ජගත් කඩොලාන සුරැකීමේ දිනය අදට (26) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය විසින් 2015 වසරේ සිට ජගත් කඩොලාන සංරක්ෂණ දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර 2016 වසරේ සිට අප රට ද මෙයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙමින් සිටියි.
ඒ අනුව මෙම වසරේ ජගත් කඩොලාන සුරැකීමේ දිනයට සමගාමීව අද දිනයේ මෙරට කඩොලාන වනාන්තර 08 ක් රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ් අනුව ‘’කඩොලානට දලුලන්න ඉඩදෙන්න” ජාතික වැඩසටහන යටතේ අද දිනයේ මාදම්පේ පනිරෙන්ඩාව මරම්බැට්ටිය මූකලාන , මාදම්පේ පනිරෙන්ඩාව වවුල්කැලේ , , හලාවත මැරවල C , හලාවත මැරවල B, හලාවත මැරවල A, හලාවත මැරවල , ආරච්චිකට්ටුව කුසල වනාන්තරය , ආරච්චිකට්ටුව කරුකපනේ B කඩොලාන වනාන්තරය යන වනාන්තර අට මෙසේ රක්ෂිත වනාන්තර බවට පත් කෙරෙනු ඇත. එය දළ වශයෙන් හෙක්ටයාර 55 ක භූමි ප්රමාණයකි.
කඩොලාන යනු ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි. මෙරට ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12500 ක් පමණ වේ. ලෝකයේ දැනට නිශ්චිත ලෙස කඩොලාන විශේෂ 54 ක් පමණ හඳුනා ගෙන ඇති අතර මෙම කඩොලානවලින් 22 ක් ම මෙරට පැවතීම ද සුවිශේෂීය . ප්‍රධාන වශයෙන් මෙම කඩොලාන පුත්තලම දිස්ත්‍රික්කයේ ගංගා මෝය ආශ්‍රිතවත් නිරිතදිග හා දකුණු දිග ඊසානවල වෙරළතීරයන්හි බහුලවම දක්නට ලැබෙන අතර මෙරට හඳුනාගත් කඩොලාන විශේෂ 22 න් 20 ක්ම පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව පවතින බව පරිසර අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව 25% කට තරමක් වැඩි කඩොලාන ප්‍රතිශතයක් ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනාන්තර මෙලෙස රක්ෂිත බවට පත් කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පෙන්වා දෙයි.
පාරිසරිකවත් සමාජයීයවත් ඉතා වැදගත් වන මෙම කඩොලාන වෙරළ ඛාදනය අවම කරමින් වෙරළ සංරක්ෂණය සඳහා මනා දායකත්වයක් දක්වයි. ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස ද හඳුන්වන මෙම කඩොලාන පරිසර පද්ධති විවිධ සත්ව හා ශාකවල වාසභූමි වේ.
කඩොලාන වනාන්තර මෙරට ආර්ථීක වර්ධනයට ද නිහඩ සුවිශේෂී දායකත්වයක් සපයන පරිසර පද්ධතියකි. කාලගුණ විපර්යාස අවම කිරීම, වෙරලඛාදනය සහ භූමිහායනය වැළැක්වීම මෙන්ම ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා කඩොලාන පරිසර පද්ධති ඉටු කරන්නේ සුවිසල් මෙහෙවරකි. බොහෝ මසුන්, ඉස්සන්, කකුළුවන් වැනි සත්ත්ව විශේෂවල ලාබාල අවධි ගත කරන ස්ථාන මෙන් ම අභිජනන ස්ථානයක් වීමත් කුඩා සතුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා සැඟවී සිටීමට හැකි වීම හා ආහාර සුලභ වීමත් ඒ් අතර ප්‍රධාන වේ. ඒ් අනුව තිරසර ධීවර කර්මාන්තයක් පවත්වා ගැනීම සඳහා මෙම කඩොලාන උපකාරී වන අතර මෙම කඩොල් පරිසරයේ ඇති නිහඩ සුන්දරත්වය සංචාරකයින්ගේ ද ආකර්ෂණයට හේතුවී තිබේ.
දළවශයෙන් මෙරට වනාන්තර 29.2% කින් කඩොලාන වනාන්තර පවතින්නේ 1% කට ආසන්න ප්රමාණයකි. එනමුත් මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා එම සීමිත කඩොලාන පද්ධතිය ද දිනෙන් දින විනාශයට ලක් වෙමින් පවතී. පරිසර අමාත්‍යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මල් කඩොල් , ගල් කිරල , මුට්ටි කඩොල් සහ කලු කඩොල් මෙලෙස යම් වදවීමේ තර්ජනයට ලක්වෙමින් පවතින බවයි.
මුහුදු ජීවීන්ගේ අභිජනන ස්ථාන වන මෙම කඩොල් පරිසරය විනාශ වීමේන් සාගර ජීවීන් ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන අතර ඒය සෘජුවම බලපානුයේ මෙරට ධීවර කර්මාන්තයටයි. විශේෂයෙන්ම ඉස්සන් කොටු හා ලුණු ලේවායන් ඇති කිරීම, සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ගොඩනැගිලි ඇති කිරීම ආදි කටයුතු නිසා කඩොලාන පරිසර පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් විනාශ වෙමින් පවතී.
කඩොලාන පරිසර පද්ධතිය ඝර්ම කලාපීය රටක් ලෙස අප ලද දායාදයකි . බොහෝ විට සූර්යා මුදුන්වන ප්‍රදේශවල කලපු බොකු ගං මෝය ආශ්රිත ලවණ ජලය හා මිරිදිය ජලය එකතුවන ස්ථානවල මෙම සුවිශේෂී පරිසර පද්ධතිය බිහිවේ . මෙම පරිසර පද්ධතියට ම ආවේණික කිවුල් ජලය, මිරිදිය ජලය ,සුළඟ හිරු රශ්මිය වැනි ලක්ෂණ නිසා මෙම පරිසර පද්ධතිය තුළ බිහිවන ශාක හා සත්ව විශේෂ ද එම සුවිශේෂීතාවයන්ට අනුව අනුවර්තනය වේ. මේ නිසා අනාගත පරපුරට ද මෙම සුවිශේෂී කඩොලාන පරිසර පද්ධතීන් සුරක්ෂිත කළ යුතුය. මුළු ලොවම හරිත සංකල්පයට පණ පොවන කාලවකවානුවක සීග්රව වර්ධනය වන මෙම කඩොලාන වනාන්තර සුරක්ෂිත කර ගැනීම එකී අරමුණු සාක්ෂාත් කර ගැනීමට ද අපට මනා පිටුවහලක් වනු ඇත.
මෙකී අරමුූණු සියල්ල යථාර්ථයක් බවට පත්කරනු පිණිස අද දිනයේ මෙම කඩොලාන පරිසර පද්ධතීන් මෙලෙස රක්ෂිත බවට පත් කිරීමෙන් පසු යම් කිසි පුද්ගලයෙක් වන සංරක්ෂණ ආඥා පනතේ සඳහන් තහනම් ක්‍රියා කඩොලාන ආශ්රිත ප්‍රදේශවල සිදු කළහොත් වසර 05 ක් දක්වා සිරගත කිරීමකටත් රුපියල් දස දහසේ සිට ලක්ෂය දක්වා දඩයකට යටත් කිරිමටත් ඊට අමතරව කඩොලාන ප්‍රදේශයට හානි සිදුවී ඇත්නම් ඒ හානිය ගණනය කර ඒ හානිය අය කර ගැනීමටත් යන කාරණා තුනම අන්තර්ගත වන ලෙසටත් වෘක්ෂලතා පනත හා පරිසර පනත ආදී තවත් පනත් රැසකට අනුවත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ඉරේෂා මධුරකාවිනී
