“Colombo journal ” සමග රැදෙන ඔබ වෙනුවෙන්ම ඇරඹෙන” A-Park Sri Lanka ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාවේ පළමු වැන්න මෙසේ ඇරඹෙන වගයි.
කෘෂිකර්මාන්තය වනාහි ලාංකේය ජනතාවගේ ජීවනාලියයි. මඩ සෝදාගත් කල ගොවියා රජකමට පවා සුදුස්සෙකු වූයේ ද මේ නිසාමය. එදා පෙරදිග ධ්යාන්යාගාරය ලෙසින් මේ රට විරුදාවලිය ලැබීමට තරම් මේ රට ස්වයංපෝෂිත පැවතියේ එහි බලමහිමයෙනි.වැව් දහස් ගණනින් ඉදිකරමින් එකල රාජමහාමාත්‍යාදීන් ද ඊට නොමද අනුග්‍රහය දක්වන ලදී.
කාලයාගේ ඇවෑමෙන් මුළු මහත් ලෝකය පුරා සිදුවූ ආර්ථිකමය පරිවර්තන, යුධමය තත්වයන්,ජනගහන වර්ධනය සේම නව සොයාගැනීම් නිසා ඇතිවූ තාක්ෂණික වෙනස්කම් ආදී හේතුකොටගෙන ලංකාවේ කෘෂිකර්මාන්තය ද නොයෙක් අන්දමින් වෙනස්කම් වලට භාජනය වෙමින් මේ දක්වා කෙසේ හෝ පවත්වාගෙන ඒමට ලාංකේය ගොවි ජනතාව කටයුතු කරමින් සිටිති.
කෙසේ නමුත් පසුගිය වසර කිහිපයක දුෂ්කර කාලපරිච්ජේදයකින් අනතුරුව මේ වනවිට නැවතත් ලාංකේය කෘෂිකර්මාන්තය තුල යම් පුනරුදයක් ඇතිවෙමින් තිබෙන අන්දම දක්නට ලැබේ.විශේෂයෙන්ම ලෝක බැංකුවේ මැදිහත්වීම මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය කෙරෙහි යොමුවීම ද එයට එක ප්‍රධාන හේතුවක් ලෙස සදහන් කල හැකිය. උතුරු නැගෙනහිර මෙන්ම උතුරුමැද පළාතේ ද ගොවි බිම් නව වෙනස්කම් රැසක් සමගින් යලි පිබිදෙන්නට මේ මේ වන විටත් සියල්ල සූදානමින් පවතී.
මේ යටතේ ප්‍රධාන වශයෙන් ම නවීන තාක්ෂණය සහ සාම්ප්‍රදායිකත්වය මුසුවූ ගොවිබිම් නිර්මාණය කිරීම වඩාත් සාර්ථක ක්‍රමයක් ලෙස සදහන් කල හැකිය. නවීන තාක්ෂණික මෙවලම් හදුන්වාදීම තුලින් වඩාත් කාර්යක්ෂමව කෘෂිකාර්මික කටයුතු වල නිරතවීමේ හැකියාව ලැබේ.එමෙන්ම කෙටි කාලයක් තුල වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකියාව ඇති නව ප්‍රභේද හදුන්වාදීම ද සිදුකෙරේ.එමගින් සාර්ථක අස්වැන්නක් ලබාගැනීමේ හැකියාව නොඅඩුව ලැබේ.
මේ වනවිටත් කෙසෙල්, බඩඉරිගු,මිරිස්, සමහර එළවළු වර්ග වල වැඩි දියුණු කල නව ප්‍රභේද වගාකිරීම ආරම්භ කර ඇති අතර තව දුරටත් ඒවා වගාකිරීමට ගොවිජනතා උනන්දු කරවීම මෙන්ම ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබාදීම ද සිදුවේ.
එමන්ම රටක් වශයෙන් ගත්කල ද ලංකාවේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට කටයුතුකිරීම අත්‍යවශ්‍ය කාර්යයකි. මේ සදහා අපට අතීතයේ මෙරට පැවති සමහර සාම්ප්‍රදායික ක්‍රමවේදයන් නොපැකිලව භාවිතාකල හැකිය. එ දවස මෙරට කෘෂිකාර්මික කටයුතු වලට භාවිතා කල පොහොර වර්ග කෘමිනාශක වෙනුවට භාවිතා කල සාම්ප්‍රදායික කෘමි විකර්ෂක ක්‍රම සහ ස්වාභාවික අමුද්‍රව්‍ය ඇසුරින් සකසාගත් කෘමිනාෂක වර්ග භාවිතය කෙරෙහි ජනතාව උනන්දු කරවීමද සිදුකල හැකිය.
වර්තමානය වන විට අන්තර්ජාල භාවිතය සෑම නගරයක් ගමක් පාසාම පැතිර පවතින්නක් බැවින් ඒ තුලින් ලංකාවේ කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීමට හොද දායකත්වයක් ලබාගැනීමේ හැකියාව පවතී.එ මගින් ලෝකයේ දිනෙන් දින වෙනස්වන අලුත් වන කෘෂි තාක්ෂණික දැනුම පිළිබද යාවත්කාලීන වීමටත් ඒවා අපේ රටට ගැලපෙන අන්දමින් යොදාගනිමින් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය වැඩිදියුණු කිරීමටත් අවස්ථාව උදා වී ඇත. එමෙන්ම මේ වන විටත් ඒ අන්දමින් විවිධ ක්‍රමවේදයන් අත්හදාබලමින් තම ගොවිතැන් කටයුතු වඩා සාර්ථක අන්දමින් සිදුකරන ගොවිමහතුන් දක්නට ලැබීම සැබෑ ලෙසම සතුටුවිය හැකි කරුණකි.
ස්වයංපෝෂිත බව රටක සංවර්ධනය කෙරෙහි ඇතිකරන බලපෑම වචනයෙන් විස්තර කල නොහැක්කකි. එම නිසාම අතීතයෙන් උගත් පාඩම් ද සමගින් නූතන ලෝකයට ගැලපෙන නවීන තාක්ෂණය සමග මුසු වූ කෘෂිකාර්මික විප්ලවයක් මේ රටේ ඇති වනු දැකීම ලාංකේය අප සැමගේ පැතුමයි.
– සටහන-
ප්‍රාර්ථනා හපුආරච්චි
සංවර්ධන නිලධාරී
