නිල වශයෙන් තනි මව ලෙස සැලකෙන්නේ නිල කසාදයකින් විවාහ වී දික්කසාදයකින් වෙන්ව ජීව විද්‍යාත්මක පියා හෝ සහකරු සමග එක නිවසක වාසය නොකරන විවාහ සබදතාවයක් නොමැතිව දරුවන් රැක බලා ගන්නා මව්වරුන්ටය .

කාන්තාවන් තනි මවක් විය හැකි ප්‍රධාන විදි කිහිපයක් ඇත.
තනි මව නොහොත් Single mom යනු කාන්තාවක් විවාහ වී හෝ විවාහ නොවී හෝ ලැබෙන දරුවන් රැකබලා ගැනීමයි. සමහර අවස්ථාවල මව්වරුන් වැන්දඹු වූ විට තනි මවගේ තත්වයට නිතැතින්ම පත්වේ.
බටහිර සහ යුරෝපීය රටවල කාන්තාවන් සහකරුවකු නොමැතිව දරුවන් දරුකමට හදා වඩා ගනිති. නැතහොත් දායක සිංචන ක්‍රමය Donor Insemination මගින් දරුවන් ලබාගෙන එම දරුවන් රැක බලා ගැනීමට කැමැත්ත දක්වති. එවැනි අය හොද ආර්ථික ශක්තියක් ඇති මව්වරුන් වේ. දරුවන්ගේ සියලු වියදම් දැරීමට හැකිය. ඔවුන් ස්ව කැමැත්තෙන් තනි මව්වරුන් ලෙස විසීමට කැමතිය.
සමහර කාන්තාවන්ට අකමැත්තෙන් තනි මව්වරුන් වීමට සිදු වේ. තම ස්වාමි පුරුශයා අත් හැර දැමීම සහ දික්කසාදය නිසා තනි මවක් බවට පත්වේ. මෙවැනි අවස්ථාවලදී තනි මවට සහකරුගේ උදව් සහ වියදම් ලැබේ. සමහරුන්ට උදව් නොලැබේ. සමහර මව්වරුන් මුදල් හෝ උදව් ඉල්ලා සිටින්නේ නැත.
Single Mom තනි මවක් ලෙස විසීම සහ තනි මාපිය ක්‍රමය Single Parenting දෙයාකාර ක්‍රම දෙකකි. මෙවැනි ක්‍රම ඉතිහාසගතව පැවත එන දෙයකි. පොදු සමාජ ප්රශ්නයකි.
ඈත අතීතයේ ඇතිවූ දරුණු ලෙඩ රෝග වැලදීම නිසා තම සහකරු හෝ සහකාරිය මිය යාම නිසා Single Parenting ක්‍රමය සාමාන්‍ය සුලභ දෙයක් වී ඇත. බොහොමයක් ලෙඩ වලට එන්නත් ප්‍රතිශක්තීකරණ වැඩසටහන් නොතිබුණි.
Maternal Mortality හෙවත් මාතෘ මරණ අනුපාතය සහ දරුවන් බිහි කිරීමේදී මව මිය යාම නිසා එම පවුල් Single Parenting පවුල් බවට පත් වී ඇත.
ඈත අතීතයේදී දීර්ඝ කාලීනව පැවති යුද්ධ පළමු සහ දෙවන ලෝක යුද්ධ වැනි අවස්ථාවලදී ස්වාමිපුරුෂයා යුද්ධයට සහභාගිවීමට සිදුවීම නිසා කාන්තාවන් තනි වී ඇත. දහ හත්වන සහ දහ අට වන සියවස්වල බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ගම්වල දරුවන්ගෙන් තුනෙන් එකකට තම පියා හෝ මව අහිමි වී තිබී ඇත. විවිධ කාල වකවානුවලදී ලෝකයේ පවුල් වල පැවති තත්වය Single Parenting ක්‍රමය වී ඇත.

තනි මව ක්‍රමයේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකාවය. තනි මවු වරුන් පවුල් පාලනය කරති. සමහර අවස්තාවල තරුණ ගැහැණු ළමයින් ගැබ් ගැනීම නිසා දරුවන්ට පියෙක් නොමැතිව තනි මව්වරුන් වී ඇත. බටහිර රටවල තනි මව්වරුන්ට මුදල් ප්රතිලාභ සහ මාසික දීමනා සදහා ඉල්ලුම්කල හැක. නමුත් ආසියාතික කාන්තාවන්ට තත්වය එසේ නොවේ. ආර්ථික ගැටලුවලට මුහුණ දීම මානසික කායික රෝග වලට ගොදුරු වීම සහ කාන්සියෙන් පෙලීම වැනි ගැටලු වලට මුහුණ දීමට සිදු වේ. රාජකාරී ජීවිතයේ අභියෝග ලෙස කාල කළමනාකරණය කිරීමට අසීරු වීම වගකීම් වැඩි වීම වැනි බොහෝ ප්‍රායෝගික ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවේ.

