එන්න මාත් එක්ක රසම රස කෑම ගොඩක් හදන්න…අලුත් දේ හොයන්න ආස අයට විශේෂයි….
අපි අද හදමු වෙජිටේරියන් අයට පොඩි ස්නැක් එකක්…. රසම රස කේක් එකක් වගේ…
බලමුකො මොනවද ඕනෙ කියලා…
- කෙසෙල් ගෙඩි 4/5ක් ( කෝලිකුට්ටු, ඇබුල් නම් ගොඩක් හොදයි..)
- පාන් පිටී 150g
- බේකින් පවුඩර් තේ හැදී 1ක්
- ආප්ප් සෝඩා තේ හැදි බාගයක්
- සීනී 150g
- වැනිලා තේ හැදි 1ක්
- රට ඉදි, පුහුල් දෝසි , කජු ස්වල්පයක්
- ඇස්ට්‍රා 150g
කෙසෙල් සුද්ද කරලා හොදින් පොඩි කර ගන්න යන්තම් කෑලි හැපෙන ගානට
ඉන්පසුව සීනී, බටර්, වැනිලා එකට මිශ්‍ර කරගන්න.
හැන්දක් ආධාරයෙන් කෙසෙල් හා හොදින් කවලම් කර ගන්න.
ඉන්පසුව බේකින් පවුඩර්, පිටි, සෝඩා හොදින් කවලම් කරගන්න.
සාදාගත් මිශ්‍රණ කවලම් කරගන්න. එයට වියලි පලතුරු (කුඩා කොටස් වලට කපා ගත්) ටිකත් එකතු කරගෙන එම මිශ්‍රණය බටර් ගෑ තෙල් කොලයකට දාලා කේක් තැටියකට දාගන්න. උඩින් කැමති නම් කජු දාලා සරස ගන්න පුලුවන්
අවන් එක විනාඩි 10 ෆ්‍රී හිට් කරලා 160 උශ්නත්වයේ විනාඩි 30 බේක් කරගන්න..
මැදට ටූත් පික් එකක් හෝ ඉරටු කැබැල්ලක් ගසා බලන්න..තෙත් ගතිය නැත්තන් හොදින් බේක් වී තියෙනවා ..
නිමුනම කෑලි කපා ගන්න….රසම රස තේ එකක් එක්ක රස බලන්න…

එහෙනම් හදලා බලන්නකො කොහොමද කියලා…මේ වගේ රස රෙසිපි බලන්න අලුත් දේ ඉගෙන ගන්න හැමදාම අපි එක්කම රැදිලා ඉන්න..
උපදෙස් –
දිලීකා දුල්රුක්ෂිනී

ප්‍රවීන කේක් නිර්මාන ශිල්පී….
0703384782
