අසූව දශකයේ අග භාගයේ දී සෝවියට් සමූහාණ්ඩුව බිද වැටීම පසු පස සිටියේ ඊනියා පෙරොස්ත්‍රොයිකා ව්‍යාපෘතියේ නිර්මාතෘ සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් ජනාධිපති මීහායිල් ගොර්බෝචොප් ය.සෝවියට් දේශය කෑලි කෑලි වලට බෙදා වෙන් කිරීම ඇමෙරිකානු අධිරාජ්‍යයවාදීන් ගේ ඉතා සූක්ෂම උපායශීලි ක්‍රියාවක් බව මේ වන විට පැහැදිලි ය.සෝවියට් දේශය බිද වැටීමත් සමග ඉතිරි වූ විශාල භූමිය රුසියාව ලෙස ඉදිරියට ආවත් එහි අනුප්‍රාප්තිකයා වූයේ බටහිර ලැදි යෙල්ට්සින් ය.මීහායිල් ගොර්බෝචොප් ගේ ආශිර්වාදය මැද ජනාධිපති තනතුරු ට පත් වූ යෙල්ට්සින් රුසියාව හිගමනට පත් කළේ ය.රූබලය ඉතා දරුණු ලෙස අවපාතනයට ලක් විය.යුධ බලය ආගාධයට ගියේය.
සෝවියට් දේශය බිද වැටී තිබුණු ද සෝවියට් රහස් ඔත්තු සේවය වන කේජිබිය මෙම බිද වැටීම රිස්සුවේ නැත .කේජීබි යේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ පුටීන් කල එළි බසන්නේ මෙම සංදර්භය තුළ ය.
සෝවියට් දේශය බිද වැටුණු ද කේජීබි ට තවදුරටත් රුසියාව බලසම්පන්න රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ක් ඇත .පුටීන් හරහා නිර්මාණය වූයේ ඒ වටපිටාව ය.මෙය බොහෝ දේශපාලන විචාරකයන් ට එකල අවබෝධ කර ගැනීම අසීරු විය .සෝවියට් දේශය බිද වැටීමත් සමග තමන් ලෝකයේ සුපිරි සහ එකම බලවතා වන බවට තිබුණු ඇමෙරිකානු සිහිනය බොද වූයේ ද පුටීන් ගේ ආගමනයත් සමගය.
දේශපාලන විචාරකයින් බහුතරයක් එදා විශ්වාස කළේ නිරවි යුද්ධය අවසන් බවයි. තවත් සමහර විචාරකයින් විශ්වාස කළේ පුටීන් ගේ ධූර කාලය අවසන් වීමත් සමග රුසියාව යළිත් අස්ථායි රාජ්‍යයක් වන බවයි.
මේ සියල්ල හිතළු බවට පත් වී හමාරය.පුටීන් ට අඛණ්ඩව ජනාධිපති ධූරය දැරීමට හැකි වන පරිදි රුසියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම පුටීන් ගේ අවශ්‍යතාක් පමණක් නොව කේජීබි යේ ද අවශ්‍යතාවය කි.
සෝවියට් දේශය බිද වැටුණු ද කේජීබි ය නොනිල වශයෙන් රුසියාව පාලනය කරයි.අනාදිමත් කාලයක් තිස්සේ පැවති යුධ ශක්තිය දියාරු කිරීමට කේජිබි ය කිසි විටෙකත් ඉඩ ලබා දෙන්නේ නැත .
එදා සමාජවාදය සිය රාජ්‍යය පාලන මූලධර්මය ලෙස සලකන ලද මෙම රාජ්‍යය අද සිය පදනම ලෙස සලකන්නේ රුසියානු ජාතිකවාදයයි.
රුසියාව තුළ පුටීන් පාලනය ස්ථාපිත කිරීමේ එක් උපක්රමික සැලසුමක් වූයේ එරට බටහිර ගැති විපක්ෂය මර්ධනය කිරීමය.අද පමණක් නොව මතුවටත් රුසියාව තුළ බටහිර ගැති පාලනයක් ඇති වීමට කිසිදු ඉඩක් නැත .යුක්රේන අර්බූදයේ මූලාරම්භය ද යුක්රේනය තුළ නෙටෝව සනසන බටහිර ගැති පාලකයෙක් පත් කර ගැනීම ය.මෙය රුසියාව සලකන්නේ රුසියාව ට එරෙහිව සිදු කළ භයානක කුමන්ත්‍රණයක් ලෙස ය.
මෙම සංදර්භය තුළ පූටීන් ගෙන් පසුව ද රුසියානු ජාතික රාජ්‍යය ස්වකීය අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පෙරටත් වඩා ශක්තිමත් ලෙස ඉදිරියට ඇදෙනු ඇත .
එම නිසා රුසියාව එරෙහිව සිදු කරන කවර ක්‍රියාමාර්ගය ක වුවද ඉතා ලෙහෙසියෙන් නිශේෂධනය කිරීම සදහා රුසියාව ඉතා බරපතළ ප්‍රතික්‍රියා ඇති කිරීමට පසුබට නොවේ.
ඊනියා දේශපාලන විචාරකයන්ගේ හිතළු පුස්සක් බවට පත් කරමින් රුසියාව සිය ශක්තිය භාවිතා කර අවස්ථා රාශියක් පසුගිය වකවානුවේ දක්නට ලැබුණි.රුසියාව අස්ථාවර කිරීම ට උත්සාහ කිරීම නිශ්ඵල ක්‍රියාවක් බව අද වන විට බටහිර රටවල් අවබෝධ කර ගෙන ඇත .බටහිර ආර්ථික සම්බාධක මධ්‍යයේ වුවද රුසියාව ඉතා ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඉදිරියට ගමන් කරයි.පුටීන් ජීවත්ව සිටින රුසියාව ට වඩා පුටීන් නැති රුසියාව ශක්තිමත් වන බවට කිසිදු සැකයක් නැත .
නීතිඥ එස් .එම්.ජයසූරිය