දරුණු ආර්ථික අපහසුකම් අඩු ආදායම් සහ සමාජ පහසුකම් මැදින් ගමන් කරති. පොදුවේ ගත් කල බොහෝමයක් තනි මවුවරුන් මානසික සෞඛ්‍යය ගැටලු වලින් පෙලෙති.
මාතෘ මූලික Matriarchy පවුල් ක්‍රම ගැන ද ලෝකයේ විවිධ රටවලින් අපට අසන්නට ලැබේ. ලෝකය තුළ ප්‍රසිද්ධ පීතෘමූලික පවුල් ක්‍රමය Patriarchy තුළ පියවරුන් මුල් කරගත් පවුල් පාලනය තිබුනත් සමහර සමාජ ක්‍රම තුළ
මාතෘමූලික ක්රමයද සිදුවේ. මානව විද්‍යාඥයින් ද මාතෘමූලික පවුල් ක්‍රම ගැන බොහෝ කරුණු හෙළි කර ඇත.
නෙගේරි සෙම්බිලන් Peletz 1988 නම් මලයාසියානූ කාන්තාවන්ට බහුතර ගොවි බිම් පාරම්පරිකව උරුම වී ඇත. කාන්තාවන්ට තීරණ ගැනීමේ අධිකාරිත්වය හිමි වී ඇත.
මානව විද්‍යාඥ රීව්ස් සාන්ඩේට 2002 අනූව සුමත්‍රා සහ ඉන්දුනීසියානු මිනන්කබාවු කාන්තාවන් පිරිවර කර ගත් මව් ගම්වල චාරිත්‍ර විවාහ උත්සව සහ මව්වරුන් මුල් කරගත් Mother Villages ගෘහ ජීවිත ගත කරන බව සදහන් වේ.

ජනප්‍රිය සංස්කෘතිය ගැන අත්හදා බැලීමක් කළ සමාජ විද්‍යාඥ මහාචාර්ය Kim Allen පවසන්නේ බටහිර සිද්ධ චරිත සහ ඔවුන්ගේ මැදිහත් කම් මැදින් Mediated Maternity වෙනස් වූ මව් පදවිය සහ සාමාන්‍ය මවකගේ මාතෘත්වයේ වෙනස ගැනයි ඇය උදාහරණ ලෙස තෝරාගෙන ඇත්තේ බටහිර ලෝකේ ප්‍රසිද්ධ කාන්තා චරිත වන අතර ප්‍රසිද්ධ නිළි කිම් කඩෑෂියන් සහ ඇගේ මව් පදවිය සහ වෙනත් ප්‍රසිද්ධ චරිත මව් පදවිය ලබමින් සහ මව් පදවියෙන් පසු ශරීරය වෙනස්කර ගත් ආකාරය සාමාන්‍ය ජනතාවගේ ක්‍රමයට වඩා වෙනස් බවත් බොහෝ කරුණු සමාජය නොපෙනෙන බවත් ය. කිම් කඩෑෂියන් ගේ මව වන ක්‍රිස් ජෙනර් මාතෘ මූලික මාජ ක්‍රමයකට හොඳම උදාහරණයකි.
තත්වය මෙසේ වුවත් මව්වරුන්ගේ දිනයේදී අප පියවරුන් වත් මතක් කළ යුතුයි. දරුවන්ගේ ලෝකයට පියවරුන්ගේ අවශ්‍යතාවය ඉහළින්ම ඇත. දෙමව්පියන් කැපවී දරුවන් බලා ගත යුතුය.
පියාට ද තම පවුල් කෙරෙහි පැහැදිලි අරමුණක් තිබිය යුතුය. පියාටද බලවත් වීමට අවකාශ තිබිය යුතුය. පියාගේ දීප්තිය දරුවන් තුළට යා යුතුයි. මව සහ පියා කණ්ඩායමක් ලෙස පවුලක් තුළ දරුවන් උදෙසා ක්‍රියාත්මක විය යුතුය. නැතහොත් දරුවන්ගේ විනය හැසිරවීමට අපහසු වන ඇත. දරුවන් හික්මවීම නොමැති විය හැකිය. දෙමව්පිය හැසිරීම් දරුවන් තුළින් ඍණාත්මකව හෝ ධනාත්මකව ප්‍රදර්ශනය වේ. නොසැලකිලිමත් බව සහ ආත්මාර්ථකාමී බව දරුවන් තුළ තුවාල ඇති කරයි.
තනි වන දරුවන් දුෂ්කරතාවලට මුහුණ දෙති. අනෙක් අතට පියාටද තම සදාචාරාත්මක භාවය ස්ථාපිත කර ගැනීමට අවස්ථාව සහ අවකාශය ලබා දිය යුතුයි. පියාගේ අනන්‍යතාවය සහ ආරක්ෂාව දරුවන්ට ලැබිය යුතු ය. තනි මව් ක්‍රමයේදී පියවරුන්ට තැනක් නැති ද නැත්නම් එයට ඉඩක් නැද්ද පියාගේ භූමිකාව තනි මවකට ලබා දිය හැකිද තනිවෙන්න සිතන මව්වරුන් විසින් මෙම ගැටළුව ආමන්ත්‍රණය කළ යුතුව ඇත.
සටහන

සුරනි ප්‍රනාන්දු
