සන්දර්භානු ගත බුද්ධියෙන් වෙනස කළමනාකරණය කරගන්නේ කෙසේද ?

author
0 minutes, 27 seconds Read

තාක්ෂණය ඔස්සේ ලොව බොහෝ දේවල් වෙනස්වීමට ලක්වෙන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. තාක්ෂණය , ව්‍යාපාරය , ජීවිතය , අධ්‍යාපනය මේ සියල්ලම ගමන් කරන්නේ වෙනස් වීමත් සමග. මෙසේ වෙනස් නොවන දේවලුත් අද ලෝකයේ තිබෙන බව ඔබට සදහන් කළ යුතුයි. එසේ නම් මෙකී වෙනස්වීම් තුළ සන්දර්භානු ගත බුද්ධියෙන් වෙනස කළමනාකරණය කරගන්නේ කෙසේද යන මාතෘකාව යටතේ අද අප ඔබත් සමග කතාබහ කිරීමට සූදානම් වන්නේ තාක්ෂණික කළමණාකරණය සහ වෙනස යන මාතෘකාව පිලිබඳවයි.

යම් ආයතනයක ගත් කළ එහි පරිසර තත්වයන්, තාක්ෂණයන්, සංස්කෘතීන්, එක්ක අපි කොහොමද වෙනස් වෙන්නේ, කොයි අවස්ථාවේදී වෙනස් වෙන්නේ, යන කරුණු කිහිපය තමයි change management ලෙස හඳුන්වනු ලබන්නේ.

එමෙන්ම Contextual intelligent යනු මෙම වෙනස විය යුත්තේ කොයි අවස්ථාවද කොයි විදිහටද ඒ සඳහා කළ යුත්තේ කුමක්ද තේරුම් ගැනීමට ඇති හැකියාව තමයි මින් හඳුන්වන්නේ.

උදාහරණයක් විදිහට යම් නායකයෙක් සිය කණ්ඩායම කොයි අවස්ථාවද අදාළ ව්‍යාපාරය හෝ කණ්ඩායම මෙහෙයවන්නේ ඒ වෙනස කරගන්න කියලා.

Change And Technology Management

වත්මන් ව්‍යාපාරික ලෝකයේ තාක්ෂණය යොදා ගනිමින් තාක්ෂණික වෙනසට අනුගත වීම තුළ විශාල දියුණුවක් ලබාගත හැකි බව සදහන් කල යුතු යි. එහෙත් යම් අවස්ථාවලදී වෙනසට අනුගත නොවීම තුළ ආයතන බංකොලොත් වූ අවස්ථා නැතුවාද නොවෙයි.

උදාහරණ වශයෙන් කොඩැක් ආයතනය පිළිබඳව සදහන් කිරිමේදි ඔවුන් නව තාක්ෂණික උපක්‍රම හඳුනගත්තත් එම තාක්ෂණික වෙනසකට අනුගත වීමට ඇති අකමැත්ත සහ  ඩිජිටල් කැමරා සහ වෙනත් ඩිජිටල් රූප නිෂ්පාදන නිෂ්පාදනය නොකරන බව නිවේදනය කොට තිබේ.

Eastman Kodak ආයතනය වන Kodak ලෙසින් හඳුන්වනු ඇමරිකානු සමාගමක් වන මෙය ජෝර්ජ් ඊස්ට්මන් සහ හෙන්රි ඒ ස්ට්‍රෝං අතර හවුල්කාරිත්වයක් ලෙස ආරම්භ විය . එහි  මූලස්ථානය වූයේ නිව් යෝර්ක් හි රොචෙස්ටර්ය. කොඩැක් කැමරාව නිකුත් කිරීමෙන් පසුව, ඊස්ට්මන්ගේ මූලිකත්වය යටතේ සමාගම ලොව විශාලතම චිත්‍රපට සහ කැමරා නිෂ්පාදකයන්ගෙන් එකක් බවට පත් විය. ඩිජිටල් කැමරා ජනප්‍රිය වූ විට , කොඩැක් ආයතනයද එකී කැමරාවන් සමග එම වෙළඳපොළට එක් විය. 1999 වන විට ඔවුන් ඩිජිටල් කැමරා නිෂ්පාදනයේ දෙවන විශාලතම නිෂ්පාදකයා වුවත් යම් ගැටලුකාරී තත්වයන් හේතුවෙන් එම අවධියේදී ඔවුන් ඩිජිටල් කැමරා සහ වෙනත් ඩිජිටල් රූප නිෂ්පාදන නිෂ්පාදනය නොකරන බව නිවේදනය කිරීමත් සමග Kodak 2012 ජනවාරි මාසයේදී බංකොලොත් භාවයට පත් ව තිබුණි.  

