අත්කම් නිර්මාණයෙන් දිවි දිනූ ඇය

author
0 minutes, 1 second Read

අත්කම් කලාවට උපන් හැකියාව වගේම ඒ වෙනුවෙන් කැපවීමත් ඉතාම වැදගත්. එක අතකට අපේ උනන්දුව, කැපවීම තිබුනත් සියුම් කලාවන් වෙනුවෙන් වූ හැකියාවක් නැත්නම් එතැනින් අපුරු කලාවක් බිහි වෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, කලාව කොතරම් ඉහළින් තිබුනත් අපේ කැපවීම නැත්නම් එතැනත් නිර්මාණයක් නැහැ. මේ හැකියාව සහ කැපවීම බොහොම සමබර විදිහට අවහ්‍ය වෙනවා. කොටින්ම කරත්තයක රෝද දෙක සමාන්තරව තිබිය යුතුවා වගේම හැකියාව සහ කැපවීම් අවශ්‍ය වෙනවා.

ඉතින්.. ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දල පදිංචි ඇය කේ. වී හංසිකා. තවම වයස අවුරුදු 27 ක තරුණියක්. නමුත් ඇය මේ වයසේ සිටින සම වයස් කණ්ඩායම්වලට වඩා බෙහෙවින් වෙනස්. ඇය ව්‍යවසායිකාවක් විදිහටත් තමන්ගේ ස්වාධීන ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා. එහෙමනම් ” HS handiworks ” ව්‍යාපාරයේ නිර්මාතෘ හංසිකාගෙන් ඇගේ ව්‍යාපාරය ගැන විමසා දැන ගනිමු..

මම පුංචි කාලයේ ඉඳලාම අත්කම් නිර්මාණ කරන්න කැමැතියි. ඒ වෙනුවෙන් හැකියාවත් මට තිබුණා. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ අවසාන වුනාම මට විවේකයක් ලැබුණා. මම ඒ විවේකය කඩදාසි නිර්මාණ වෙනුවෙන් යොදා ගත්තා.

අම්මාගේ අකමැත්තක් තිබුනේ නැතිද…?
අපෝ නැහැ. ඇත්තෙන්ම කියනවා නම් අම්මා මට එදා උදව් නොවුනා නම් අද HS handiworks නමින් ව්‍යාපාරයක් නැහැ. බොහෝ මව්පියන් දරුවන්ගේ හැකියාවන් ඉදිරියිට ගෙන යන්න ධෛර්ය දෙන්නේ නැහැ. ළමයින්ගේ හැකියාවන් පටන් ගත්ත තැනින්ම නවතිනවා.

ඒ වුනාට ඔබේ අම්මා ඊට වෙනස්..
ඔව්. මගේ අම්මා නිර්මාණ කරන්න අවශ්‍ය A4 කොළ ගෙනත් දීලා මාව ධෛර්ය කළා. අදටත් මගේ නිර්මාණකරණයේදී දැවැන්ත ශක්තිය ඇය. ඇනවුම් ලැබුනාම මම ඒවා අවසාන කරන තෙක් ඇය නිදි නැතිව මා ළගම ඉන්නවා.

ඔබ ව්‍යාපාරයක් විදිහට මේ කඩදාසි නිර්මාණ පටන් ගත්තේ..
මම 2016 වසරේ පටන් විවිධ කඩදාසි නිර්මාණ කළා. ඒ වුනත් ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තේ 2018 වසරේදී. මට මේ විදිහට ව්‍යාපාරයක් කරන්න තවත් සහය ලබා දුන් අද ඉන්නවා. විශේෂයෙන් මෙතැනදී නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරීනිය සිහිපත් කරන්නම ඕන. “ දිරිය මං පෙත ” ව්‍යාපෘතිය යටතේ ඇය විසින් මගේ නිර්මාණ කරන්න අවශ්‍ය බඩු කටට්ලයක් ලැබුණා. මේ ඔස්සේ මගේ නිර්මාණ එකතුව වැඩි කර ගන්න අවස්ථාව ලැබුණා.
ඒ වගේම මම ඉතාම කෘතවේදීීව සිහිපත් කරන කවත් කීප දෙනෙක්ම සිටිනවා. මගේ කඩදාසි නිර්මාණ කලාව ගැන නොදත් බොහෝ දේ ඉගෙන ගත්තේ චූලනී ජයසිංහ ගුරු මහත්මියගෙන්. මම ගාල්ලේ ඉඳන් දුර කතර ගෙවා ගෙන ඇවිත් ඒ ශිල්ප ඉගෙන ගත්තා. එතුමිය නිසා මගේ නිර්මාණ කලාව හොඳින් මුවහත් වුණා.

ඔබට ඇනවුම් ලැබෙන්නේ..
මම ඔන්ලයින් විදිහට ඇනවුම් ලබා ගන්නවා. නමින් පිටුවක් තිබෙනවා. මගේ 0765642457 වට්ස්ඇප් අංකය ඔස්සේ ඇනවුම් ඉදිරිපත් කරන්න පුළුවනි.
ඒ වගේම මගේ ව්‍යාපාරය ඔන්ලයින් හරහා සිදු වෙනවා. ඇනවුම් ලැබුනාම ඒවා ඉල්ලන අයට ලබා දීම සිදු කරනවා. බොහෝ විට තැපැල් මගින් බෙදා හැරීම සිදු වෙනවා. මෙහිදී මත්තක තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා.

ඔබේ නිර්මාණ අයිටම් ගැන කිව්වොත්..
මම මේ වෙන විට විවිධ නිර්මාණ කරනවා. ඒවා ගැන කිව්වොත්..
■ කඩදාසි නිර්මාණ
■ සුභ පැතුම්පත්
■ කේක් සැරසිළි
■ කෘතිම මල් නිර්මාණ ( ෆෝම් ෂීට් )
■ සැහැල්ලු සුරතල් සතුන්
■ කුඩා දරුවන්ගෙ ්කාමර අලංකාර කිරීම ( අ්කක ිඑසජනැර ල ජදඑ පදඉසකැ )
■ මංගල ආරාධනා පත්‍ර
■ කේක් පෙට්ටි

ඔබ දැනට ලබා ගත් ජයග්‍රහණ ගැන කිව්වොත්…
මම නිර්මාණ ප්‍රදර්ශන ගණනාවකට සහභාගි වී තිබෙනවා. ඒවායින් ජයග්‍රහණ ලබා තිබෙනවා.
ඒ ගැනත් සඳහන් කරනවා නම්…
දකුණු පළාත් සභාව මගින් පවත්වන ලද සැහැල්ලු සුරතල් සතුන් නිර්මාණය කිරීමේ වැඩ සටහනෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තා.
2021 වසරේ වනිතාභිමාන තරගයේදී නැගී එන ව්‍යවසායිකාව ලෙසින් දකුණු පළාතේ 3 වන ස්ථානය දිනා ගත්තා
2022 වසරේ වනිතාභිමාන තරගයේදී නැගී එන ව්‍යවසායිකාව ලෙසින් දකුණු පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා
2022 වසරේදී කාන්තා දිනයට සමගාමීව පවත්වන ලද ව්‍යවසායක කාන්තාවන් අගය කිරීමේ වැඩ සටහනේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සාර්ථක ව්‍යවසායිකාව ලෙසින් මා තේරී පත් වුණා.

ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් ඇති දුෂ්කරතාවයන් ගැනත්..
ඔව්.. මේ ගමන පහසු නැහැ. ගල් බොරළු මැදින් ආ ගමනක්. දැනටත් මට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම , ඒවා ප්‍රවාහනය කිරීමේ ගැටළු තිබෙනවා. නමුත් මම ඒවා අභියෝග විදිහට භාර අරගෙන මගේ ගමන ඉදිරියට යනවා.

සටහන – සිල්වා, සී

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa