මේ වන මෙරට තුළ උද්ගත වී ඇති වන අලි මිනිස් ගැටුම බොහෝ දෙනෙකු අතර මේ දිනවල දැඩි කතිකාවක් බවට පත් ව තිබෙනවා. ඒ පසුගිය දින කිහිපයේදී එක පිට එක සිදු වූ වන අලි ඝාතන සහ මියයෑම් මෙන්ම වන අලි ගම් වැදීම නිසා ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම හේතුවෙනි.
වයස් භේදයකින් තොරව සිදුවන මෙම වන අලි ඇතුන් ඝාතනය අවම කිරීමෙහි ලා මේ වන විට රජයේ ද දැඩි අවධානය යොමු වී තිබුණි .
ඒ අනුව වන අලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇතුළු අමාත්‍යවරු හා නිලධාරීන් කිහිපය දෙනෙකු අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එම සාකච්ඡාවට අනුව.
*දැනට පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5000ක් සහායකයින් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීම.
*වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අඩුපාඩුවක්ව පවතින වාහන සංචිත ප්‍රමාණය වැඩි කිරීම.
*වනජීවී දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අකාර්යක්ෂමතා මඟහරවා ගනිමින් ජනතාවට සමීපව ඔවුන්ගේ ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමටත්, තොරතුරු ලබා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම.
ආදී වූ ක්‍රියාමාර්ග රැසක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උපදෙස් ලබා දි තිබුණි.
මෙකී ක්‍රියාමාර්ග වලට අමතරව වන අලි ඇතුන් සහ ග්‍රාමීය ජනතාවගේ ආරක්ෂාව සදහාම වෙන්වූ සුවිශේෂී යෙදවුමක් (APP) ද මේ වන විට හඳුන්වා දී තිබෙනවා.
එය නමින් ” ELEPHANT JOURNEY ” ලෙස හැඳින්වෙයි.
මෙම යෙදුම හරහා ඔබට සිදුකළ හැකි සහ ලබා ගත හැකි සේවාවන් රැසක් පවතී.

1.අලි ඇතුන්ගේ සජීවී ස්ථාන වාර්තා කිරීම.
මෙම යෙදවුම පරිශීලනය කරන පරිශීලකයින්ට කිලෝමීටර 5 ක ප්‍රදේශයක් තුළ සිටිනා අලි පිළිබඳ වාර්තා කළ හැකි අතර මෙම වාර්තා අවට ගම්වැසියන්ට දැනුම් දීමට සහ ඒ මගින් සිදුවිය හැකි බලපෑම් වලින් ආරක්ෂා වීම සඳහා අලීන්ගේ චලන රටා නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත.
මෙම වන අලි පිළිබඳව දැනුවත්වීමේ සේවාව Login/ Signup වීමකින් තොරව ලබා ගැනීමට හැකි නමුත් වාර්තා කිරීමට නම් login වීම අත්‍යවශ්‍ය වේ.
එය පහසුවෙන් sign in with google ආකාරයෙන් ඔබේ ගිණුම තෝරා පහසුවෙන් කළ හැක.
2.අලි මරණ වාර්තා කිරීම.
අලි ඇතුන් මිය යාමේ අවස්ථා සහ ප්‍රතිකාර අවශ්‍ය ආබාධිත අලි/ඇතුන් සිටීනම් ඔවුන් පිළිබඳ සටහන් කිරීමට පරිශීලකයින්ට අවස්ථාව තිබේ. මෙම වාර්තාව සිතියම් ජනනය කිරීමට ද සහාය වේ.
මීට අමතරව අලි ඇතුන්ගේ මරණ මෙන්ම මිනිස් මරණ ද වාර්තා කිරීමට මෙහිදී හැකි වනු ඇත. එමඟින් ඔවුන්ට පසුව රජය මඟින් ලැබෙන යම් ප්රතිලාභ සහ සහයෝගය ලබා දීමට හැකි පුද්ගලයන්ගේ සහයෝගය ද සෘජුව ලබාගත හැකි අතර අදාළ දුරකතන අංකයක් ද සමඟින් ඒවා වාර්තා කිරීමට පහසුකම් සලසා ඇත.
3.වන විනාශයන් පිළිබඳ දැනුවත් කිරීම.
අනවසරයෙන් සිදුවන වන විනාශයන් පිළිබඳව මෙම යෙදුවම ඔස්සේ දැනුම් දිය හැකිය. ඔබේ වාර්තා වනාන්තර සහ වනජීවී වාසස්ථාන ආරක්ෂා කිරීමට උපකාරී වේ.
- වනජීවී අපරාධ වාර්තා කිරීම.
යෙදවුම පරිශීලනය කරන්නන්ට සතුන්ට හානි කිරීම හෝ ගස් කැපීම වැනි වනජීවී අපරාධ වාර්තා කළ හැකිය.
5.ඇත් චර්යාව නිරීක්ෂණය
පරිශීලකයින්ට ඇතුන් ගමන් කරන මාර්ග පරීක්ෂා කළ හැකිය. මෙය ආරක්ෂිත ගමන් මාර්ග සැලසුම් කිරීමට උපකාරී වේ.
6.දෛනික, මාසික සහ වාර්ෂික වාර්තා
අලි ඇතුන් දැකීම, මරණ සහ දේපළ හානි වැනි සිදුවීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් මෙම යෙදවුම ඔස්සේ ලබාගත හැකිය.
තවද පරිශීලකයින්ට මෙම සිතියමේ තම නිවස සහ සේවා ස්ථාන සලකුණු කළ හැකි අතර අලියෙකු වාර්තා වී ඇති මාර්ගයක ඔවුන් ගමන් කරන්නේ නම්, ඔවුන්ට ඔවුන්ගේ දුරකථනයට දැනුම්දීමක් ලැබෙනු ඇත.
මෙමගින් පරිශීලකයින්ට ඔවුන්ගේ දෛනික ගමනාගමනයේදී දැනුවත්ව සහ ආරක්ෂිතව සිටීමට උපකාරී වේ. අලි දැකීම් පිළිබඳ ඇඟවීම් ලැබීමෙන්, පරිශීලකයින්ට දැනුවත්ව සිටීමට සහ අනතුරු වළක්වා ගත හැකිය.
මෙම යොදවුම නිර්මාණය කර ඇත්තේ මිනිසුන්ගේ ආරක්ෂාව සහ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහායි.
අලි මිනිස් ගැටුම අවම කර අලි ඇත් ඝාත’න සමාජීය මට්ටමෙන් අවම කිරීම සහ සාමාන්‍ය ජනතාව මේ පිළිබඳ දැනුවත් කර දිගූ අලිමිනිස් ගැටුමට තිරසාර විසඳුමක් සෙවීම මෙහි ප්‍රධාන අරමුණයි.
එසේනම් අදම මෙම යෙදවුමට සම්බන්ධ වී රට තුළ දිගු කාලීනව ඇති ව තිබෙන අලි මිනිස් ගැටුම අවම කර ඊට අවශ්‍ය සහයෝගය ලබාදීමට ඔබටත් දායක විය හැක.
යෙදවුම බාගත කිරීමට
Download Now – Android
https://dub.sh/ej-android
බාගත කරගන්න –
Download Now – Apple
https://dub.sh/ej-ios
සටහන – බී. රාජපක්ෂ
