බෑග් නිර්මාණ කලාවේ අළුත් දේවල් සමගින් ජීවීතය දිනූ ගෝමිකා

author
0 minutes, 0 seconds Read

ගෝමිකා දිල්හානි මිහින්තලේ පදිංචි නිර්මාණශීලි ව්‍යවසායිකාවක්. මිහින්තලේ නිවන්තචේතිය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ඇය Fashion Design විදිහට ඩුබායි රාජ්‍යයේ වසර 20 ක පමණ කාලයක් සේවය කළා.

ඉතා අඩු වයසේදී ඔබ විදේශගත වුනේ ඇයි..?
මගේ පියා අසනීප වුණා. ඉතින් පවුලක ආර්ථිකයට මගෙන් දායකත්වයක් අවශ්‍ය තැනදී ඒ කැපවීම සහ යුතුකම ඉෂ්ට කරන්න මම ඉදිරිපත් වුණා. මම විදේශගතව සිට උපයන මුදල් තාත්තාගේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ලබා දුන්නා. අද වෙන විට මගේ පියා ජීවතුන් අතර නැහැ. නමුත් දියණියක් විදිහට මගෙන් යම් යුතුකමක් ඉෂ්ට වුණා නේද කියන තෘප්ති යමට අදට ඉතිරි වෙලා තියෙනවා.

නැවත ලංකාවට ඇවිත්
මට පුංචි කාලයේ පටන්ම නිර්මාණ හැකියාව තිබුණා. මට මහන්න පුළුවන්. ඒ නිසා මම මුලින්ම කුෂන් කවර මහන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් ස්මොකිං මෝස්තර දාලා ඉතාම අලංකාර විදිහට කළා. ස්මොක් කිරීම ඉතා සියුම් කලාවක්. ඇස වෙහෙසෙනවා. නමුත් නිර්මානය ඉතාම විසිතුරුයි. මම ස්මොක් මෝස්තර 65 ක් දන්නවා. මේ විදිහට අලංකාර කුෂන් නිර්මාණය වුනත් ඒවා අලෙවි වුනේ නැහැ. කොටින්ම ව්‍යාපාරය අසාර්ථක වුණා. අන්තිමේදී මම ඒවා ඉතාම අඩු මිළට අලෙවි කළා.

ශිල්ප සභාවේ පාඨමාලාවකට සම්බන්ධ වුණා.
කුෂන් කවර ව්‍යාපාරය අසාර්ථක වුනත් මම ආපසු හැරුනේ නැහැ. ජාතික ශිල්ප සභාව මගින් පවත්වන ලද බතික් සහ බෑග් නිර්මාණ පාඨමාලාවන්ට මම සම්බන්ධ වුණා. ඒ ලද දැනුමෙන් බෑග් නිර්මාණය කිරීම මම තෝරා ගත්තා.
මම අත්යන්ත්‍ර රෙදි ගෙනත් බෑග් නිර්මාණය කරනවා. ගමන් මලු, කාන්තා අත්බෑග් , ආාහර ගෙන යෑමේ මලු, කාන්තාවන්ට අතේ ගෙන යා හැකි කුඩා මලු, පාසල් දරුවන්ට ගැලපෙන මලු ආදි විවිධ නිර්මාණ කරනවා.

මේ වෙනුවෙන් වෙළඳපොළ
අපි නිෂ්පාදනය කරන බෑග් අරගෙන ගිහින් ආයතනවලට අලෙවි කරනවා. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට විශාල සහයෝගයක් ලබා දෙනවා. බෑග් අලෙවියට වෙළඳ පොළ විතරක් නොවෙයි, ව්‍යවසායකයින් වෙනුවෙන් පවත්වන ප්‍රදර්ශන ආදියේදිත් මට අවස්ථාව ලබා දෙනවා.

මේ විදිහට අපේ ජංගම අලෙවිය සාර්ථකයි. අනුරාධපුරෙන් පටන් ගෙන පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගිරාඳුරුකෝට්ටේ සහ මහියංගනය දක්වා අපි මේ බෑග් අරගෙන යනවා. මිහින්තලේ රෝහලටත් අපේ බෑග් අලෙවියට ගෙනියනවා. මේ විදිහට ජංගම අලෙවියෙන් අපට වෙළඳපොළ ලැබෙනවා. අතපිට මුදලට වගේම ණයටත් අලෙවි කරනවා.

ඔබට ලැබුන සම්මාන ගැන.
මට ජාතික ශිල්ප සභාවෙන් පිරිනමන සම්මාන කීපයක් ලැබී තිබෙනවා. එම්බ්‍රොයිඩර් , ස්මාකිං සහ බෑග් නිර්මාණය වෙනුවෙන් සම්මාන ලැබී තිබෙනවා.

ඔබේ තවත් හැකියාවන් ගැනත්
මම ඩුබායි රාජ්‍යයේ කාර්යාලයේ සේවය කළ නිසාම මට භාෂා කීපයක් පුළුවන්. පකිස්ථාන්, බංගලාදේශ, අරාබි, හින්දි , මලබාර් වැනි භාෂා කථා කරන්න පුළුවනි. ඒ අතරින් හින්දි සහ මලබාර් භාෂා ඉතාම හොඳින් පුළුවනි.

මේ හැකියාවෙන් ඔබ ව්‍යාපාරයට යම් ප්‍රායෝජනයක් ගන්නවාද..?
ඔව් මම බෑග් නිර්මාණ කලාවේ අළුත් දේවල් ගැන යූ ටියුබ් ඔස්සේ සොයනවා. විදේශීය නාලිකාවල යන විස්තර මගින් මගේ බෑග් කලාවට අළුත් දෙයක් එකතු කරන්න පුළුවන්ද යන හැකියාව ගැන මට දැන ගන්න පුළුවනි.

ආනයනය කරන ලද බෑග් වල ඇති පහසුව කොහොමද?
අපේ රෙදි බෑග් කල්පැවැත්ම සහ එහා මෙහා අරගෙන යැමේ පහසුව තිබෙනවා. රෙදිවලින් නිර්මාණය කරන නිසා මිළ ඉහලයි. නමුත් ආනයනය කරන රෙක්සින් බෑග් අපේ රෙදි බෑග්වලට සාපේක්ෂව මිළ අඩුයි. ඒවායේ පසුවිපාක තිබෙනවා. මේ බෑග් බරයි. ඒ වගේම පාවිච්චියෙන් පසුව ඉවත දැමීම අපහසුයි. නමුත් අද බොහෝ දෙනො ඒ අවස්ථාවේ පවතින මිළ සංසන්දනය කරනවා මිසක් අනාගතය ගැනවත්, පරිසරය ගැනවත් හිතන්නේ නැහැ.

දැනට ඔබේ ව්‍යාපාරයට සහය ලබා දෙන්නේ
මගේ පවුලේ අය ගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. මගේ සැමියා කොළඹ රාජකාරි කළත් ඔහු පැමිණෙන දිනයන්හිදී මට විශාල සහයෝගයක් ලබා දෙනවා. මගේ අම්මා, ඒ වගේම මගේ ඥාති සහෝදරිය මට උදව් වෙනවා. මගේ බෑග් කර්මාන්තයට ඔවුන්ගෙන් සහයෝගය ලැබෙනවා. ඒ වගේම ඔවුන්ටත් යම් ආර්ථික ලාබයක් ලබා ගැනීමට පුළුවන්.

ඔබේ අනාගත අරමුණු ගැනත්
මම පාවහන් නිෂ්පාදනය කිරීමටත් අදහස් කර ගෙන ඉන්නවා. මට සාරි වැඩ දැමීම , මංගල ඇඳුම් නිර්මාණයත් පුළුවන්. ඒ වගේම දැන් බෑග් වෙනුවෙන් ඉල්ලුම අඩු වෙලා. දෙසැම්බර් මාසයේ පවත්වන නත්තල් සහ අවුරුදු පොළ වෙනුවෙන් මම ඉල්ලුම් කළා. එතැන මට ප්‍රදර්ශන කුටියක් ලැබෙනවා. ඒ වගේ අවස්ථාවලදී බෑග් වෙනුවෙන් හොඳ ඉල්ලුමක් ලැබෙනවා. මේ විදිහට මම මගේ ගමන යනවා.

මව්පියන්ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. ඔවුන්ගේ ජීවිතයේ ගොඩ නගා ගත් සාරධර්ම අනුව සොබාදහමෙන් පවා ඔවුන්ට ආශිර්වාද කරනවා. ගෝමිකා දිල්හානිටත් ඒ ආශිර්වාදය ලැබුණා. ඉතින් ඇගේ මේ ස්වයංරැකියාව තව තවත් දියුණු වේවා යැයි “ කලම්බු ජර්නල් ” වෙතින් සුබ පතන අතරම ඇගෙන් ඇනවුම් ලබා ගැනීමට අවශ්‍ය අයෙකු හෝ ආයතනයක් සිටිනවා නම් 0771605720 වට්ස්ඇප් අංකයෙන් සම්බන්ධ වෙන්න පුළුවනි.

සටහන –
සිල්වා, සී

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa