් ස්ත්‍රී පුරුෂ සමානත්වය කාන්තාවන්ට පමණක් අදාල වූ ප්‍රශ්නයක් නොවේ. පුරුෂයන්ටත් සමාන ලෙස ආර්ථික සමාජයීය අයිතිවාසිකම් මුදුන් පමුණුවා ගැනීමට අයිතියක් ඇත. මෙම මාතෘකාව තුළින් ඉදිරිපත් වී ඇති කැපී පෙනෙන නිර්ණායක අතරින් රටක දේශපාලනික සහ ආර්ථික කටයුතු සඳහා කාන්තා සහභාගීත්වය ලබාගැනීමට බලාපොරොත්තු වේ. ගෝලීය ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය නැතහොත් සමාන වැටුප් ලැබීමට අයිතිය ගැන සාකච්ඡා වේ. රැකියා ස්ථානවල ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයටම සමානව සැලකීම වැඩ සඳහා සමාන වැටුප් ලැබිය යුතුය යන කාරණාවත් වැඩ කරන ස්ථානයේ ආරක්ෂිතව සිටිය හැකි වීමත් පවුලකට උපන් දරුවකු රැකබලා ගැනීම රැකියාවේ ස්ථීරත්වය සහ වෘත්තීය ප්‍රවර්ධනය කිරීම වැනි කරුණු ද එක් කර ඇති අනෙකුත් ප්‍රධාන කරුණු වේ.

සමාජ ආර්ථික දේශපාලනයක ක්ෂේත්‍ර තුළ සාර්ථකත්වය අත්පත් කරගත් කාන්තාවන් ගැන කතා කිරීමටත් ඒ අය තුළින් අනෙක් කාන්තාවන් දිරිමත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර කාන්තාවන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට කෙලින්ම සම්බන්ද කරගැනීමට ඉල්ලා සිටියි. ඕනෑම ක්ෂේත්රයක මුල් පුටු සඳහා නායකත්වය දීමට කාන්තාවගේ දායකත්වයත්වය ලබාගත යුතුයි යන කාරණාවත් සාකච්ඡාවේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනයේ අරමුණක් වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාව සවිබල ගැන්වීම තුළින් රටක සංවර්ධනය ළඟා කර ගැනීමට අපේක්ෂාවේ. පවුල් ඒකකය තුළ බොහෝ කාර්යයන් රැසක් ඉටු කරමින් කාන්තාව ගෝලීය සමාජය අභිමුව පැහැදිලි වෙනසක් අත්පත් කරගෙන ඇත. අභියෝග පරදවමින් බොහෝ කාන්තාවන් ඉදිරියටම පැමිණ ඇත.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගෝලීය අරමුණක් ලෙස ජයග්‍රහණය කළ විට රටකට බොහෝ වාසි ලබාගතහැක. එම වාසි කාන්තාවන් සහ පුරුෂයන් දෙපාර්ශවයටම සමානව අත්පත් වේ. කාන්තාවන්ට ලැබෙන වාසි ලෙස කාන්තාවන්ට එරෙහිව ප්රචණ්ඩත්වය අවම වීම කාන්තාව ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව හිමිවේ. තීරණ ගැනීමේ ක්‍රියාවලියට කෙලින්ම සම්බන්ධ වීමට හැකි වීම නිසා කාන්තාවන්ට සමානාත්මතාවය ලැබෙන අතර එම රටේ සංවර්ධන අරමුණුද සාර්ථක කරගැනීමට විශාල තල්ලුවක් ලැබේ. කාන්තාවන් gender stereotypes වලට කොටුවීම අවම වේ. ස්ත්‍රී පුරුෂ සමානත්වය මානව අයිතිවාසිකමක් ලෙස ද සැලකේ. එක්සත් ජාතීන්ගේ සම්පූර්ණ කරගත යුතු තිරසර සංවර්ධනයේ අරමුණු තුළින් සෑම දෙනාටම තිරසර සංවර්ධනයක් අත්පත් කරදීමට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යොදා ගැනේ.
ස්ත්‍රී පුරුෂ අසමානතා සහ පරතරය රටක හෝ සමාජයක වැඩි නම් එම රටේ හෝ සමාජයේ ප්‍රශ්න හා ගැටලු ඉතාමත් ඉහළින්ම ඇති බව සැලකේ. ස්ත්‍රී පුරුෂ අසමානතාවය නිසා අඩපණ වන්නේ රටේ ආර්ථික සහ එම රටේ සමාජ ක්‍රමයයි. අසමානතා වැඩි වූ රටක ප්රචණ්ඩත්වය මර්දනය පීඩනය ඉහළින්ම ඇත. අසමානතාවය නිසා සමබරතාවය සමානාත්මතාවය නොමැති වීම නිසා සමාජ ගැටලු ආර්ථික ගැටලු අධ්‍යාපනික ගැටලු ස්ත්‍රී පුරුෂ අසමානතාවය ලෙසත් වර්ධනය වේ. අසමානතාවය වර්තමානය තුළ නූතන සමාජයේ බරපතළ ගැටලුවක් වී ඇත. ඇතැම්විට තනතුරු හෝ භූමිකාවන්ට අයිතියික් ඇති නමුත් ඒ භූමිකාවන් සඳහා විශ්වාසය මත පදනම්ව ප්රවේශවීමට සීමා පමුණුවා ඇත. සංවර්ධනය ළඟාකර ගැනීමේ ක්‍රියාවලිය තුළ දී මෙය බරපතල ප්‍රශ්නයක් වී ඇත.
තිරසර සංවර්ධනය තුලින් පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කරගැනීමට ස්වාභාවික සම්පත් කාර්යක්ෂමව සහ වගකිව යුතු ලෙස පරිපාලනය කිරීම සමානව බෙදාහැරීම සහතික කිරීම සහ අනාගත පරපුර සඳහා ඒවා ලබාදීමට බලාපොරොත්තු වේ. තිරසර සංවර්ධනය අත්පත් කරදීම සඳහා කාන්තාවගේ දායකත්වය හඳුනාගෙන ඒ අය ගැන ඇගයීමක් ලබා දීමට කාන්තා දිනය තුළින් බලාපොරොත්තු වේ. දේශගුණික වෙනස හා පාරිසරික අසමතුලිතතාවය අවම කර ගැනීමට ඉදිරිපත් වී සිටින කාන්තාවන් සංවර්ධනයට දායක කර ගැනීමට ඉල්ලා සිටීයි. කාන්තාවන්ට ප්‍රජනන සෞඛ්‍ය සම්පන්න වීම සමාන ආර්ථික ශක්‍යතා වන ඉඩම් සහ දේපලවල සමාන හිමිකම් කීමට හැකියාවක් ලැබිම තීරණ ගැනීම ප්‍රධාන තනතුරු සඳහා දායකත්වය ලබාදීමට සමාන අයිතියක් ඉල්ලීමට අපේක්ෂාවේ.
සෑම කාන්තාවක්ම තමන්ටම ආවේණික සහ හඳුනාගත් අරමුණු ඇත. ඒ වෙනුවෙන් කැප වෙන අතරතුරම සැලසුම් සහගතව ඉදිරියට පැමිණීම අපේක්ෂා වේ. සමාජයක් තුළ තිබෙන කාන්තාවන්ට එරෙහි පක්ෂග්රාහිත්වය නිසා කාන්තාවන්ට ඉදිරියට පැමිණීමට ඇති බාධා අයින් කිරීමට කාන්තාවන් ඉදිරියට පැමිණිය යුතුය. මේ සදහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අත්පත්විම තුලින් තිරසර සංවර්ධනයක් අත්පත් වේ.කාන්තාවන් මේ සදහා උනන්දු විය යුතු වන්නේ එය අත්පත් වූ විට තමන්ට ලැබෙන තත්වය සුලුකොට තැකිය නොහැකි නිසාය.
Invest in Women: Accelerate Progress
Happy Women’s Day!
Written By

Surani Fernando
