නව වසරට ඔබත් ඔබේ දරුවාට පෙර පාසලක් සොයනවාද?

author
0 minutes, 13 seconds Read

හොඳ පෙර පාසලක් තෝරා ගැනීම  මේ දිනවල  එම වයසේ දරුවන් සිටින දෙමව්පියන් මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක්.  නව වසර සඳහා අයදුම් කළහැකි පෙර පාසල් දැන් සෑම ගමක  නගරයකම දකින්න පුළුවන්. බොහෝ  දෙමව්පියන් පෙර පාසලක් තෝරා ගැනීමේදී අකුරු උගන්වන පෙර පාසල්වලට ප්‍රමුඛතාවය දෙන බව දෙමව්පියන්ගේ කතා බහ තුළින් මනා සේ පැහැදිලි වෙනවා.මේ නිසා  ප්‍රමිතියෙන් යුත් පෙර පාසලක් තෝරා ගැනීමේදී විවිධ පෙර පාසල් පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත්.

මෙහිදී වඩාත් අවධානයට ලක් කළ යුතු කරුණ වන්නේ පෙර පාසලක් තෝරා ගැනීමේදී ලියාපදිංචි පෙර පාසලක් තෝරා ගැනීමේ වැදගත්කමයි. මෙරට පෙර පාසල් අධීක්ෂණය හා කළමනාකරණය ඒ ඒ පළාත් සභාවලට පැවරෙනවා. පෙර පාසල්වල ප්‍රමිතිය පවත්වා ගෙන යාම මෙන්ම නියාමනය කිරීම  පෙර පාසල් ඒකක මගින් සිදු කරනවා. පෙර පාසල් ඒකක යටතේ ලියාපදිංචි පෙර පාසල්වල ප්‍රමිතිය සොයා බලා අධීක්ෂණය කර සහතික නිකුත්කිරීම සිදු කරනවා. එක් දරුවෙකුට තිබිය යුතු අවම ඉඩකඩ, සනීපාරක්ෂක පහසුකම්, වාතාශ්‍රය, ආරක්ෂිත තාප්ප, ක්‍රීඩා පහසුකම්, ආරක්ෂිත පරිසරය, සුදුසුකම් සහිත ගුරුවරුන් යන කාරණා  ලියාපදිංචි පෙර පාසලක අධීක්ෂණයට ලක් වෙනවා. පෙර පාසලක ලියාපදිංචිය ලබා දීමේදී මෙම කාරණා පිීළිබදව සොයා බැලීමක් සිදු කර ලියාපදිංචිය ලබා දීම සිදු කරනවා.

 ආගමික, සෞන්දර්යාත්මක, නිර්මාණාත්මක මෙන්ම  සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආදී විවිධ වැඩසටහන් මෙම ලියාපදිංචි පෙර පාසල් තුළ සිදු කරනවා. ඒවාට ගුරුවරුන් පුහුණු කිරීම් , දැනුවත් කිරීම් ද මෙම ලියාපදිංචි පෙර පාසල් තුළ සිදු කෙරෙනවා.මේ නිසා  මුල් ළමා විය සංංවර්ධන මධ්‍යස්ථානයක් සඳහා දරුවා යොමු කිරීමේදී ලියාපදිංචි පෙර පාසලකට යොමු කිරීමෙන් ඔබට හොඳ ප්‍රමිතියකින් යුත් පෙර පාසලක් යන හැඟීම ඇති කර ගන්න පුළුවන්. අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම පෙර පාසල්වල ඉගැන්වීම් සිදු කරනවා. ලියාපදිංචි පෙර පාසලකට  ඒ ඒ වයසේ දරුවන් සිදු කළ යුතු නිපුණතා හඳුන්වලා දීල තියෙනවා.

අධ්‍යාපන හා වෛද්‍යවරුන්ගේ  මතය වන්නේ මෙම වයසේ  දරුවන්ට අසුන්ගත වැඩ ඉතා ම අඩු කළ යුතු බවයි.  දරුවන් ලිවීමට අසුන්ගත කරනවාට වඩා දරුවන් ක්‍රියාශීලී කිරීමට කළ යුතු ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. සෞන්දර්ය ක්‍රියාකාරකම් අත්වැඩ ආදිය තුළින් දරුවන්ට විවිධ නිපුණතා හැකියා ඇති වෙනවා. මේවා සඳහා කාලය ගත කිරිමෙන් ජීවිතයේ සෑම කාලයකට ම එය අත්වැලක් වෙන බව නිරීක්ෂණය වී තිබෙනවා.  දරුවන්ට අනිත් දරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සෙල්ලම් ක්‍රියාකාරකම් ද ඉතා ම වැදගත්.ඇතැම් දෙමව්පියන් පෙර පාසල්තුළට සෙල්ලම් ක්‍රියාකාරකම් අවශ්‍ය නැති මතයක සිටිනවා. ඒ පිළිබඳව අවබෝධයක් නොමැති වීමෙන් මෙවැනි මතවල සිටිය හැකියි. නිවසක තනිවම සෙල්ලම් කරනවාට වඩා සමාජය තුළින් ඉගෙන ගැනීමට යහළුවන්ගෙන් ඉගෙන ගැනීමට තියෙන කාලය අප දරුවන්ට ලබා දිය යුතුයි. ඒ ඒ වයසේදී කළ යුතු ක්‍රියාකාරකම් ලෙසින් මේවා හඳුන්වා දී ඇත්තේ  ඒවා ජීවිතයේ ආරම්භයට අවශ්‍ය නිසාවෙන් බව අමතක නොකළ යුතු කරුණක්. ඒ ඒ අවදියේදී හරි දේ කළ යුතුයි.  මුල් ළමා වියේ පුරුදු ජීවිතකාලයට ම   ඉතා වැදගත්.  පෙර පාසලේදී සිදු කරන ක්‍රියාකාරකම් තුළින් ප්‍රාථමික අධ්‍යාපනයට අවශ්‍ය සංයමය මෙන්ම පාසල තුළ සතුටින් කාලය ගත කිරීමට ද එය හේතුවක් වෙනවා. පෙර පාසලක් සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර  පාසලක් වීම ද ඉතා වැදගත්. අද ඇතැම් පෙර පාසල්වල දරුවන් සීනි අධික කෙටි ආහාරවලට ද යොමු වී තිබෙන බව අනාවරණය වී තිබෙනවා. පූර්ව ළමා වියේදී හොඳ සෞඛ්‍ය පුරුදු හදුන්වා දිය යුතුයි.

අද පෙර පාසල් අතරත් තරඟය ඇතිවෙලා තියෙනවා. අකරු උගන්වන ගණන් උගන්වන පෙර පාසල් සොයන්න දෙමාපියන් මහන්සිවන නිසා පෙර පාසල්වල ගුරුවරයාට තම භූමිකාව කළ නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.  දෙමාපියන්ටත් අවබෝධයක් නැහැ පෙර පාසලක් තුළදී දරුවා ලබා ගත යුත්තේ කුමක්ද කියලා. ලිවීමේ ක්‍රියාවලිය නිවැරදි ලෙස කළ යුතු ම දෙයක්. නැතිනම් එය ජීවිතයට ම බලපාන කරුණක්. ලිවීම පමණක් නොවේ ලිවීමේ ඉරියව්ව පවා නිවැරදිව කළ යුතුයි.  ඒ සඳහා පුහුණු ගුරුවරුන් නිර්මාණය කර ඇත්තේ පාසලේදී. පෙර පාසල යනු අකරු උගන්වන තැනට වඩා පාසල් අධ්‍යාපනයට දරුවා පෙර සූදානම් කරන තැනක් විය යුතුයි. එක් පාර්ශ්වයක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් දරුවෙක්ගේ පුළුල් සංවර්ධනයක් සිදු වන්නේ නැහැ. දරුවෙක් අධ්‍යාපනයට විතරක් යොමු කිරීමෙන් ඔවුන්ගේ සමාජ කුසලතා ජීවත් වීමට අවශ්‍ය කුසලතා නිසියාකාරව සංවර්ධනය වන්නේ නැහැ. අද ළමා හා නව යෞවනයන් විවිධ මානසික ගැටලුවලින් පෙළෙනවා. ආවේගශීලිබව, නිවැරදි තීරණ ගැනීමට නොහැකි වීම, විවිධ ගැටලුවලදී හැඟීම් පාලනය කර ගත නොහැකි වීම, අනෙකා ගැන සංවේදී නොවීම , ආත්මාර්ථකාමී  බව  වැනි දේවල්. දරුවන් අධ්‍යාපනයට පමණක් යොමු කිරීමේ අනිටු ප්‍රතිඵල මේ ආකාරයෙන් කාලයක් සමඟ දැක ගන්න පුළුවන්.

