A-Park Sri Lanka ” ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාව තුලින් අද තොරතුරු සාකච්ඡා කරනු ලබන්නේ “බිම්මල් වගාව” පිළිබඳවයි.
අතීතයේ පටන්ම බිම් මල් ඉතා රසවත් ආහාරයක් ලෙස අපේ රටේ ජනතාව අතර ප්‍රචලිතව පැවති අතර ආහාරයට ගතහැකි බිම්මල් වර්ග කිහිපයක්ම අපේ රටේ දක්නට ලැබේ.බිම්මල් යොදාගනිමින් ඉතා රසවත් සහ පෝෂණයෙන් පිරි ආහාර වර්ග පිළියල කරගත හැකිය.බිම්මල්පෙති බැදුම ,බිම්මල් කට්ලට්,බිම්මල් රෝල්ස්, බිම්මල් සුප් වැනි ආහාර වර්ග කිහිපයක් නිදසුන් ලෙස දැක්විය හැකිය.එලෙස එදිනෙදා පරිභෝජනයට ගතහැකි ආහාරයක් ලෙස පැවති බිම්මල් A- Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය තුලින් නිවැරදි ,නවීන තාක්ෂණික උපදෙස් සහ ක්‍රමවේදයන් ඔස්සේ යමින් ඉතා සාර්ථකව ලංකාවේ ප්‍රදේශ කිහිපයකම බිම්මල් වගාවක් ලෙස මේ වනවිට සිදුකෙරෙමින් පවතී.

ගෘහාශ්‍රිතව කුඩා ඉඩකඩක අවම පහසුකම් සහිතව මෙතෙක් කාලයක් සිදුකරමින් පැවති බිම්මල් වගාව මේ වනවිට ඉහල ආදායමක් ඉපයිය හැකි තරමේ සාර්ථකත්වයක් කරා ඔසවා තැබීම වෙනුවෙන් A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය තුලින් නොමද දායකත්වයක් ලැබේ.කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ A- park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය තුලින් මේ වන විටත් ඉපලෝගම ප්‍රදේශයේ ඉතා සාර්ථක අන්දමින් බිම්මල් වගා ව්‍යාපෘතියක් සිදුකරගෙන යනු ලබයි.ඒ අනුව නවීන තාක්ෂණය සමග අත්වැල් බැදගනිමින් වගා ගෘහ හතලිහක් තුල බිම්මල් වගාව සිදුකරනු ලබන අතර එම වගා ගෘහ හතලිහ සදහා අවශ්‍ය වන පැල නිෂ්පාදනය කරගැනීමට පොදු මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත.මෙලෙස වෙනම මධ්‍යස්ථානයක් තුලදී සකස් කරගන්නා ලද කුඩා බිම්මල් පැල සුදුසු කාලය එළඹීමෙන් පසුව වගා කටයුතු සදහා ගොවීන්ට ලබාදෙයි.අනතුරුව එම බිම්මල් පැල නිවැරදි තාක්ෂණික ක්‍රම සහ උපදෙස් අනුව වගා කිරීම තුලින් ඉහල අස්වැන්නක් ලබාගැනීමට ගොවීන්ට හැකියාව ලැබේ.
බිම්මල් වගාව සදහා වෙනම සකස්කර තිබෙන වගා ගෘහයක් තුල බිම්මල් පැල බෑග් 3500-4000 ත් අතර ප්‍රමාණයක් තැබිය හැකි අතර මාසික ආදායම ලෙස ආසන්න වශයෙන් රුපියල් 80000- 100000 ත් අතර මුදලක් ලබාගත හැකිවේ.A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මැදිහත්වීම තුලින් සාම්ප්‍රදායිකව සිදුකල බිම්මල් වගා කිරීමේ ක්‍රමවේදය වෙනුවට වගා මල්ලක් සකස් කිරීමට නවීන තාක්ෂණික උපකරණ සපයා දී තිබෙන අතර පොදු මධ්‍යස්ථානයක් තුල මෙකී මූලික කටයුතු සියල්ල සිදුකරන බැවින් අමතර රැකියා අවස්ථා කිහිපයක්ද ඒ තුලින් උත්පාදනය වේ.එමෙන්ම මේ වන විට ඉපලෝගම ගම්මානයට වගා ගෘහ විස්සක්, නාච්චදූව ප්‍රදේශයට වගා ගෘහ දහයක්, රාජාංගනයට වගා ගෘහ දහයක් ද ලබා දී තිබේ. මෙම වගා ගෘහ වල විශේෂත්වය වන්නේ අමානෝ ශීට් යෙදූ වහල වලින් යුක්ත වීමයි.

මෙම වගාකටයුතු සදහා ඇමරිකන් ඔයිස්ටර්, මාකදුර ඔයිස්ටර්, ටැබලෝනි යන බිම්මල් වර්ග යොදාගනු ලබයි.මේ අතරින් මාකදුර ඔයිස්ටර් යන බිම්මල් විශේෂයෙන් 250g බරක් තරමට විශාල ලෙස වැඩුණු බිම්මල් පවා අස්වැන්න ලෙස ලබාගැනීමට හැකිවී තිබේ.මේ වනවිට වගාකරුවන් අතර වැඩිපුරම ප්‍රචලිතව ඇත්තේ ඇමරිකන් ඔයිස්ටර් නමින් හදුන්වන බිම්මල් විශේෂයයි.
එමෙන්ම රණජයපුර ප්‍රදේශයේ වානේ රාක්ක වල බිම්මල් වගා කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර මෙහිදී බිම්මල් වගා කිරීම සදහාම සකසන ලද වගා මාධ්‍යය සහිත මලු නිෂ්පාදනය කිරීම ද සිදුකරයි.මෙහිදී ප්‍රධාන මාධ්‍යය ලෙස ලී කුඩු යොදාගනු ලබන අතර ඊට අමතරව සහල් නිවුඩු , ප්‍රෝටීන් මාධ්‍යයක් ලෙස සෝයා පිටි, මැග්නීසියම් සල්ෆේට් යොදාගනී.මේවා නිශ්චිත ප්‍රමාණයන්ගෙන් යෙදියයුතු අතර විශේෂයෙන්ම හුණු අළු, ප්ලාස්ටොෆ් පැරිස් භාවිතය තුලින් මෙම මාධ්‍යයේ තිබෙන බන්ධනය හොදින් සකස්කර ගැනීමට හැකිවේ.මෙම සියල්ල යන්ත්රාණුසාරයෙන් හොදින් මිශ්රකරනු ලබන අතර ඒ සදහා ජලය ද එක්කරනු ලබයි.
මෙම මිශ්‍රණය අවශ්‍ය පමණට මිශ්‍ර වීඇත්දැයි පරීක්ෂා කිරීමට සරල උපක්‍රමයක් භාවිතා කරයි.මෙම මිශ්‍රණය සැකසීමෙන් පසු ඉන් ස්වල්පයක් අතට ගෙන හොදින් මිට මෙලවූ පසුව මිශ්‍රණය විසිරීයයි නම් එය අවශ්‍ය ආකාරයට සැකසී නොමැත.එලෙස මිටට ගත් පස් මිශ්‍රණය හොදින් ගුලියක් ලෙසම පවතී නම් එම අවස්ථාව ද වගාවට නුසුදුසු සේ සලකනු ලබන අතර අදාල පස් මිශ්‍රණය මිටට ගත් විට කොටස් 2,3 කට කැඩී යයි නම් එම මිශ්‍රණය වගාව සදහා යොදගැනීමට සුදුසු තත්වයේ පවතින බවට තීරණය කරයි.
එසේ සකස් කරගත් මාධ්‍යය නලයක් ඔස්සේ ගෙනගොස් පොලිතීන් බදුන් වලට එක්කරනු ලබයි.මෙම යන්ත්‍රය අර්ධ යාන්ත්‍රිකව ක්‍රියාත්මකවන අතර ඒ සදහා මිනිස් ශ්‍රමය ද අවශ්‍ය වේ.මෙම එක් පොලිතින් බදුනකට මිශ්‍රණයෙන් 900g-1000g අතර ප්‍රමාණයක් එක්කරනු ලබයි.ඉන් පසු මෙය ඉතා හොදින් සීල්කර ඊළග පියවර කරා යොමුකරයි.මෙලෙස සකස්කරනු ලබන වගාමලු සියල්ලම සෙල්සියස් අංශක100 ජල වාශ්පයෙන් පැය 3ක පමණ කාලයක් තම්බා ගනුලබයි.ඒ සදහා බොයිලේරුවක් භාවිතා කරයි.එමගින් අපේක්ෂා කරන්නේ මෙම වගා මාධ්‍යය සැකසීමට භාවිතාකල ලී කුඩු වැනි ද්‍රව්‍යය හරහා දිලීර ආසාදන ඇතිවිය හැකි බැවිනි.මෙලෙස 100% දිලීර එඅලින් තොර නිදහස් මාධ්‍යයක් ලෙස සකස්කරනු ලබන මෙම වගා බදුන් තුල බිම්මල් බීජ තැම්පත්කරනු ලබන්නේ ඉන් පසුවයි.ජීවානුහරණය කිරීමෙන් පසුව මෙම වගාමලු සිසිල් කිරීම සිදුකරයි.ඉන්පසුව මෙම මලු තුලට බිම්මල් බීජ එක්කරයි.මෙම ක්‍රියාවලියේදී හැකිතාක් දිලීර ආසාදනයන් ඇතිවීමට තිබෙන ඉඩකඩ පාලනය කරගැනීමට කටයුතු කලයුතුයි.
ඉන්පසුව බිම්මල් බීජ තැම්පත් කල වගාමලු වානේ රාක්ක මත තැම්පත් කරනුලබයි.අනතුරුව එම බිම්මල් බීජ වගා මලු තුල වර්ධනයට වීමට ඉඩහරිනු ලැබේ.මේවා වර්ධනය වීමට සාමාන්‍යයෙන් දින 30ක පමණ කාලයක් ගතවූවත් වර්ෂා කාලයේදී දින 20-25ත් අතර කාලයකින් වර්ධනය සිදුවේ.අවසානයේ ගොවීන් අතට පත්වන්නේ එලෙස වර්ධනය වී අවසන් වූ බීජ මල්ලකි.
උතුරුමැද පළාතේ ඉපලෝගම DL1b කෘෂි පාරිසරික කලාපයට අයත් වන අතර වාර්ෂික වර්ෂාපතනය 900mm පමණ වේ.ප්‍රධාන වශයෙන් ඔක්තෝබර්, නොවැම්බර් , දෙසැම්බර් මාසවල වර්ෂාපතනය වැඩි වශයෙන් දක්නට ලැබේ.මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ රතු දුඹුරු පසයි.මේ වනවිටත් මෙම ප්‍රදේශයේ බිම්මල් වගාවෙන් හොද ආදායමක් ලබන වගාකරුවන් සිටිති.
A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් බිම්මල් වගාවේ යෙදෙන ගොවීන් දිරිගැන්වීම සදහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් බොහොමයක් සපයා දී තිබේ.ඒ අනුව ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, වගා ගෘහ මෙන්ම්ස් බිම්ම්ල් බීජ නිෂ්පාදනය සදහා සකස්කරනු ලබන මිශ්‍රණය සහිත මලු වල සම්පූර්ණ අධීක්ෂණ කටයුතු ද මේ හරහා සිදුකරනු ලබයි.එමෙන්ම පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කරයි.එමෙන්ම ස්ථාවර ලෙසම බිම්මල් වගා ගෘහ සකස්කර දී තිබෙන අතර කෘමි ප්‍රතිරෝධී දැල් වලින් මෙම ගෘහ මුළුමනින්ම ආවරණය කර තිබේ.මේ ආකාරයට සකස් කරගන්නා ලද වගා ගෘහ තුල ඉතා සාර්ථක අන්දමින් බිම්මල් වගාව සිදුකෙරේ.
මෙහිදී විශේෂයෙන්ම සදහන් කලයුතු කරුණක් වන්නේ බිම්මල් වගාව සදහා වැඩි වශයෙන් යොමුවී සිටින්නේ කාන්තාවන් වීමය.රටේ ආර්ථිකයද පසුබෑමකට ලක්වී තිබෙන මෙවන් සමයක නිවසේ කටයුතු,දරුවන්ගේ කටයුතු සිදුකරන අතරම සාර්ථක අමතර ආදායම් මාර්ගයක් ලෙස බිම්මල් වගාව අපේ රටේ ගෘහ ආර්ථිකය නැංවීමට ලබාදෙන දායකත්වය සැමට මහත් අස්වැසිල්ලක් වනු ඇත.
– සටහන-
ප්‍රාර්ථනා හපුආරච්චි
සංවර්ධන නිලධාරී
