කාර්මික විප්ලවය දැනටත් අපි අත්දකින සහ භාවිත කරන දෙයක් බවට පත් වී තිබෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි සියලු දෙනා දැන් ජීවත් වෙන්නේ කාර්මික විප්ලවයත් සමගයි.

ලංකාව කියන්නේ බොහෝ වෙලාවට තාක්ෂණය අතින් ගත්තහම බොහොම ඉදිරියෙන් සිටින රටක් බව සඳහන් කළ යුතු යි. ජංගම දුරකථනය කියන තාක්ෂණික උපාංගය ලෝකයේ හඳුන්වා දෙන කොට මුලින්ම ආපු 3G තාක්ෂණය දකුණු ආසියාව තුළ පළමුවෙන්ම හඳුන්වලා දුන්නේ ලංකාවයි. එලෙස මේවනවිට සෑම රටකම පාහේ භාවිතයට ගැනෙනා 4G සහ 5G තාක්ෂණයත් ලංකාවේ දැන් පවතිනවා. ලෝකය තුළ තාක්ෂණය අතින් නව උපකරණ හෝ නව තාක්ෂණික ක්‍රමවේදයන් බිහිවන කොට ලංකාවත් ගොඩක් වෙලාවට ඒවා වැළඳගන්න රටක් බවට පත්වී තිබෙනවා. ලංකාව තුළ කොළඹ නාගරික පරිසරය සහ ව්‍යාපාරික ප්‍රජාව අලුත් තාක්ෂණය සහ කාර්මික විප්ලවයත් එක්ක සම්බන්ධ වූව ද ග්‍රාමීය මට්ටම්වල දී එම තත්ත්වය ඊට වඩා වෙනස් වුණා.
ඒ කියන්නේ ලෝකයේ ජනගහනය මිලියන 08 න් දළ වශයෙන් මිලියන පහකට අධික ප්‍රමාණයකට පරිගණක තාක්ෂණ සාක්ෂරතාවය තිබෙනවා. ඉන් මිලියන 5.44 කට ආසන්න සංඛ්‍යාවක් ජංගම දුරකථන භාවිත කරනවා. තවත් 5.16 ක ජනගහනයක් අන්තර්ජාලය භාවිත කරනවා. තවත් මිලියන 4.76ක් සමාජ මාධ්‍ය භාවිත කරනවා. මෙම සියලුම සංඛ්‍යා ලේඛන ජනවාරිය මාසය තුළ නිකුත් කළ දත්ත අනුව පදනම් වෙයි.
මින් ලංකාව ගත්තොත් 2010 වනවිට 2011 වන විට පරිගණක සාක්ෂරතාවය 10% හෝ 11% යි. හැබැයි 2019 වෙනකොට 33% දක්වා වැඩි වුණා. කොවිඩ් වසංගතයත් සමඟ තාක්ෂණය කියන එක ලංකාවේ තවත් වැඩිපුර පැතිරෙන්න පටන් ගත්තා.
තාක්ෂණය කියන එක ලංකාවේ පැතිරෙන්න බලපාන සාධක බොහොමයක් තිබෙනවා.
සාක්ෂරතාව වැඩි වෙන්න නම් මිනිස්සුන්ට වුවමනාවක් තියෙන්න ඕනේ. සාක්ෂරතාව ඇති කරගන්න ග්‍රාමීය මට්ටම්වල ළමයින්ට සහ පුද්ගලයන්ට සහ ජනතාවට විශේෂ හේතුවක් නැහැ. ඔවුන් බොහෝ වෙලාවට හිතුවේ අපිට මොකටද FACEBOOK මොකටද INTERNET කියන එක. එමෙන්ම ඔවුනට පැවති ආර්ථික ගැටලු හේතුවෙන් ද ඔවුන්ට තම ආදායමෙන් මුදලක් වියදම් කරලා පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් මිලදී ගන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් කොවිඩ් වසංගතය රට තුළට පැමිණියාට පසුව එතනදී පොඩි වෙනසක් ඇතිවුණා. කොවිඩ් සමග පාසැල් වැනි අධ්‍යාපන ආයතන වැහැන්න පටන් ගත්තා. පාසැල් වැසීයාමත් සමග දරුවන්ට සිදුවුණා නිවසේ සිට ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය සිදු කිරීමට. එතනදි තමයි ග්‍රාමීය මට්ටමේ බොහෝ දෙනෙකුට තාක්ෂණයේ අවශ්‍යතාව ඇතිවුණේ.
කෙසේ නමුත් කොවිඩ් එකත් එක්ක රටම lockdown වීමත් සමග මේ සියලුම දේ වෙනස් වුණා. දැන් ඇත්තටම ලංකාවේ පරිගණක සාක්ෂරතාවය, පරිගණක භාවිතය, ජංගම දුරකථන භාවිතය, අන්තර්ජාලය භාවිතය, පැවති තත්ත්වයට වඩා සීඝ්‍රයෙන් වැඩි වුණා.
එසේනම් දැන් අප සූදානම් වෙන්නේ ලංකාව industry 4.0 එකට සූදානම් ද? සහ ලංකාව මේ වන විට සිටින්නේ industry 4.0 තුළ ද? යන වග සාකච්ඡා කිරීමටයි.
මේ පිළිබඳ අර්ථ දැක්වීමේ දී හතරවැනි කාර්මික විප්ලවයට තාක්ෂණය විශාල වශයෙන් ඇතුලත් වෙනවා. industry 4.0 හි තාක්ෂණය කිව්වහම අපි ජංගම දුරකතන භාවිත කිරීම හෝ පරිගණක සාක්ෂරතාව කියන එක නොවෙයි අප මේ කතා කරන්නේ. වෘත්තීය මට්ටමින් පරිගණක උපාධිධාරී හෝ තොරතුරු තාක්ෂණ උපාධියක් තියෙන වෘත්තීය මට්ටමෙන් මේ සමග කටයුතු කරන පිරිසක් ලංකාවේ ඉන්නවද?
සෑම අවුරුද්දකම ලංකාවේ සාමාන්‍යයෙන් දළ වශයෙන් අවුරුද්දකට 20,000 හෝ 30,000 පමණ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ රැකියා අවස්ථා තියෙනවා. හැබැයි ලංකාවේ තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් ගත්තොත් සාමාන්‍යයෙන් 10,000 හෝ 14,000ක් පමණ තමයි දැනට තොරතුරු තාක්ෂණ උපාධිදාරීන් ලෙස බිහිවන්නේ. දැනට රැකියා වෙළෙඳ පොළේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා පුරප්පාඩු පවතින්නේ 20,000 හෝ 30,000ක සංඛ්‍යාවක්. හැබැයි ඒ අවශ්‍යතාවයට ලැබෙන සැපයුම 10,000 හෝ 14,000ක් පමණ සංඛ්‍යාවක් . ඒ කියන්නේ ලොකු පරතරයක් තියෙනවා තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා පුරප්පාඩු වලට. එතකොට අපි industy 4.0 හරහා යනවා නම් අපිට ඒ සඳහා අවශ්‍ය කරන පුහුණු වෘත්තිකයන්ගේ අඩුවක් දැනට අපිට තියෙනවා කියන එකයි මගේ මතය වෙන්නේ.

එසේනම් දැන් අපි බලමු කොහොමද මේ තත්ත්වය අවශ්‍යතාවය පරිදි වෙනස් කර ගන්නේ කියලා.
ඒ සඳහා උසස් අධ්‍යාපන ක්‍රමය, විශ්වවිද්‍යාල පද්ධතිය සහ තෘතීක අධ්‍යාපන ක්‍රමය මීට වඩා වෙනස් විය යුතුයි. එනම් රැකියා අවස්ථා වැඩිපුර පවතින අංශවලට අවශ්‍ය උපාධිධාරීන් බිහිකිරීම සහ විශ්වවිද්‍යාල පද්ධතිය තවත් විවෘත විය යුතුයි.
මෙම සියලුම උපාධිධාරීන් බිහි කිරීම සිදු වන්නේ පෞද්ගලික අංශයේ, රජයේ විශ්වවිද්‍යාල හරහා.
ලංකාවේ රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවල සිසුන්ට පුරප්පාඩු හැදෙන්න ඕනේ. පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වුණත් පුද්ගලයින් තුළ ඇති වනවා දරා ගැනීමේ ගැටුමක්. ඒ කියන්නේ හැම පවුලකම දරුවෙකුට බැහැ ලක්ෂ විස්සක් තිහක් පමණ වියදම් කරලා පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගන්න. ඉතින් එතකොට විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් තියෙනවා නිරාකරණය කරගත යුතු ගැටලු කිහිපයක්.
විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මූල්‍යමය සහනයක් මේ වනවිට රජයේ විශ්වවිද්‍යාල මගින් ලබා දී තිබෙනවා. ඒ පොලී රහිත ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක්.
එසේනම් දැන් අප සූදානම් වන්නේ industry 4.0 සමඟ ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පවතින ආකාරය පිළිබඳව දැන් අප අවධානය යොමු කිරීමටයි.
මේ පිළිබඳව සඳහන් කිරීමේදී උදාහරණයක් වශයෙන්, ලංකාවේ මූලිකවම විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන දේවල් ලෙස විදේශ ශ්‍රමිකයන්, අපනයන බෝග, ඇඟලුම් කර්මාන්ත ආදිය නම් කරන්නට පුළුවනි. මේවා අපනයනය කිරීමෙන් අපට ලැබෙන ආදායම හා තොරතුරු තාක්ෂණ සේවා යන මේ සියල්ල තමයි මූලික වශයෙන් විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග. අපි කලින් කතා කරා ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය පිළිබඳව. තොරතුරු තාක්ෂණ අංශයට හරියන සැපයුමක් ලංකාවේ විශ්ව විද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන්ගෙන් ලැබෙන්නේ නෑ. මෙවැනි වාතාවරණයක් තුළ ලංකාව රටක් විදියට industry 4.0 වෙතට යන්න ලෑස්ති ද? මේක තමයි මූලික පළමුවැනි ගැටලුව.
ඊළඟට ලංකාවේ ඇගළුම් ක්ෂේත්‍රයේ ආරම්භක කාලය තුළ ක්‍රියාත්මක වුණා 0ffshoring නමින් හඳුන්වන සංකල්පයක්. Offshoring යනු සේවා ලබා ගන්නා සමාගම පිහිටා ඇති රටෙන් වෙනත් රටකට සම්පූර්ණ ව්‍යාපාරික ක්‍රියාවලියක ක්‍රියාකාරකම් හෝ හිමිකාරිත්වය පැවරීමයි. මෙය මූලික වශයෙන් අඩු වියදම් ශ්‍රම වෙලඳපොලකට ප්‍රවේශ වීම මෙහි අරමුණයි.

මෙහිදී එවකට වෙළඳපොලේ පැවැති ප්‍රධාන ඇඟලුම් නාම (Brands) ඉහත කී සංකල්පය යොදා ගැනීම මගින් සිය නිෂ්පාදනයන් අඩු මුදලකට සිදු කරගන්නේ කෙසේද? යන ගැටලුවට මුහුණ දීමට සිදුවුණ. මෙය 1990 යන කාලය තුළ දී පැවති වාතාවරනයයි. ඒ කාලය තුළ පැවති ප්‍රධාන ආයතන/කර්මාන්ත මුහුණ දුන් මූලික ගැටලුවක් තමයි ප්‍රධාන අපනයන නිෂ්පාදන කොහොමද මිනිස්සුන්ට ලබා දෙන්නේ යන වග. එහි දී ඔවුනට වැය කිරීමට සිදු වූ මූලික වියදම වූයේ මිනිස් ශ්‍රමයයි. එතනදී ඔවුන් අඳුනගත්ත ශ්‍රමය අඩු මුදලකට ලබා ගනිමින් කටයුතු කළොත් අදාල නිෂ්පාදින භාණ්ඩය අඩු මුදලකට ලබා දෙන්න පුළුවන් සහ ලාභය වැඩි කරන්න පුළුවන් කියලා.