 මේ කාලයේදී ගුරුවරයා හා දරුවා අතර ඇතිවන බැදීම දරුවාගේ මොළය සංවර්ධනයට ඉතා වැදගත්. ශක්තිමත් දරුවෙකුගේ අඩිතාලම යෙදෙනුයේ පෙර පාසල තුළයි . පෙර පාසල මිහිරි අත්දැකීමක් කර ගැනීමට කටයුතු කළ යුතුයි.

දරුවා අන් දරුවන් සමඟ සන්සන්දනය නොකළ යුතුයි. එයින් දරුවාගේ ආත්ම විශ්වාසය බිඳ වැටේ. මේ වයසේ සිටින දරුවන්ට නිර්මාණශීලි චින්තනය හැදෙන්න ඉඩ දෙන්න. පෙට්ටියක් දීලා බස් එකක් හදන්න කියලා දරුවන්ට කියන්න එපා. ඒ   වෙනුවට පෙට්ටියක් දිලා කැමති නිර්මාණයක් කරන්න කියලා කියන්න

අපිට හිතාගන්න බැරි නිර්මාණ දරුවන්  අතින් බිහි වේවි. අපි කියන දේ කරන්න ඉගැන්වීම තුළින් නිර්මාණශීලී දරුවෙකු බිහි වන්නේ නැහැ. දරුවාට දරුවාගේ ඇස් දෙකෙන් ලෝකය දකින්න දෙන්න. අපි පුරුදු වෙලා තියෙන්නේ අපි ලෝකය බලන ආකරයට දරුවන්ටත් ලෝකය දෙස බලන්න කියන්න.

අද පෙර පාසලේදී ඔයා මොනවද ඉගෙන ගත්තේ ? කියලා අහන්න දෙමාපියන් පුරුදු වෙලා ඉන්නවා. මෙහෙම අහනකොට දරුවා හිතනවා අද මම ඉගෙන ගත්තේ සින්දුවක් ද? චිත්‍රයක් ද කියලා? හැබැයි ඔබ අහනවා නම් අද පෙර පාසලේදී මොනවද කළේ නැත්නම් අද මොකද වුණේ? කියලා ,  දරුවා පුළුල්ව හිතනවා.  මේ වගේ විවෘත ප්‍රශ්නයක් ඇසූවිට දරුවාට කියන්න බොහෝ දේවල් තියෙනවා.  අද මගේ යාළුවා වැටුණා. ඉතින් ඔයා මොකද කළේ ? ඔයා එයාට උදව් කළාද? මගේ යාළුවා අද කෑම ගෙනාවේ නැහැ. මම අද එයාට කෑම දුන්නා. මේ වගේ දවසේ  විස්තර රැසක් කියාවි. අකුරක් පාටක් ඉගෙන ගන්නවාට වඩා දරුවාගේ පෞරුෂ වර්ධනයට කුසලතා දියුණු කිරීමට මේ අවස්ථාව පාචිච්චි කරන්න.

දෙමාපියන් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක් තෝරා ගැනීමේදී මෙම කරුණු සැලකිල්ලට ගෙන ප්‍රමිතියෙන් යුතු හොඳ පෙර පාසලක් තෝරා ගැනීමට බුද්ධිමත් වන්න.

සටහන –

ඉරේෂා මධුරකාවිනී

පෙර පාසලක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයෙනි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa