විටෙක තද වැසි ද තවත් දිනක ඉතාමත් තද රස්නයක් ඇති වෙමින් මේ දිනවල හිටි හැටියේම සිදුවන දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට ඔබටත් මටත් සිදු වී තිබෙයි.
මෙවැනි අවස්ථා වලදී අපගේ ශරීරය ද එම දේශගුණික තත්ත්වයට අනුව වෙනස් වෙයි. ඒ අයුරින් ඇතිවන ශාරීරික වෙනස්වීම් පාලනය සඳහා සුදුසු ආහාර පාන වර්ග පිළිබඳව අප මෙතැන් සිට විමසා බලමු.
1. සීනි කැකිරි

උණුසුම් කාලයේදී ආහාරයට ගත යුතු ආහාරයක් ලෙස සීනි කැකිරි හඳුන්වාදීමට පුළුවන්. අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාර වේලට නැතිවම බැරි රසවත් පලතුරක් විය.
ශරීරයේ උෂ්ණය අඩු කරන මුත්‍ර කාරක ගුණයෙන් යුක්ත වන මෙන්ම විෂහරණය ගුණයෙන් ද සමත් වන ශරීරයේ තත්ත්වය පාලනය කරන අපූරු පලතුරකි. රෝග බොහොමයකින් අපව ආරක්ෂා කර ගැනීමේ ගුණයෙන්ද යුක්ත සීනි කැකිරි අතුරුපසක් සහ පානයක් ලෙස සකසා ගත හැකිය.
සීනි කැකිරි පානය
1. ක්‍රමය
මුලින්ම සීනි කැකිරි ගෙඩියේ පිට පොත්ත ඉවත් කර සෝදාගන්න ඉන්පසු එහි ඇති ඇට ඉවත්කර කුඩා කැබලි වලට කපා ඉන්පසු හොඳින් බ්ලෙන්ඩ් කරන්න. අවශ්‍ය පමණට ජලය එක් කරගන්න. ඉන්පසුව එම මිශ්‍රණයට සීනි හා ලුණු අවශ්‍ය පමණට දමා දෙහි ගෙඩියක යුෂ ද ඊට එක් කොට රසවත් පානයක් සකසාගන්න. මෙම පානයට අයිස් කැට කිහිපයක් එක්ක ඉන් වඩාත් රසවත් කර ගත හැකිය.
2. ක්‍රඹය
සීනි කැකිරි 400gක්
බීටිරූට් හෝ කැරට් 200g
නිවාගත් වතුර කෝප්ප හතරක්
සීනි 75g ක්
ලුණු ස්වල්පයක්
සීනි කැකිරි හොඳින් සෝදා පොතු ඉවත් කර කැබලි වලට කපාගන්න. එයට නිවාගත් උණුවතුර කෝප්පයක් තුනක් ද දමා හොඳින් බ්ලෙන්ඩර් කර පෙරා ගන්න. බීට් රූට් හෝ කැරට් සුද්දකර සෝදා කුඩා කැබලි වලට කපා ඉතුරු වතුර කෝප්පය ද දමා ඊට දමා එය ද හොඳින් බ්ලෙන්ඩර් කර පෙරා ගන්න. ඉන්පසු වීදුරුවක් ගෙන එයට සීනි කැකිරි යුෂ 4/3 තුනක් දමන්න ඉතිරි 4/1 බීට්රූට් කැරට් යුෂ එක් කර ගන්න. එහිදී ඔබට අලංකාර පෙනුමකින් යුක්ත කැකිරි යුෂ පානයක් සකස් කරගත හැකිය.
එසේම හොඳින් ඉදුණු සීනි කැකිරි ගෙඩියක් ගෙන පොත්ත ඉවත් කොට සෝදා කපාගෙන එහි ඇට ඉවත් කරන්න. ඉන් පසුව කුඩා කැබලි වලට කපා භාජනයකට දමන්න. සීනි ගාගත් කිතුල් හකුරු එසේ නොමැතිනම් කිතුල් පැණි වර්ගයන්ගෙන් එක් වර්ගයක් එයට එකතු කර ඊට දෙහි යුෂ ස්වල්පයක් හා ලුණු එක් කොට කවලම් කරගන්න. මෙය ඉතාමත් රසවත් අතුරුපසකි.
සීනි කැකිරි ආහාරයට ගැනීම නිසා මානසික ආතතිය දුරු වෙයි. එසේම වකුගඩු ආශ්‍රිත රෝග සමනය කිරීම, ශරීරයේ දාහය නැති කිරීම, ශරීරයේ පවතින උෂ්ණාධික බව නිසා හටගන්නා මුත්‍රා ආසාදන, මුත්‍රා අඩස්සිය, ආදි රෝග තත්ත්වයන් දුරු කිරීම, රුධිරය පිරිසිදු කිරීම, අධික රස්නය නිසා ඇතිවන හිසරදය දුරු කිරීම, පිපාසය සංසිඳුවීම, සිදුකරයි.
විශේෂයෙන්ම ජලයේ ඇති බයිකාබනේට් වකුගඩු රැදීමට ඉඩ නොදී බැර ලෝහ ලෙස ඉවත් කිරීමේ හැකියාව ද සීනි කැකිරි සතුව පවතී. ස්වභාව දහමින් කාලයට ගැළපෙන අයුරින් ආහාරයට ඉතාමත් ගුණදායක ආහාරයක් වන සීනි කැකිරි ගුණ නොනසා ආහාරයට එක් කරගත යුතුය.
2. නීර මුල්ලිය

නීරමුල්ලිය කොළ
කැකුළු හාල්
සුදු ලූනු
රතු ලූනු
පොල් කිර්
ඉඟුරු
ලුණු
හොඳින් සෝදා ගත් නීරමුල්ලිය කොළ සිහින්ව කොටා එහි යුෂ මිරිකා ගන්න. පසුව කැකුළු හාල් ලිප තබා වතුර වැඩිපුර දමා බත බෙරි වන අයුරින් පිසගන්න. එසේ පිස ගන්නා විට සුදුලූනු, රතුලූනු, ඉඟුරු ආදිය එක්කර තැම්බෙන්නට හරින්න.
හොඳින් තැම්බුණු පසු පොල්කිරි හා නීරමුල්ලිය යුෂ එක් කොට අවශ්‍ය පමනට ලුණුද දමා ලිපෙන් බාගන්න.
නීරමුල්ලිය කොළ මැල්ලුම

නීරමුල්ලිය කොළ හොඳින් සෝදා වතුර බේරුණු පසුව සිහින්ව ලියා ගන්න. ගාගත් පොල් ටිකකට කහ, රතු ලූනු, අමු මිරිස් එක්කොට සිහින්ව අඹරාගන්න. ලුණු ස්වල්පයක් හා වතුර ස්වල්පයක් ද දමා අඹරා ගත් පොල් ටික මුලින්ම ලිප තබා මැළවෙද්දී එයට ලියාගත් නීරමුල්ලිය කොල ටික දමා ලිපෙන් බා ගන්න. කොළ දැමූ පසු වැඩි වේලාවක් මලවා ගන්න එපා. ලිපෙන් බා නිවුණු ලුණු පසුව ස්වල්පයක් එක්කර ගන්න.
ආයුර්වේදයට අනුව නිරමුල්ලිය හෙවත් ඉකිරිය යනු ශීත හා වීර ගුණැති ඔසුවකි. ඇස්වල ඇතිවන තුවාල සමනය කිරීම සඳහා ඉතාමත් ගුණදායකය. එහිදී නිරමුල්ලි ශාක්‍ය පුළුස්සා එම දුම් ඇල්ලීම සුදුසු බව ආයුර්වේදයේ සඳහන් වේ. ඌෂ්ණ දේශගුණික තත්ත්වයක් පවතින විට නිතර නිතර මුත්‍රා රෝග හටගනී. එහිදී ඇතිවන මුත්‍රා දැවිල්ලජ මුත්‍ර පිටනොවීම, මුත්‍රගල් ඇතිවීම ආදී රෝග සමනයට මනා ගුණැති ඇති ඖෂධයකි.
එසේම උණ රෝග සමනය කිරීමටද නීරමුල්ලි ශාකය ගුණදායක වේ. තවද මැලේරියාව අක්මාව ඉදිමීම වැනි රෝගීන් වලින් පසුව ඇතිවන රක්තහීනතාව මගහරවා ගැනීමට උපකාරී වේ. ගල් ඉවත් කිරීම සඳහා නිරමුල්ලිය මුල් පොතු කසාය ලෙස සකසා පානය කිරීමෙන් ද පොල්පළා හා නීරමුල්ලිය තැම්බූ ජලය ද මේ සඳහා ගුණදායක වේ.
උපදෙස් – වෛද්‍ය නිලධාරි අබයතිලක දේවගිරි
පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව
සටහන
අරුණි ජයසේකර