ඒ අනුව මෙකී ක්‍රියාවලිය සඳහා ලංකාව, බංග්ලාදේශය, චීනය, වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවලට ඇමරිකාව යුරෝපය තියෙන රටවල් වල කර්මාන්ත වල පිරිස් පැමිණීමට පටන් ගත්තා.
ඇමරිකානු ආයතනය සිය නිෂ්පාදන කර්මාන්තය සහ නිෂ්පාදන ක්‍රියාවලිය ලංකාව වගේ රටවල් වල සිදු කිරීම තමයි
0ffshoring යනුවෙන් හඳුන්වන්නේ.
එනම් ඔවුන්ගේ ඉවුරෙන් පිට තැනක සිට සිය නිෂ්පාදන කටයුතු සිදු කිරීම.
හැබැයි දැන් පවතින තත්ත්වය මත මිනිස් ශ්‍රමය පෙර පැවති ආර්ථික තත්ත්වය මත ලාභ දායකද? මේක තමයි දැන් තිබෙන ගැටලුව. අපේ රටේ එවකට පැවති වැටුප්වලට අපිට දැන් ජීවත් වෙන්න පුලුවන්ද? මේ යන විදියට වැටුප ප්‍රමාණවත් ද? කෙනෙකුට සාමාන්‍යයෙන් ජීවිතයක් ගත කරන්න හෝ තමන්ගේ වැටුපෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන් ද? මෙලෙස අපේ වගේ රටවල ශ්‍රම වියදම වැඩි වීමත් මතුවූ තවත් ගැටළුවක්.
දෙවැනි එක තමයි, ලෝකයේ තියෙන ආර්ථික අවපාතයත් සමග තෙල් මිල සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම. උදාහරණයක් විදියට අපි හිතමුකෝ ඇමරිකාවේ තියෙන යම් ආයතනයක් ලංකාවේ ඇඟලුම් කර්මාන්තයක් ඉදිකරලා අදාල එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. නමුත් ඔවුන් සිය නිෂ්පාදන අලෙවි කරන්නේ යුරෝපයේ වෙළෙඳපොළක. එහිදී ඔවුන් සිය නිෂ්පාදන ලංකාව හෝ තායිලන්තය, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටක නිෂ්පාදනය සිදු කර එතැන් සිට එම නිෂ්පාදන නැවත යුරෝපයට ප්‍රවාහනය කිරීමට යන වියදම වැඩිවීම තුළ ඔවුන්ගේ offshoring නැමැති සංකල්පය සාර්ථක වුණේ නැහැ.
එමෙන්ම ඔවුන්ට දැන් තියෙන ප්‍රශ්නය තමයි නිෂ්පාදන වියදම අඩු කරන්නේ කොහොමද කියන එක.
නිෂ්පාදන වියදම අඩු කරන්න නම් අපි සේවකයන්ට ගෙවන සේවකයන්ගේ පඩි වැඩි කර transport cost එක අඩු කරන්න ඕන. මෙලෙස කාලය වියදම අඩු කර ගැනීම තුළින් ඔවුනට හැකියාව තිබෙනවා නිෂ්පාදන වියදම අඩුකරගන්න.
එලෙස මිනිස් ශ්‍රමයට යන වියදම අවම කරගන්න ඔවුන් IOT, රොබොටික්ස්, AI , 3D printing වැනි තාක්ෂණික මෙවලම් වලට යොමු වෙන්න පටන් ගත්තා. උදාහරණයක් විදියට sewbot නම් රොබෝ. ඇඟලුම් කර්මාන්තයට මෙකී වර්ගය යුත් රොබෝවරුන් යොදාගැනීම තුළින් මිනිසුන්ගේ යන ඒ ශ්‍රමය වෙනුවෙන් වියදමක් නොකරම අදාල නිෂ්පාදන කටයුතු කර ගැනීමට හැකියාව තියෙනවා. සාමාන්‍ය මනුස්සයෙක් පැයකට ඇඳුම් 100ක් මහනවන නම් රොබෝට හැකියාව තිබෙනවා පැයකට ඇඳුම් 1000ක ප්‍රමාණයක් මැසීමට.
ඒ අනුව මෙම රොබෝවරුන් හරහා නිෂ්පාදන කටයුතු කර ගැනීමෙන් මහත් ලාභයක් ඔවුන්ට ලබා ගන්නට පුළුවන්. මෙම කටයුතු සාමාන්‍ය පුද්ගලයෙක් කරනවට වඩා නිර්වද්‍යව, ගැටළු අඩුවෙන් වරප්‍රසාද වලට ගෙවීම් අඩුවෙන් ආදි වියදම් අඩු කරගනිමින් එම ආයතනයට පුළුවන් වැඩි කාලයක් වැය කරමින් නිෂ්පාදන කටයුතු සාර්ථකව සිදු කරන්න.
ලංකාව තවමත් එම තත්ත්වයට ගමන් කර නැහැ. සමහරුන් කියනවා 2025 වන විට බොහෝ ආයතන බටහිර රටවල තියන කර්මාන්ත අපේ වගේ රටවලින් අයින් කරලා එම රට වලට ගෙනියන්න ක්‍රමවේදයන් සාදනවා කියලා.
නමුත් අපේ රටේ අය තාම ඒ පිළිබඳව හිතලවත් නැහැ. මම හිතන්නේ එයාලට අවබෝධයකුත් නෑ මේ පිළිබඳව. මම දකින විදියට මේක තමයි හතරවැනි කර්මාන්තයේ තියෙන බලපෑම.
හැබැයි එක පැත්තකින් මේක හොඳ අවස්ථාවක්. ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ දැනුම අනෙකුත් රටවලින් ඉහළින්ම පිළිගන්නවා.
ඒකත් එක්ක අපි බලන්න ඕන ලංකාවේ ආර්ථිකයට හතරවැනි කර්මාන්ත විප්ලවය යොදාගනිමින් කොහොමද දියුණු වෙන්න කියලා.
අපි ගත්තොත් එහෙම මෑතකදී ලංකාවේ නිෂ්පාදනය කළා වේගවත්ම මෝටර් රථයක්. එම මෝටර් රථය නම් කරනු ලැබුවේ Vega නමිනි. ඒ තාක්ෂණය සහ ඒ හැකියාව අපිට තියෙනවා. ලෝකයේ තියෙන බොහෝ වාහන වල air bag එකට පේටන්ට් බලපත්‍ර සකසන ප්‍රධාන ආයතනය තිබෙන්නේ ලංකාවේ.
මේවා තමයි industry 4.0 සමඟ එක්ක අපේ රටට යන්න පුළුවන් තැන්. ඉදිරියේදී මෙම ආයතන තාක්ෂණයත් එක්ක ඉදිරියට යනකොට අපි තාමත් ඉන්නේ පෙර පැවති ගල් යුගයේ විදියට නම් මම හිතන්නේ නැහැ හතරවැනි කාර්මික විප්ලවයේ වාසි ලබාගන්නට පුළුවන් වේවි කියලා.
ඒ වගේම තමයි industry 4.0 මගින් බිහිවෙන අලුත් රැකියා අවස්ථා, නව තාක්ෂණයත් එක්ක අපේ අනාගත පරම්පරාව පුරුදු කරේ නැත්නම් අපි තාමත් කටයුතු කරන්නේ පරණ දැනුම උපයෝගී කරගෙන නම් industry 4.0 සමඟ අනෙකුත් රටවල් සේ අපට ඉදිරියට යෑමට හැකි වන්නේ නැහැ.
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ
