දුක් කම්කටොළු රැසක් මැද අභියෝග බාධක ජය ගනිමින් ජීවිතය ගත කරන කාන්තාවන් සමාජයට මහත් ශක්තියක්. එලෙස දිවි ගෙවන කතුන් අතරින් ස්වයං රැකියාවක් වෘත්තීය කරගනිමින් දිවි ගෙවන සොඳුරු කතක් අද අපට මුණගැසුණා.
ඇය නමින් ඉදුනිල් කෞශල්‍යයා දිසානායක.
මේ කතා බහ ඇය සමගයි.
මුලින්ම අපි ඔබ ගැන කතා කරමු
ගොඩාක් සංවේදී, පරිත්‍යාගශීලි, සැහැල්ලුවෙන් ඉන්න, කටකාර චරිතයක්. මම නමින් ඉදුනිල් කෞශල්‍යයා දිසානායක. පදිංචිය ගල්කිස්සේ . පවුලේ හුරතලේට හැදුණු එකම ළමයා.පාසල් ගියේ බෞද්ධ බාලිකා මහා විද්‍යාලයට. පාසලේ කැපී පෙණුනු චරිතයක් .විවාහකයි. දැන් ආදරණීය දියණියගේ මවක්.

මොකක්ද මේ කියුටිෆලයි කියලා ඔබ හඳුන්වා දීලා තියෙන්නේ,
Cuteefly කියන්නේ මගේ Facebook page එක . අපේ හැකියාවන් ලෝකයා අතරට ගෙනියන්න හදපු මගක්.
මේ දිනවලදී වැඩි ඉඩක් වෙන්කරලා දීලා තියෙන්නේ ඉටිපන්දම් නිර්මාණවලට.

මුලින්ම කියන්න ඕන අපේ රටේ වගේම විදෙස් රටවලට ද මම ඉටිපන්දම් අපනයන කරන නිසා ඕනෑම කෙනෙකුට ඇණවුම් කරන්න පුළුවන් .ඕනෑම විදිහකට අපි ඉටිපන්දම් නිර්මාණය කරනවා. සුවද සහිත , රහිත වගේම ඕනෑම ප්‍ර්‍රමාණයක් ,ඕනෑම පාටකින් නිර්මාණය කරනවා . ඒ වගේම ඕනෑම උත්සව අවස්ථාවකට(මංගල, උපන්දින ,අවමංගල) , නිවැස් අලංකරණයට, ආගමික උත්සව වලට, මායා වැඩවලට වගේ ඕනෑම දේකට. විශේෂම දේ තමයි පාරිභෝගිකයාට ඕනෑම විදිහට ඕනෑම ප්‍ර්‍රමාණයකින් ගන්න පුළුවන් වීම
මගේ facebook page- Cuteefly
මගේ දුරකතන අංකය 0778506066 වට්සැප්
Tik tok , Instagram මගිනුත් පුළුවන් . මම ආදරයෙන් ආරාධනා කරනවා මගේ page එක බලන්න , මාව follow කරන්න කියලා.

ඒ වගේම මම Cuteefly තුලින් ඉන්දියාව,ඩුබායි, කුවේට් , ඇමරිකාව වැනි විදේශ රටවල් වලටද ඉටිපන්දම් අපනයනය කරනවා.
තවත් විශේෂ දෙයක් තමයි cuteefly තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ කස්ටමර්ලා ගෙවන මුදලටත් වඩා උපරිමයෙන් ඒ භාණ්ඩ ලබා දෙන්න .ඒ ගැන මම කියනවටත් වඩා මගේ page එකේ feedback ,reviews බැලුවනම් හොදයි කියලා මම හිතනවා.

මෙවැනි ක්ෂේත්‍රයක් තුළින් ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට හේතුව කුමක්ද?
ඇත්තටම මම රැකියාවන් කරලා තියෙනවා. උදේ 8-5 කියන කාල රාමුවකට කොටුවෙලා එපා වුණු නිසා වගේම අපේ තියෙන හැකියාවන්වලට වටිනාකමක් දෙන්න ඕන නිසා . අපේම කියලා දෙයක් පටන් ගන්න හිතුවා. දැන් මානසික සුවයෙන් , ආසාවෙන් මෙම වෘත්තීය කරගෙන යනවා.මාසික පඩියක් ගන්නවට වඩා පාරිභෝගිකයගේ හිත සතුටු කලාම ඒ දේ මාරම සතුටු හැගීමක් ..වචන නෑ..
කොහොමද ඔබ මේ සඳහා පුහුණුවක් ලබා ගත්තේ,
මෙහෙමයි , කිසිම පුහුණුවක් නම් ලබා ගෙන නැහැ. අපිටම හිතුණු විදිහට, විවිධ අත්හදා බැලීම් කරලා පටන් ගත්තේ . කිසිම විදිහකින් කාගේවත් අනුකරණයක් නැහැ.මේ අපේම නිර්මාණ . ඒ ගැන හදවතින්ම සතුටුයි වගේම නිහතමානී ආඩම්බරක් දැනෙනවා.
මවකගේ භාරදූර කාර්යයත් සමග කවුද ඔබට මේ සදහා උපකාර වෙන්නේ,
ඇත්තෙන්ම මම ගොඩාක් කාර්‍යබහුල කෙනෙක්. මෙම නිර්මාණවලට අමතරව මම කුඩා ළමුන්ට අමතර පංති කරනවා . ඒ සියල්ල එක්ක මේක සාර්ථකව කරගෙන යන්න මට පොඩි කාලේදී වගේම ගොඩාක් උදව්වෙන්නේ මගේ අම්මා .මගේ හෙවණැල්ල වගේ.ඇය නැත්නම් අද මම මේ වගේ තැනක නැහැ. ඒ වගේම නොමද සහයක් මගේ ආදරණීය හස්බන් ලබා දෙනවා. ඔහුගේ තිබෙන රැකියාව මෙන්ම ව්‍යාපාර කටයුතුත් එක්ක මට කාලයක් වෙන්න කරන්න ඔහු අමතක කරන්නේ නැහැ. ඔහුගේ තිබෙන පළපුරුද්ද වගේම අත්දැකීම් එක්ක මට ඉදිරි මග පෙන්වන්නේ ඔහුයි. දැන් page එක තුලින් නිර්මාණය වන අලුත් නිර්මාණ ඔහුගේය.

කොපමණ කාලයක් ගත වෙනවද මේ ක්ෂේත්‍රයට පිවිසිලා,
මම පොඩි කාලේ ඉදලම අවුරුදු 5 වගේ ඉදලම මගේ සීයාගේ ආභාශයත් එක්ක , නිවසේ පරිසරයත් එක්ක ගොඩාක් නිර්මාණ අදහස් වගේම නිර්මාණ කලා. මගේ සීයාට වගේම මගේ අම්මටත්, මටත් දැක්කම දෙයක් අලුත් විදිහට හිතලා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හැකියාවත් එක්ක මගේම කියලා දෙයක් පටන් ගන්න ඕන කියලා මම හිතුවා.
මේ ඉටිපන්දම් හදන්න පටන් අරන් අවුරුදු 1 1/2 වගේ .

ඔබට මෙම හැකියාවට අමතරව ගීත ගායනය අපූර්ව හැකියාවක් තියෙන බව අපට අසන්නට ලැබුණා,
ඔව් , මම සංගීත විශාරද දක්වා ඉගෙනගෙන තියෙනවාන්. මම ගායනයට , වාදනයට ගොඩාක් කැමතියි . සංගීතයට අමතරම මම විවිධ පැතිකඩ ඔස්සේ විවිධ විශයන් ඉගෙනගෙන තියෙනවා.
ස්වයං රැකියා ක්ෂේත්‍රය තුළට පිවිසෙන නවකයින්ට ඔබ ලබා දෙන පණිවිඩය කුමක්ද?
ඇත්තටම 8-5 කාල රාමුවකට කොටුවෙලා , වෙනත් කෙනෙක්ගේ යටතේ වැඩ කරනවට වඩා තමන්ගේම කියලා ව්‍යාපාරක් පටන් ගන්න එක ගොඩාක් හොදයි . ඒත් අද තියෙන්නේම කාගේ හෝ අනුකරණයක්. තමන් අලුත් දෙයක් හිතලා , අලුතින් දෙයක් පටන් ගන්න පිරිස ඇත්‍තේම නැහැ. එතකොට පාරිභෝගිකයාට ඕන වෙන්නේ අලුත් දෙයක් නිසා , සාධාරණව අලුත් දෙයක් කරන්න පටන් ගන්න ඕන. එතකොට පැවැත්ම දීර්ඝකාලීනයි.
ඉදිරි වැඩ කටයුතු
මගේ Cuteefly page එක තව වැඩි දියුණූ කරගෙන ,අලුත් නිර්මාණ අරගෙන ඒම සහ Cuteefly කියන නම Unique brand එකක් සමාජගත කිරීමයි.තව පොඩි දෙයක් තියෙනවා .ඒක දැනට රහසක් .. ඉදිරියේදී කියන්නම්.
විශේෂ ස්තුතිය
මුලින්ම පොඩිකාලේ ඉදලාම මට විවිධ නිර්මාණ කිරීමට කියලා දීපු මගේ ආදරණීය මියගිය සීයාටත්. මගේ ආදරණීය මවටත් , මගේ ආදරණීය හස්බන්ටත් , මගේ ආදරණීය පියා සහ මගේ ආදරණීය ආච්චිටත් ගොඩාක් ස්තුතියි . ඒ වගේම වෙනමම පැතිකඩකට යොමුකල දේවිකා ලොකු අම්මාටත්, අවශ්‍ය භාණ්ඩ සපයා දුන් බුද්ධිකා ලොකු අම්මාටත්,පේජ් එක සැදීමට උදව් කල හරිනි නංගිටත්, ඔහුගේ සැමියාටත් ,මගේ යහළුවන් සහ මට ශක්තියක් වෙන පාරිභෝගිකයන්ටත් ගොඩාක් ස්තුතියි . ඒ වගේම මගේ page එකේ සිටින Followers ටත්, දිනෙන් දින ඉදිරියටම යන්න ගොඩාක් උදව් කර හැමෝටමත් ගොඩාක් ස්තුතියි . ඒවගේම මාව මෙවැනි වටිනා සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ කරගත් ඔබටත් ගොඩාක් ස්තුතියි . ඔබගේ අනාගතයට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.
සැකසුම – බිනාලි රාජපක්ෂ
