ව්‍යාපාරයක සාර්ථකත්වයට අවශ්‍ය මූලික කරුණු

author
0 minutes, 23 seconds Read

අද අප බලාපොරොත්තු වන්නේ INCUBATOR නම් මෙම වැඩසටහන තුළින් ව්‍යාපාරයක සාර්ථකත්වයට අවශ්‍ය මූලිකම කරුණු මොනවාද යන්න පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමටයි.

අපි ව්‍යාපාරික කෝණයකින් දෙයක් දිහා බලද්දී අපේ පෞද්ගලික ජීවිතේ වෙන්න පුළුවන් ගෙදර කරන වැඩක් වෙන්න පුළුවන් පරිමාණ ව්‍යාපාරයක් යන මේ හැමදේකටම මූලික අරමුණු තුනයි තියෙන්නේ.

එම අරමුණු 3 නම්,

1. ආදායම් වැඩි කිරීම

2. වියදම් අඩු කිරීම

3. ව්‍යාපාරයේ පාර්ශවකරුවන් සතුටු කරන එක

මෙම අරමුණු තුනට තමයි අපි කරන මේ සියලුම දේ අන්තිමට සාරාංශගත වෙන්නේ.

උදාහරණයකට විදිහට,

පොඩි කඩයක් ගත්තොත් ඒ කඩේ සිටින මුදලාලි නැත්නම් online shop එකක් ගත්තොත් එම online  වෙළඳසැලක් කරන පුද්ගලයා සිය ව්‍යාපාරය දියුණු කරගන්න උත්සාහ කරනවා. එහි දී එම පුද්ගලයා අවධානය යොමු කරන්නේ තම ව්‍යාපාරයේ ආදායම වැඩි කරගෙන ලාභය ලබාගන්න සඳහා වියදම් අඩු කිරීමටයි. ඒ වගේම තමයි ව්‍යාපාරයක් ගත්තොත් ව්‍යාපාරයට පාර්ශ්වකරුවෝ ඉන්නවා. සේවකයන්, හිමිකරුවන්, රජයේ ආයතන වල නියාමනය වෙන දේවල් යන මේ හැම එකම අපි ගත්තොත් එහෙම එකී පාර්ශ්වකරුවෝ හැමෝම සතුටු කලොත් තමයි අදාල ව්‍යාපාරය සාර්ථක වෙන්නේ.

තවත් උදාහරණයක් ගත්තොත්,

අපගේ නිවසේ සිටින පවුලේ අයගේ ආදායම වැඩි කිරීම ,පවුලේ වියදම් අඩු කිරීම සහ ගෙදර අම්මා තාත්තා වෙන්න පුළුවන් දරුවෝ වෙන්න පුළුවන් අනෙකුත් පුද්ගලයින් වෙන්න පුළුවන්. මේ හැමෝම  සන්තෝසෙන් ඉන්නව නම් තමයි  ව්‍යාපාරය ගොඩක් සාර්ථක වෙන්නේ.

මෙම කාරණා අරමුණු තුනට තමයි හැම දෙයක්ම සිදුකළ යුත්තේ. මේ කරුණු හැරුණු කොට ගෙන  අනිත් හැම දෙයක්ම මේ කෝණය ඇතුලේ උප කොටස් විදියට තමයි අපි දකින්නේ.

එතකොට ව්‍යාපාරයක ලාභය වැඩි වෙනවා කියන එකේ අදහස් වෙන්නේ නෑ ආදායම වැඩිවෙනවා කියන එක. 

උදාහරණයක් විදිහට,

යම් ව්‍යාපාරයක කෝටියක් ආදායම තියෙනවා. එතකොට වියදම තියෙනවා කෝටියට වැඩියෙන් . එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාරයට ලාභයක් නෑ. ව්‍යාපාරයේ වියදම  අඩු වෙන්න ඕන ලාභයක් උපයන්න නම්. ඒ ඔක්කොම තියෙද්දි අපි හිතමුකෝ ව්‍යාපාරයේ පාර්ශ්වකරුවන්  සියලුම දෙනා නොසතුටින් කියලා. එතකොට ව්‍යාපාරය කිසිසේත් සාර්ථකව පවත්වාගෙන යන්න බැහැ.

ඒ වගේම,

විශ්ව විද්‍යාලයක් හෝ ඕනෑම අධ්‍යාපනය ආයතනයකටත් එකී ක්‍රියාවලියම තමයි. ඒක ලාභ ලබන්න නම් ශිෂ්‍යයන් වැඩි වෙන්න ඕන. වියදම් අඩු වෙන්න ඕන. එහි පාර්ෂවකරුවන් වන ශිෂ්‍යයෝ දෙමාපියෝ නියාමනය කරන ආයතන සතුටු වෙන්න ඕනේ

අපි දැන් මෙම වැඩසටහන තුළින් අද  කතා කලේ  ව්‍යාපාරයක් ප්‍රාථමික අවධියේ ඉඳලා කොහොමද දියුණු කර ගන්නේ කියලා.  එතනදි තමයි තේරුම් ගන්න ඕන පළවෙනි දේ ව්‍යාපාරය මූලික අරමුණු මොනවද කියන එක . මේ අරමුණු තුන එකිනෙකට ගලපගත්තොත් අපිට පුළුවන් ව්‍යාපාරයක් ගොඩක් දුර ගෙනියන්න.

ඒ අනුව ව්‍යාපාරයක් ලාභ ඉපැයූ පමණින්ම එකී ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් නොවන බව දැන් ඔබට පැහැදිලි වනු ඇත.

සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත

Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.

සැකසුම – බිනාලි රාජපක්ෂ

Incubator E03 : ව්‍යාපාරයක මුලික අරමුණු මොනවාද?

Link – https://www.youtube.com/watch?v=rnhCW671luw&t=187s&ab_channel=ColomboJournal

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa