
වර් තමානයේ අපේ රටේ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු ප්‍රභේදය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බවට මේ දිනවල සෞඛ්‍ය අංශ අනතුරු හඟවා තිබෙනවා. මේ වනවිට ඩෙංගු රෝගීන් වාර් තා වීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මේ වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා පමණක් ඩෙංගු රෝගීන් 28446 ක් වාර් තා වී තිබෙනවා. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 49% ක්.
| මාසය | වාර් තා වූ රෝගීන් සංඛ්‍යාව |
| ජනවාරි | 8963 |
| පෙබරවාරි | 6709 |
| මාර් තු | 6419 |
| අප්‍රේල් | 6355 |
| මුළු එකතුව | 28446 |
| දිස්ත්‍රික්කය | රෝගීන් ප්‍රමාණය | ප්‍රතිශතය |
| ගම්පහ | 6352 | 22.3% |
| කොළඹ | 5935 | 20.8% |
| කළුතර | 1651 | 5.8% |
මෙම මුල් මාස හතර තුළ පසුගිය වසරට වඩා 1/3ක් පමණ රෝගීන් වාර් තාවීම ඉහළ මට්ටමක පවතිනවා. විශේෂයෙන් ම රෝගීන් සතිපතා වාර් තාවීම පසුගිය වසරට වඩා ඉහළ අගයක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. මේ වන විට සතියකට ඩෙංගු රෝගීන් 1800 ක් පමණ වාර් තාවන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙනවා. මින් 50% ක් ම බස්නාහිර පළාතෙන් වාර් තාවී තිබෙනවා. අපේ සෞඛ්‍ය ධාරිතාවන් අනුව සතියකට රෝගීන් 500- 800ක් පමණ පාලනය කරගත හැකි මට්ටමක පැවතුන ද මේ තත්ත්වය සෞඛ්‍ය අංශයට ද ප්‍රබල අර් බුදයක්. මේ වසරේ මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ගෙන් 15 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.
ජනවාරි මස සිට ම ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළ අගයක පැවති අතර මේ දිනවල පවතින මෝසම් වැස්සත් සමඟ මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය විය හැකි බව ජාතික ඩෙංගු මර් දන ඒකකය පෙන්වා දෙනවා. මෙහි ඛේදනීයම තත්ත්වය වන්නේ දැනට වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් ම පාසල් යන වයසේ දරුවන් වීමයි. මෙයින් ගම්‍යවන්නේ පාසල් තුළ ද ඩෙංගු ව්‍යාප්තිය පවතින බවයි. දරුවන් පාසල් තුළ ගතකරන කාලය අනුව එය ඩෙංගු මදුරුවාගේ දෂ්ඨනයට ලක්විය හැකි වේලාවන් වන බැවින් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමෙන් වළක්වා ගැනීමට කඩිනම් ක්‍රියා මාර් ග ගතයුතුය. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දැනටමත් පාසල් තුළ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර පාසල් ඩෙංගු මර්දන කමිටු මෙන්ම දෙමාපියන් , ගුරුවරුන් සියලුදෙනා ම රජයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන තුරු නොසිට කඩිනමින් දරුවන් ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතුය. මේ දිනවල පවතින වැස්සත් සමඟ එළිමහන්භූමි පිරිසිදු කිරීම් අතපසු විය හැකි බැවින් ඒ පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. වැස්ස සමඟ එළිමහන් කෙරෙහි අවධානය යොමු කරන විට වැස්සට කිසිදු සම්බන්ධයක් නොමැති නිවසේ ඇතුළත පුංචි වතුර බිඳක ඩෙංගු මදුරුවාට නිවහනක් විය හැකියි.

මෙම තත්ත්වය මනා ලෙස අවබෝධ කරගෙන මෙම වසංගත තත්ත්වයෙන් ගැළවීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ඉවතලන නොදිරන ද්‍රව්‍ය වන ප්ලාස්ටක් පොලීතීන් වැනි දේවල් මෙන්ම වතුර ගබඩා කරන ස්ථාන , ටැංකි ,බූලි ,බැරල් ,උද්‍යාන අලංකරණ ,ටයර් ,වැහිපීලි යනාදිය ප්‍රධාන වශයෙන් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හදුන්වන්න පුළුවන්. මේවා පිරිසිදු කර තබා ගැනීම තමාගේ මෙන්ම අන් අයගේ ද සෞඛයට හිතකර වෙනවා.
මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවත්වා ගෙන යන්නන් වෙනුවෙන් නඩු පැවරීමේ හැකියාව පවතින අතර මේ වනවිට සියලුම සෞඛ්‍ය ඒකක ඒකාබද්ධව ඩෙංගු මදුරුවන් පවත්වාගෙන යන ස්ථාන පරීක්ෂාවන් ද සිදු කරගෙන යනවා.
ඩෙංගු රෝගය යනු වෛරසයකි. ඒ සඳහා ප්‍රතිකාර නොමැති බැවින් රෝගය තමන්ගේ ශරීරය තුළට පැමිණීම නතර කරගැනීම ඉතාම වැදගත් වනවා.ඒ සඳහා තම නිවස , නිවස අවට මෙන්ම සේවාස්ථානවල මදුරුවන් බෝවන ස්ථානවලට ඉඩ නොතබා තමන් මෙන්ම අන් අයගේ ද ජීවිත සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම රටක පුරවැසියන් වශයෙන් සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකමක් ද වනවා.
ඉරේෂා මධුරකාවිනී