ඒ වගේම තමයි තවත් ආයතනයක් තමයි Polaroid Corporation කියන්නේ. 1937 දී Edwin H. Land විසින් ආරම්භ කරන ලද Polaroid කැමරාවෙන් instance snap එකක් ගන්න පුළුවන්. පින්තූරයක් ගත්තම ඒ පින්තූරය කැමරාවෙන්ම මුද්‍රණය වෙනවා. මේ තාක්ෂණය තිබ්බ එකම ආයතනය තමයි පොලරොයිඩ් කියන්නේ. මෙය 1980 වර්ෂය තෙක් පවත්වාගෙන ගොස් තිබේ. 

1978 වර්ෂය පමණ වන විට මෙම ආයතනය තුළ සේවකයින් 20000ක් පමණ සිට තිබේ. 1991 මෙම ආයතනයේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 3ක්. එවකට පැවැති විශාලතම ආදායමක් උපයාගත්  ව්‍යාපාරයක් ලෙස මෙය නම් දරා තිබේ.

කෙසේ වෙතත් මේ අවධියේ ඩිජිටල්කරණය ලෝකය තුළ ක්‍රියාත්මක වීම ආරම්භ වූ අතර මෙම ආයතනයේ දෙකේම ප්‍රධානීන් තාක්ෂණික වෙනසට අනුගත නොවී සිය ආයතනයේ ක්‍රියා කටයුතු  පවත්වාගෙන යාමට කටයුතු කොට තිබුණි.

මෙලෙස ඩිජිටල් තාක්ෂණයට අනුගත නොවූ  කොඩැක් හා පෝලරොයිඩ් ආයතන දෙකම බංකොලොත් භාවයට පත් වූ අතර ඔවුන්ගේ ව්‍යාපාර 2000 වර්ෂය වෙනකොට වසා දැමීමට කටයුතු කොට තිබුණි.

මෙලෙස ඩිජිටල්කරණය ලෝකය වැළඳ ගැනීමත් සමග ඩිජිටල් පරිවර්තනය (digital transformations) කෙරෙහි ද ලොව බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

ඩිජිටල් පරිවර්තනය පිළිබඳ නිර්වචනය කිරීමේදී ඩිජිටල් පරිවර්තනය යනු පවතින සාම්ප්‍රදායික සහ ඩිජිටල් නොවන ව්‍යාපාරික ක්‍රියාවලි සහ සේවා  පරිවර්තනය කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

මේ පිළිබඳව තවත් තවදුරටත් අදහස් දක්වනවා නම්,  සාමාන්‍ය ලිපිගොනු පරිගණකය භාවිතයෙන් ඩිජිටල් කරනයට පරිවර්තනය කිරීම තමයි Digital Transformation නමින් අප හඳුන්වා දෙන්නේ. ලංකාවේ සාම්ප්‍රදායික ආයතනය තුළ මෙම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සමග කටයුතු කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් බවට පත්ව තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව ඔවුන් ඊට අනුගත නොවීමයි.

මෙම ඩිජිටල්කරණය ලෝකය සහ ලංකාවේ  භාවිත කිරීමට ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ කොවිඩ් වසංගත. කොවිඩ් සමය ලොව පුරා ව්‍යාප්තව පැවැති එම කාලය තුළ බොහෝ දෙනා බැංකු කටයුතු වෙළඳ කටයුතු අධ්‍යාපනය ආදි  සියල්ලක්ම නිවසේ සිට  සිදු කිරීම තුළ එනම් work from home , online education, online shopping යන  සංකල්පය මත ක්‍රියාත්මක කිරීම තුළ  ලිපි ගොනු මත කටයුතු කිරීම පසෙකලා නිවසේ සිටම සිය කටයුතු සිදු කර ගැනීමට ඩිජිටල්කරණයට යොමු වුණා. ජංගම දුරකථන භාවිතය වැඩි වුණේ එම අවධියේ දීය. online අධ්‍යාපනය තුළින් පාසල් දරුවන්ද ජංගම දුරකථනය හා පරිගණකය භාවිතය විශාල වශයෙන් මෙම අවධිය තුළ වැඩිවුණා. එමෙන්ම  QR කෝඩ් වලින් මගින් ගනුදෙනු කිරීමටද මිනිස්සු එම අවධිය තුළ යොමු විය.

එම තාක්ෂණය උපරිමයට භාවිත කරන්න පුළුවන් අවස්ථාවක් ආවේ කොවිඩ් සමය තුළ කිව්වොත් නිවැරදියි.

නව තාක්ෂණය ව්‍යාපාරික ලෝකයට මෙන්ම සමාජය තුළට කාවැදීමත් සමඟ අදවන විට ව්‍යාපාරික කටයුතුවල මෙන්ම මිනිසුන්ගේ ජීවන රටාව ද  තාක්ෂණය සමග මුසු වී තිබෙන බව මින් පැහැදිලි වේ.

එසේ නම් මෙකී නව තාක්ෂණය පිළිබඳව ලබන සතියේදී අප ඔබත් සමග සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ තාක්ෂණය කළමනාකරණය කිරීමේ දී එහි සඳහන් සංකල්ප කිහිපයක් පිළිබඳවයි.

සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත

Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.

සැකසුම – බිනාලි රාජපක්ෂ

Similar Posts