Cake පාඩම – 02

author
1 minute, 49 seconds Read

දෛනික ජීවිතයේ අප ලබාගන්නා ප්‍රණීත ආහාරපාන අතරේ කේක් වලට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. ලොකු කුඩා බාල මහලු කොයි කවුරුත් කේක් වලට දක්වන ඇල්ම අප්‍රමාණයි.

ඉතින් ඒ නිසාම කේක් ලෝලීන් වෙනුවෙන් වෙන් වු අපගේ සුවිශේෂී විශේෂ අංගයක් වන cake පාඩම ඔස්සේ අද අප සූදානම් වන්නේ දැනට භාවිතා කරන කේක් වර්ග වලින් කිහිපයක් සහ කේක් නිර්මාණයේ දී දැනට භාවිතා කරන icing වර්ග කිහිපයක් පිළිබදව ඔබට හදුන්වා දීමටයි.

දැනට භාවිතා කරන කේක් වර්ග වලින් කිහිපයක් මෙසේ හදුනා ගනිමු.

– Butter Cake –


– Butter Cake යනු බටර් , බිත්තර , සීනී , පිටි ප්‍රධාන අමුද්‍රව්‍ය යොදාගනිමින් සකසන ලද කේක් වර්ගයකි.

– Chocolate Cake –


– Chocolate Cake යනු බටර් , බිත්තර , සීනී , පිටි , කොකෝ පිට ප්‍රධාන අමුද්‍රව්‍ය යොදාගනිමින් සකසන ලද කේක් වර්ගයකි.

– Vanilla Cake –


– මෙම වර්ගයට අයත් කේක් සාදා ගන්නේ මාගරින්, වැනිලා , බිත්තර , සීනී , පිටි ප්‍රධාන අමුද්‍රව්‍ය කිහිපයෙනි.

– Sponge Cake
– Sponge Cake සදහා බිත්තර හා සීනි වැඩිවෙලාවක් beat කර එයට පිටි දමා සදාගනී. Gateau වරිග සැදිමට බොහොවිට යොදා ගනී.

– Marble Cake –

-වැනිලා කේක් හා චොකලට් කේක් zebra – striped ආකාරයට සරසා ගැනිමෙන් සාදනු ලබයි.

– Carrot Cake –


– ස්වභාවික carrot යොදා ගනිමින් සාදනු ලබයි. මෙය cream cheese frosting සමග පිලිගන්වනු ලබයි.

– Upside down cake –
– අන්නාසි , කෙසෙල් , පේයාස් , පීච් , ඇපල් , චෙරු වැනි පලතුරු තැටියේ යට ගොල්ඩන් සිරප් සමග අතුරා ඊට උඩින් වැනිලා හෝ බටර් කේක් මිශ්‍රනය දමා බේක් කර , අනිත් පැත්ත හරවනු ලබයි.

– Red Velvet Cake –


– ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස බටර්, සීනි , බිත්තර , කොකෝ පිටි , බටර් මිල්ක් , රතු වර්ණකාරක , පිටි යොදාගනී. Cream cheese frosting සමග පිලිගන්වයි.

– Pound Cake –
– බටර් , බිත්තර , සීනී , පිටි ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. මේ අමුද්‍රව්‍ය සියල්ගෙන්ම 450g බැගින් ගෙන මෙය සාදන අතර පළලින් අඩු දිගටි තැට් වල පුලුස්සනු ලබයි. Icing sugar උඩින් ඉස කැලි කපා පිලිගන්වනු ලබයි.

– Mud Cake –


– මෙම කේක් වර්ගය chocolate යොදා සාදන අතර තරමක් ගනකමින් යුක්තයි.

– Fudge Cake –

– යහමින් chocolate , කජු දමා සාදන මෙය තරමක් දැඩි නමුත් ඉතාමත් රසවත් වේ. Chocolate sponge සහ fudge මිශ්‍රනයෙන් මෙය සාදයි.

– Flavored Cake –


– Butter හෝ වැනිලා කේක් මිශ්‍රනයටම විවිධ ස්වභාවික හෝ කෘතිම රසකාරක දමා සාදනු ලබයි.

– Chiffon Cake –


– එලවලු තෙල් , බිත්තර , සීනී , පිටි ප්‍රධාන අමුද්‍රව්‍ය මෙම කේක් වර්ගය සදහා යොදාගැනේ.

– Fruit Cake –


– බටර් හෝ වැනිලා කේක් මිශ්‍රනයටම වියලී හෝ අමු පලතුරු හා කජු එකතු කර සාදයි.

– Cheesecake –


– cheese ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. බේක් කර හෝ සීත කල ලෙස cheesecake වර්ග දෙකකි. මිලෙන් ඉහල නමුත් ඉතා රසවත්.

– Brownie Cake –
– චොකලට් , පිටි , සිනි , බිත්තර ප්‍රධාන අමුද්‍රව්‍ය වේ.

– Cupcakes –
– එය සාදා ඇති විවිධ ප්‍රමාණයේ තැටි ඇත. එයට සුදුසු කඩදාසි වලින් සැදු කවරයක් දමා ඕනෑම කේක් මිශ්‍රනයක් එකතු කර බේක් කර icing කරනු ලබයි.

– Wedding Cake –
– ඉතා ඉහල අමුද්‍රව්‍ය , පලතුරු , කජු වැනි ද්‍රවය යොදාගෙන බේක් කර කැලි කපා මාසිපන් අයිසින් යොදා සරසාගනී. Rich cake යනුවෙන් හදුන්වයි.

– Eggless Cake
– බිත්තර රහිතව සාදන කේක් වර්ගයකි. බටර් , උකුකල කිරි, වතුර , පිටි එකතු කර සාදයි.

– Coffe Cake –
– බටර් හෝ වැනිලා කේක් මිශ්‍රනයටම කොපි එකතු කර සාදයි.

– Black Forest Cake –


– චොකලට් ස්පොන්ජ් කේක් යොදා ගනිමින් විපින් ක්‍රීම් යොදා අයිසින් කර ගනී.

– White Forest Cake –
– වැනිලා ස්පොන්ජ් යොදා ගනිමින් විපින් ක්‍රීම් වලින් සරසා ගනී.

– Birthday Cake –


– ඕනෑම කේක් වර්ගයක් icing කර කැමති ආකාරයකට , හැඩයකට සාදා උපන්දින සදහා යොදා ගනී.

– Bundt Cake –


– මෙයටම ආවේණික තැටියක් ඇති අතර මිශ්‍රනය එයට පුරවා බේක් කර අනිත් පැත්ත හරවනු ලබයි. මෙය ඩෝනට් හැඩයට සමානයි.

– Ice Cream Cake –
– ice-cream , ස්පොන්ජ් කේක් යොදා සාදනු ලබයි.

– Mousse Cake –
– ඉතා රසවත් මෙන්ම සිනිදු පුලුන් වැනි කේක් වර්ගයකි. අතුරුපසක් ලෙස පිලිගන්වයි.

– Swiss Roll –
– මෙම කේක් වර්ගයේ කේක් මිශ්‍රනය දිගටි උස අඩු තැටියකට දමා බෙක් කර උඩින් icing කර රෝල් කර ගනී.

– Rainbow Cake –


– Rainbow Cake බටර් හෝ වැනිලා කේක් මිශ්‍රනයටම පාට 7 ක් කලවම් කර සාදයි.

– Coconut Cake –
– පොල් , පැනි එකතු කර සදා ගන්නා කේක් වර්ගයකී.

– Rock Cake –


– ඉතා රලු කේක් වර්ගයකි. Rock bun ලෙසද හදුන් වයි.

– Banana Cake –
– කෙසෙල් එකතු කර ගනිමින් සදාගනි ලබයි.

– Tres Leaches –


– ස්පොන්ජ් කේක් එකටම කිරිවර්ග තුනක් එකතු කර විපින් ක්‍රීම් සමග පිලිගන්වනූ ලබයි.

මෙම කේක් වර්ග සියල්ලටම යොදා ගනු ලබන icing වර්ග කිහිපයකුත් මෙසේ හදුනා ගනිමු.

– Glace Icing –
– මෙම icing වර්ගය කේක් එක මතට වක් කර ගැනිමෙන් සරසාගනු ලබයි.

– Royal Icing –
– මෙම icing වර්ගය බිත්තර සුදුමද හා icing යොදා සාදයි.

– Butter Icing – butter හා icing යොදා සාදයි.

Flavored Icing – butter icing සදහා ස්වභාවික හෝ කෘතිම රසකාරක එකතු කර සාදයි.

– Fondant Icing – ජෙලටීන් , වතුර , ග්ලුකොස් සිරප් , icing දමා සාදයි , තුනී කර කේක් මත හෝ dummy එකක් මත තබා මට්ටම් කරගනී.

– Parchment Icing – මෙම icing වර්ගය ජෙලටීන් , වතුර , icing sugar යොදා සාදා තුනී කර යොදා ගනී.

– Whipped Cream Frosting – Whipping cream beat කර සදා ගනී.

– Cream Cheese Frosting – cream cheese , butter , icing sugar යොදා සාදයි.

මීට අමතරව,

French Butter Cream, Marzipan Icing, Caramel Icing, Swiss Meringue Butter Cream, Italian Meringue Butter Cream, Ermine Butter Cream, German Butter Cream, Ganache, Fudge Frosting යන icing වර්ග විවිධ රටවල සකසා ගනු ලබන icing වර්ග කිහිපයක් පවතී.

ලබන සතියේ දී අප සූදානම් වන්නේ Icing සාදා ගැනීම සහ ඒ සදහා භාවිත කරන Nozzles පිළිබදව ඔබට අවබෝධයක් ලබා දීමටයි.

ස්තූතියි…

සූපවේදි හා කේක් නිර්මාණ ශිල්පි 
ජනනු ද සිල්වා

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa